ජනාධිපතිවරණයට තරග කරන අපේක්‍ෂකයන්ගේ සජීවී විවාදය ලබන 07 වැනිදා පැවැත්වෙයි.
මාර්තු 12 ව්‍යාපාරය මෙම විවාද මාලාව සංවිධානය කරයි.
පළමු දින විවාදය සඳහා අපේක්‍ෂකයන් සිව්දෙනෙක් සහභාගි වෙති.
සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්‍ෂක නාමල් රාජපක්‍ෂ, ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂ අපේක්‍ෂක දිලිත් ජයවීර, ස්වාධීන අපේක්‍ෂක පී. අරියනේත්තිරන් එසේ සහභාගි වීමට නියමිතය.
ස්වාධීන අපේක්‍ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම විවාදයට සහභාගි වීමට නොහැකි බව එම සංවිධානයට දැනුම් දී තිබේ.
ජාතික ජන බලවේගයේ අපේක්‍ෂක අනුර කුමාර දිසානායක ගේ සහභාගිත්වය සනාථ කිරීමට නියමිතව ඇත.
විවාදය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.
2, 3 වට සඳහා තවත් 12ක්
මෙම විවාදයේ දෙවන හා තෙවන අදියර සඳහා අපේක්‍ෂකයන් 12 දෙනකු සහභාගි වන බවට සනාථ කර ඇත. එම විවාද 08 හා 09 යන දිනවලදී පැවැත්වෙයි.
විවාදයේදී අපේක්‍ෂකයන්ගෙන් ඇසිය යුතු ප්‍රශ්න ඉදිරිපත් කිරීමට ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදී තිබූ අතර එම ඇසිය යුතු ප්‍රශ්න තීරණය කිරීම කමිටුවක් මගින් සිදුකරන බව ද මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කරයි.
(divaina.lk - රනිල් ධර්මසේන)