theleaderlk 01

පසුගිය ආණ්ඩු සමයේ පැවති තෙල් ප්‍රශ්නය උපක්‍රමශීලීව නිර්මාණය කළ අර්බුදයක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක

නාමල් රාජපක්ෂ පවසයි.

නාමල් රාජපක්ෂ මෙලෙස පැවසුවේ ඊයේ (03) හලාවත ආරච්චිකට්ටුවේ පැවති මහජන රැලිය අමතමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ,


තෙල් ප්‍රශ්නය උපක්‍රශීලීව නිර්මාණය කරපු එකක්

අද සනත් නිශාන්ත මහතා සිටියා නම් මේ ස්ථානයේ ඉන්නවා. එතුමා සිටියා නම් මගේ මැතිවරණ ව්‍යාපාරයේ ඉදිරියෙන්ම සිටිනවා. කවදාවත් මොන අභියෝගය ආවත් මහින්ද රාජපක්ෂ මහතා සහ අපේ කඳවුර පාවා දුන්නේ නැහැ. අද ඒ මහතාගේ ආදරණීය බිරිඳත් වගකීම කරට අරගෙන අපිට දැවැන්ත ශක්තියක් ලබාදෙනවා. පුත්තලම දිස්ත්‍රික්කය අපිට අලුත් තැනක් නොවෙයි. මහින්ද රාජපක්ෂ මහතාට විශාල සහයෝගයක් දුන්නා. ඒ මහතා ධීවර ඇමැතිවරයා කාලයේ විශාල වැඩකොටසක් කළා. මේ දිස්ත්‍රික්කයත් බොහෝ දුරට හම්බන්තොට දිස්ත්‍රික්කය හා සමානයි. ඒ නිසා මේ ජනතාවගේ අදහස් අපි දන්නවා. එදා මේ ගම්මාන සංවර්ධනය කළේ මේ ජනතාව ජීවත්වන පරිසරය පිළිඳව අපිට අවබෝධයක් තිබෙන නිසයි. අපිට වුවමනාව තිබුණා. මේ ගම්වල දරුවන්ටත් නගරයේ දරුවන්ට මෙන් පහසුකම් ලබාදෙන්න අපිට අවශ්‍ය වුණා; ඒ වගේම නගරයේ දරුවන් ලබන ආදායමට සමාන ආදායමක් ගමේ දරුවන්ටත් දෙන්න.  

තරුණ තරුණියන්ට රැකියා දෙන්නත් අපිට අවශ්‍ය වෙනවා. ධීවරයන්ට අවශ්‍ය පහසුකම් දෙන්න අවශ්‍ය වුණා. ඔවුන්ට තාක්ෂණය ලබාදීමෙන් පමණයි ආදායම වැඩිකර ගන්න පුළුවන් වෙන්නේ. මත්ස්‍ය අස්වැන්න වැඩිකර ගැනීමෙන් පමණයි ධීවරයන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගන්න පුළුවන් වෙන්නේ. ඒ වැඩපිළිවෙළ අපි ළඟ තියෙනවා. නමුත් වත්මන් රජයේ ප්‍රතිපත්තියට අනුව සෑම දෙයක් ම විදේශයන්ගෙන් ගේනවා. පසුගිය ආණ්ඩුවේ තෙල් ප්‍රශ්න තිබුණා. උපක්‍රමශීලීව එය නිර්මාණය කළා. විදුලිය නොමැති තත්ත්වයක් තිබුණා. යහපාලන ආණ්ඩුව සමයේ විදුලිබල පද්ධතියට එක මෙගාවොට් එකක් හෝ එකතු නොකළ නිසා බලශක්ති ප්‍රශ්න ආවා. ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවට විදුලිය කපන්න වුණේ. නමුත් ගෝඨාභය ආන්ඩුව සමයේ ගොවියන්ට සහන දුන්නා. නමුත් අපි කාබනික පොහොර දෙන්න ගිහින් ගොවියන් අපි සමඟ අමනාප වුණා. මම එදා පුත්තලම දිස්ත්‍රික්කයට ආවා. ගොවියන් සමග සාකච්ඡා කළා. අපි විශ්වාස කළා මේ රටේ කෘෂිකර්මාන්තය වස විසෙන් තොර වෙන්න ඕන කියලා.

 

මම බටහිරකරණය විශ්වාස කරන්නෙ නෑ
 
අපි වවන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතාගේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය මම ක්‍රියාත්මක කරනවා. ඒ වෙනුවෙන් දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වනවා. මේ දිස්ත්‍රික්කයේ සංචාරක ව්‍යාපාරය දියුණු කරන්නත් පුළුවන්. ඒකට අවශ්‍ය වැඩපිළිවෙළ අපි ළඟ තිබෙනවා. ඒ සඳහා දේශීය ව්‍යාපාරිකයන් දිරිගන්වන්න දැක්මක් අපිට තිබෙනවා. අපි හැමදාම මේ රටේ දේශීය ව්‍යාපාරිකයා, දේශීය ව්‍යවසායකයා විශ්වාස කළා. අදටත් එහෙමයි. හෙටටත් එහෙමයි. විදෙස් ආයෝජකයන් ගේනවා වගේම දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කරන්න ඕන. දේශීය ව්‍යාපාරිකයා, ව්‍යවසායකයා රකින්න ඕන. සමූපකාර බැංකුව, ග්‍රාමීය බැංකුව ශක්තිමත් කරමින් ව්‍යාපාරිකයන්ට, ව්‍යවසායකයන්ට අඩු පොලියට ප්‍රාග්ධනය ලබාදිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අවශ්‍ය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා. ව්‍යවසාය ක්ෂේත්‍රය තුළ රැකියා උත්පාදනය කරන්න ඕන.

ආයෝජකයන් ගේනවා වගේම දේශීය හා විදෙස් රැකියා වෙළඳපොල තුළ ඊළඟ වසර දහයක කාලයේ දී අපි රැකියා ලක්ෂ විස්සක් නිර්මාණය කරන්න පියවර ගන්නවා. ඒ තුළින් සෘජුවම තරුණ තරුණියන්ගේ ශක්තිය මේ රටේ ආර්ථිකයට ලබාගන්න පුළුවන් වෙනවා. අපි ඒ සඳහා අවශ්‍ය දැක්මක් සමග දේශපාලනය කරනවා. වේදිකාවේ එකිනෙකාට මඩ ගැසුවා කියා ඵලක් නැහැ. පසුගිය වසර විස්ස සහ තිහ ගත්විට ඇතැමුන්ගේ දේශපාලන ප්‍රතිපත්ති එක හා සමානයි. එකම කාරණය කතා කරනවා. ඇතැමුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශ එකම දේ කියනවා. ඒ අපේක්ෂකයන් බොහෝ වෙලාවට විශ්වාස කරන්නේ බටහිරකරණය මිස නවීකරණය නොවෙයි. මම විශ්වාස කරන්නේ බටහිරකරණය නොවෙයි; අපි අපේ රට නවීකරණය කරා රැගෙන යායුතුයි කියන විශ්වාසය සහ වැඩපිළිවෙළ සමග අපි දේශපාලනය කරනවා. ඒ වැඩපිළිවෙළ අපි ළඟ තිබෙනවා. ඒ නිසා එක් එක් අයගේ ප්‍රතිපත්ති වෙනස්.
 

පෝලිම් යුගය තවමත් අවසන් නෑ

ඇතැමුන් මේ රටේ සමාජයට, සංස්කෘතියට පහර දෙන ප්‍රතිපත්ති ඉදිරිපත් කර තිබෙනවා. මේ රටට හානියක් වන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන්න අපි ඉඩ තියන්නේ නැහැ. අද පෝලිම් යුගයක් ගැන කතා කරනවා. ඇතැම් අපේක්ෂකයන් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේ ම ඉන්නේ පෝලිම් ඉවත් කරන්නයි. නමුත් පාස්පෝට් පෝලිම එන්න එන්න දිගු වෙනවා. පොලීසියේ මහත්වරු උදේ සිට රෑ වෙනකල් පාස්පෝට් පෝලිම හදනවා. අනෙක් පැත්තෙන් විදෙස් සංචාරකයන් ලංකාවට එනවිට ගුවන් තොටුපළ තුළ පෝලිමක් නිර්මාණය වී තිබෙනවා. සමහරුන්ගේ ප්‍රතිපත්තිය තමයි පෝලිම වැඩිවෙනවා නම් මිල වැඩි කරනවා. පරිභෝජනය අඩු කරනවා. සංචාරක ව්‍යාපාරයටත් එය කරයි ද කියා බියක් දැනෙනවා. අපිට වැඩපිළිවෙළක් තිබෙනවා. ඒ වගේම රාජ්‍ය සේවකයාගේ ගෞරවය ආරක්ෂා කරන්න ඕන කියා අපි විශ්වාස කරනවා. උද්ධමනයට සමානව රාජ්‍ය නිලධාරීන්ගේ වැටුප් ඉහළ නැංවිය යුතු වෙනවා. ඒකට දේශපාලඥයන් මැතිවරණයක් එනකල් බලා සිටිය යුතු නැහැ. රාජ්‍ය සේවයේ බඳවා ගැනීම්, මාරුවීම්, නිසි ක්‍රමවේදයකට වියයුතු වෙනවා.

රාජ්‍ය සේවයේ ගෞරවය අරක්ෂා කරනවා සේම රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම තුළින් සැබෑ පෝලිම් යුගය අවසන් කරන්න පුළුවන් තාක්ෂණික පරිවර්තනයක් අපි ක්‍රියාත්මක කරනවා. අපි ඒක වගකීමෙන් කරනවා. අපේ පරම්පරාව අපේක්ෂා කරන්නේ ඒකයි. අපේ ආර්ථිකය ගැන කතා කරනවා. මොන ආර්ථික ඔස්තාර්ලා පැමිණිය ද මහින්ද රාජපක්ෂ යුගයේ තරම් ආර්ථික වර්ධනයක් කිසිදිනෙක මේ රටේ සිදුව නැහැ. මමත් අපේ කණ්ඩායමත් ඊළඟ අවුරුදු දහය තුළ බිලියන අසූවෙ, අසූ පහේ ආර්ථිකය බිලියන එකසිය අසූ පහ දක්වා වර්ධනය කරනවා. ඒ තුළ තමයි අලුතින් රැකියා උත්පාදනය වන්නේ; ඒ තුළ තමයි මිනිසුන්ගේ අතට සල්ලි යන්නේ; ඒ තුළ තමයි මිනිස්සු පොහොසත් වෙන්නේ. ඒ සඳහා අවශ්‍ය දැක්ම සහ වැඩපිළිවෙළ සමග අපි මේ රටේ දේශපාලනය කරනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ මහින්ද රාජපක්ෂ මහතා සම ගොඩනැඟුණු දේශපාලන බලවේගය යි. අපි මේ රටට ආදරය කරන දේශපාලන කඳවුරයි. ඇතැම් පක්ෂ දැන් කියනවා පොහොට්ටුව දැන් ඉවරයි කියලා. එහෙම කියන අය කියනවා පොහොට්ටුවේ රැස්වීම්වලට යන්න එපා කියලා. ගියොත් ගහනවා කියනවා. එක වෙලාවක ඡන්ද නැහැ කියනවා. නමුත් රැස්වීම්වලට යනවිට බයයි. මේ රටේ මිනිස්සු දන්නවා. මහපොළවට පය ගහලා සංස්කෘතිය ආරක්ෂා කරන මිනිස්සු විසි එක්වෙනිදාට ඡන්ද මධ්‍යස්ථානයට ගොස් පොහොට්ටුවට ඡන්දය දෙනවා.’’  

 
අපි, ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පලන්දවපු පරපුරේ අය - ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
 
56456ggg| ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි
‘‘හාමුදුරුවනේ රනිල් මහත්තයා පෝලිම් ඉවර කරා. ඒ නිසා රනිල්ගේ වේදිකාවට නැග්ගොත් හොඳයි නේද...’ කියා මගෙන් මේ ළඟදී එක්තරා පුද්ගලයෙක් ඇසුවා. එදා රජෙක් නොමැති අවස්ථාවක ගොන්ගාලේගොඩ බණ්ඩාට ඔටුනු පලන්දවපු පරපුරේ අපි කිසිඳු අවස්ථාවක ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නැහැ. යුද්ධය අවසන් කළ ආදරණීය නායාකයා මහින්ද රාජපක්ෂ දාලා යන්නේ නැහැ. මේ රට ආරක්ෂා කළේ ඔහුයි. යුද්ධය අවසන් කළේ රණවිරුවන් කියා ඇතැමුන් කියනවා. නායකයෝ කී දෙනෙක් මේ රටේ හිටියා ද. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන්නා. එදා අම්මයි තාත්තයි එක බස් එකේ ගියේ නැහැ. ශ්‍රී මහා බෝධිය අසල සිල් ගන්න ගිය උපාසක උපාසිකාවන් මරා දැම්මා. කාත්තන්තුඩි පල්ලියට ගැහුවා. එවැනි තත්ත්වයක් අපේ රටේ තිබුණේ. නමුත් ඒ යුද්ධය අවසන් කොට අපිට නිදහස හා සාමය උදාකරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. රටට සංවර්ධනය ගෙන එමින් දැවැන්ත ව්‍යාපෘති රැසක් කළා. අද ඉන්න ඇතැමුන්ට විකුණාගෙන කන්න හරි මේ රට ගොඩනැඟුවේ මහින්ද රාජපක්ෂ මහතායි. කොන්ද පණ ඇතිව වැඩකළ නායකයා මහින්ද රාජපක්ෂ මහතා පමණයි. එයින් පසුව රට නැවත බෙදන්නේ නැහැ කියා ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරේ නාමල් රාජපක්ෂ යි.


මහින්ද රාජපක්ෂ මරන්න විශාල මුදලක් වියදම් කළා

මැයි නමය අරගලය අපි දන්නවා. එදා යුද්ධය පවතින කාලයේ අපේ නායකයෝ විශාල ප්‍රමාණයක් ඝාතනය කරා. එදා මැයි නමවෙනිදා මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරය තුළ මරා දමන්න ඇතැමුන් උත්සාහ කරා. ඒ වෙනුවෙන් විශාල මුදලක් වියදම් කරා. නමුත් ජාතියේ වාසනාට මහින්ද රාජපක්ෂ මහතා එදා බේරුණා. නමුත් මේ සටන අපි කරන්නේ ජාතිය, ආගම, රට බේරා ගන්නටයි. එහෙම නැතිව ගෑස් ටැංකිය බේරා ගන්න නොවෙයි. මේ රටේ සංස්කෘතිය බිමට සමතලා කරන්නත් ඔවුන්ට අවශ්‍ය වුණා. නමුත් මේ රටේ ඕනෑම අයෙකුට ඉන්න පුළුවන්. මේ සංස්කෘතිය තුළ ඕනම කෙනෙකුට ඉන්න පුළුවන්. එහෙම සංස්කෘතියක් නිර්මාණය කරේ මහින්ද රාජපක්ෂ මහතා යි. මේ කට්ටිය කටයුතු කරන්නේ තමන්ගේ ආත්මය පාවා දෙන්න යි. නාමල් රාජපක්ෂට ඡන්දය දෙන්න අවශ්‍ය ඇයි කියා අපි තීන්දු කරන්න ඕන. දෙදහස් පහළව වසර වනවිට මේ රටේ වරාය, ගුවන් තොටුපළ, අධිවේගී මාර්ග සාදා තිබුණා. පාවා දෙන දේශපාලනය අපේ රටෙන් නතර කළයුතු වෙනවා. මහින්ද රාජපක්ෂ මහතාගේ පිංතූරය උඩින් ගහලා ඡන්දයට එන සැමට අපි පාඩමක් ඉගැන්විය යුතු වෙනවා. ජාතියට පණ දෙන්න පුළුවන් නායකයින් මේ රටට පත්කළ යුතු වෙනවා.’’

 
''ජනතා විමුක්ති පෙරමුණ වෛරය වපුරනවා'' - ජානක තිස්සකුට්ටිආරච්චි
 
drt345fff| බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක තිස්සකුට්ටිආරච්චි
සනත් නිශාන්ත පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් විශාල සේවාවක් කරා. මේ දිස්ත්‍රික්කයේ ජනතාවත් එක්ක එතුමා දේශපාලනය කරා. පුත්තලමේ ජනතාව වෙනුවෙන් දේශපාලනය කරා. හිරේ ගියත් මගේ දේශපාලනය නතර කරන්නේ නැහැයි කියා එදා කිවුවා. සනත් නිශාන්ත රටට යම්කිසි පණිවුඩක් ඉතිරි කරා. ජනතා විමුක්ති පෙරමුණ හදලා තිබුණු මතය අපි දන්නවා. යම්කිසි අයෙක් වැඩක් කර තිබෙනවා නම් නිවන් සුව අත්වේවා කිවුවා. වැඩ කරත් වැරැදියි නැතත් වැරැදියි. රාජපක්ෂවරුන්ට විවිධ චෝදනා එල්ල කරා. අරගලය එක්ක ප්‍රජාතන්ත්‍රවාදය බිංදුවට දැම්මා. අපේ මන්ත්‍රීවරුන්ගේ ඇමැතිවරුන්ගේ නිවාස ගිනිතබා විනාශ කළා. අදත් ජනතා විමුක්ති පෙරමුණ වෛරය වපුරනවා. එදා ජනතා විමුක්ති පෙරමුණ නිල ඇඳුම ඇඳගෙන සිටි පොලිස් නිලධාරීන් ඝාතනය කරා. විසි දෙවනදාට දිනූ පසුව ඇඟිලි තුඩකින් හෝ හානියක් කරන්නේ නැහැ කියා කියනවා.’’

හලාවත පුත්තලම දෙදිසාවේ අධිකරණ සංඝනායක නවදන්කුලමේ මේධානන්ද නාහිමි, පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හලාවත ආසන සංවිධායක යු. කේ. ඩී පාලිත, හලාවත ආසනයේ සම සංවිධායක සමන්ත පෙරේරා සහ නීතීඥ චමරී පෙරේරා ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
554ghff

pe2024 2

worky sin

නවතම පුවත්