පසුගියදා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වූ නීතිඥ තලතා අතුකෝරල, මෙවර ස්වාධින අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින
ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළකරමින් හෙට (05) මතුගම නගරයේ පැවැත්වෙන ජන රැලියට සහභාගී වීමට නියමිතව ඇතයි වාර්තාවේ.
තමාට අවශ්‍ය වී ඇත්තේ තනතුරු හෝ වරප්‍රසාද නොව, තවත් ගෝඨාභය කෙනෙකුගෙන් රට බේරා ගැනීම බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි තලතා අතුකෝරළ පසුගිය 30 දා විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියාය.
තමා එදා පාර්ලිමේන්තුවේදී දැඩිව අවධාරණය කළේ ගෝඨාභය රාජපක්ෂ විසින් වරක් තහවුරු කළ ඒ භයානක අත්දැකීම නැවත වරක් වෙනත් නමකින් අප ලඟාකර ගතයුතු නැති බව ද ඇය අවධාරණය කර සිටියි.
මේ රටේ ජනතාවට යළිත් ඒ කාලකන්නි අත්දැකීමට ඔරොත්තු දිය හැකිද? තමාට සජිත් ප්‍රේමදාස සමග පෞද්ගලික ගැටළුවක් නැතත්, ඔහුගේ දේශපාලන දැක්ම හා වත්මන් ජනාධිපතිවරණයට අදාළව ඔහුගේ උපාය මාර්ගය ඉතා ගැඹුරින් අධ්‍යනය කිරීමේදී එම භයානක සත්‍යය අවබෝධ වූබව මන්ත්‍රීවරිය පවසයි.
සබැඳි පුවත් :
'මට අවශ්‍ය තනතුරු නොවේ, තවත් ගෝඨා කෙනෙකුගෙන් රට බේරා ගැනීමයි' - තලතා ගෙන් විශේෂ නිවේදනයක්
ණයත් නෑ, බයත් නෑ - තලතා මන්ත්‍රී ධුරයෙන් ඉවත්වේ