රනිල් වික්‍රමසිංහ අගමැතිව සිටි එකල ආණ්ඩුව හවුල් වී ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය විසින් සම්මත කරගන්නා
ලද යෝජනාවට ‘සම්පුර්ණයෙන්ම විරුද්ධ’ වන ඔහුම ජනාධිපති ධුරය දරන මෙකල ආණ්ඩුව දණ්ඩ මුක්තිය දිගටම පවත්වාගෙන යන බව අවධාරණය කර තිබේ.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම අරමුණු කොටගෙන 2015 දී සම්මත කරගන්නා ලද 30/1 යෝජනාවෙන් මානව හිමිකම් සන ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් විභාග කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවන් ඇතුළු ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුත් අධිකරණ යාන්ත්‍රණයක් ගිවිස ගන්නා ලදී.
එම ගිවිසුම ප්‍රකාර රජය ක්‍රියාත්මක නොවීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය යටතේ 2021 දී ශ්‍රී ලංකාව සම්බන්ධ වගවීමේ ව්‍යාපෘතිය (SLAP) පිහිටුවන ලදී.
ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම අරමුණු කොටගෙන 2015 දී සම්මත කරගන්නා ලද 30/1 යෝජනාවෙන් මානව හිමිකම් සන ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය සම්බන්ධයෙන් විභාග කිරීමට පොදුරාජ්‍ය මණ්ඩලීය විනිසුරුවන් ඇතුළු ජාත්‍යන්තර විනිසුරුවන්ගෙන් යුත් අධිකරණ යාන්ත්‍රණයක් ගිවිස ගන්නා ලදී.
එම ගිවිසුම ප්‍රකාර රජය ක්‍රියාත්මක නොවීම නිසා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය යටතේ 2021 දී ශ්‍රී ලංකාව සම්බන්ධ වගවීමේ ව්‍යාපෘතිය (SLAP) පිහිටුවන ලදී.
"දැනමටමත් ක්‍රියාත්මක වෙනවා රටට විරුද්ධව, අපි හැමෝම දන්නවා ජිනීවා හරහා එළියේ සාක්ෂි එක්රැස් කිරීමේ යාන්ත්‍රණයක්. රජයක් වශයෙන් අපි ඒකට සම්පුර්ණයෙන්ම විරුද්ධ වෙලා තියනවා. 2015 දී රජය එකඟ වෙලා ගත්ත ඒ තීරණයට විරුද්ධව අපි ඒකෙන් එළියට ඇවිල්ලා තියනවා," යි විදේශ අමාත්‍ය අලි සබ්රි පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.
විදේශ ඇමතිවරයා එම ප්‍රකාශය කළේ ලබන සඳුදා ජිනීවාහිදී ආරම්භ වන 57 වැනි මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් චර්යාව පිළිබඳ දැඩි විවේචනයක් සහිත මහකොමසාරිස් වාර්තාව විවාදයට ගැනීමට නියමිතව තිබියදීය.
සත්‍යය, සමඟිය, සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ යෝජනාව හා විදේශ නඩු තීන්දු අන්‍යෝන්‍යව පිළිගැනීම, ලියාපදිංචි කිරීම, සහ බලාත්මක කිරීම සහ නඩු තීන්දු අන්‍යෝන්‍යව බලාත්මක කිරීමේ ආඥාපනත ඉවත් කිරීම සඳහා අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත් පිළිබඳ විවාදයට සැප්තැම්බර් 3 වැනිදා එක් වෙමින් විදේශ කටයුතු , අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා තව දුරටත් සදහන් කර තිබුනේ සත්‍යය, සමඟිය, සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීමට තුලින් බලාපොරොත්තු වන්නේ රට විදේශිය ඇගිලි ගැසීම් වලින් වලක්වා ගැනීම බවයි.
" දැන් මේකෙන් අපි උත්සාහ කරන්නේ මේ රටේ කවුරුහරි.. අපේ රටේ මිනිස්සුන්ට මේ රටේ විරතයි නෙමෙයිනේ මේ සත්‍ය කොමිසන් ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. නේපාලයේ ක්‍රියාත්මක වෙලා තියනවා. පේරා රාජ්‍යයේ ක්‍රියාත්මක වෙලා තියනවා. දකුණු අප්‍රිකාවේ, රටවල් 43 ක විතර ක්‍රියාත්මක වෙලා තියනවා. මේකෙන් උත්සාහ කරන්නේ පිටරට ගිහිල්ලා මේකට ඇගිලි ගහන්න අවශ්‍ය නෑ. අපි දේශිය යාන්ත්‍රණයක් තුළ මේ වැඩේ කරනවා කියලා පිටරට ඇගිලි ගැහීම් වළක්වා ගැනීමට. මේක නොකරානම් තමයි කියන්නේ මිනිස්සුන්ට, මේකෙන් පීඩාවට පත් වෙච්ච අයට යන්න තැනක් නෑ. එහෙනම් මෙහෙට හරි එන්න කියලා. මේක හරියට කියෙව්වොත් හොදට තේරුම් ගන්න පුළුවන්.”
සත්‍යය, සමඟිය, සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීමට තුලින් දඩුවම් කිරීමේ බලයක් කිසිවකුටත් ලබා දී නොමැති බවත් අලි සබ්රි අමාත්‍යවරයා අවධාරණය කර තිබේ.
" දෙවැනි එක මේ කොතනකවත් දඩුවම් කිරීමේ බලයක් කාටවත් දීලා නෑ. මේකේ දීලා තියෙන්නේ, ඒක සම්පුර්ණයෙන්ම දීලා තියෙන්නේ මේ පිළිබදව සොයා බලලා වාර්තා ඉදිරිපත් කරන්න.”
කොමිසම මගින් ආරක්ෂක අංශ සාමාජිකයන්ට දඬුවම් පමුණුවනු ඇතැයි බිය වීමට හේතුවක් නැති බව, යෝජිත කොමිසම වගඋත්තරදායකත්වය මගහැර යාමේ උපායක් ලෙස හඳුන්වමින් දෙමළ පක්ෂ එය ප්‍රතික්ෂේප කිරීමෙන්ම පෙනීයන බව විදේශ අමාත්‍යවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියේය.
“දැන් ඕක දෙමළ පක්ෂ වලිනුත් පිළි ගන්නේ නැනේ. එහෙම දෙයක් කරනවානම් ඒ ගොල්ලෝ පැනලා ඇවිල්ලා මේකට උදව් කරන්න එපැයි. ඒගොල්ලෝ කියන්නේ විදේශිය බලවේගවලින් තියන බලපෑමට මුහුණ දෙන්න බැරි හින්දා ඒකෙන් වළක්වා ගන්න මේක කරන බොරුවක් කියලා. ඕගොල්ලෝ කියනවා රණවිරුවන්ව දංගෙඩියට අරගෙන යනවාලු. ඉතින් ඒක වෙන්න බෑනේ. "
ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාවට අනුව රටේ ප්‍රශ්න රට තුළ විසදා ගැනීමේ ක්‍රමවේදයක් ලෙස සත්‍යය, සමඟිය, සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභා පනත් කෙටුම්පත ඉදිරිපත් කළ බව පවසන අමාත්‍යවරයා එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දිනයේම සම්මත නොවන බව පෙන්වා දෙමින් ඊට විරෝධය දැක්වු ජනතා නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේදී කියා සිටියේ එය ශ්‍රේෂ්ටාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ හැකියාව ද පවතින බවයි.
"එක්කෝ අපි රණවිරුවන්ව දංගෙඩියට අරගෙන යනවනං දෙමළ පක්ෂ එකතු වෙලා අපිට උදව් කරන්න එපැයි. ඒ ගොල්ලෝ පිලි ගන්නෙත් නෑ. මේ ගොල්ලෝ පිළි ගන්නෙත් නෑ. ඒකට හේතුව මේක ඇවිල්ලා අර අන්තයට අපි උදව් කරන්නෙත් නෑ. මේ අන්තයට අපි උදව් කරන්නෙත් නෑ. මධ්‍යස්ථාව ඉදලා ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව තුළ අපේ ව්‍යවස්ථාව තුළ , අපේ ප්‍රශ්න විසද ගන්න ක්‍රමවේදයක් ඉදිරිපත් කරන එක. ඉතින් එක අද සම්මත වෙන්නේ නෑනේ. ඊට විරුද්ධව ඔබතුමාට කියනවානම් ගිහිල්ලා සුප්රිම් කෝට් එකට චැලෙන්ජ් කරන්න.”
ඒ සඳහා සතියක කාලයක් ඇති බව ඇමතිවරයා සභාවට දැනුම් දුන්නේය.
අගෝස්තු 3 වැනිදා පාර්ලිමේන්තුවේදී පළමුවරට කියවු සත්‍යය, සමඟිය, සහ ප්‍රතිසන්ධානය සඳහා වන කොමිෂන් සභාව පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත "රණවිරුවන්ට" විරුද්ධව පරීක්ෂණ කිරිමේ අරමුණින් ඉදිරිපත් කර ඇති බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ එවැනි පනතක් ගෙන ඒමේ සදාචාරාත්මක බලය සහ අයිතිය සම්බන්ධයෙන් සභානායක සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර තිබුනි.
"ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේක ජිනිවාවල 30/1 යෝජනාවලට අනුව ගෙනාපු පනතක්. එතකොට මේ පනත මගින් වෙන්නේ දැනටම 42 ක් ආරක්ෂක හමුදා රණවිරුවන් නාම ලේඛනයක් තියනවා නියෝග දීපු බ්ලැක් ලිස්ට් කරපු. එතකොට ඒ අයට විරුද්ධව අවශ්‍ය කරන පරීක්ෂණ කරන්න තමයි මේ පනත එන්නේ. ඉතින් මම ඔබතුමාගෙන් අහනවා මේ 69 ලක්ෂයක් ජනවරම මේ පාර්ලිමේන්තුවේ ඔය ආණ්ඩු පක්ෂයේ තාමත් නියෝජනය කරනවා නම් මේ විදිහේ පනතක් ගේන්න මොකක්ද තියන සදාචාරාත්මක බලය සහ අයිතිය කියලා"
ශ්‍රී ලංකාවේ ආණ්ඩුවද හවුල්වී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේ දී (UNHRC) 2015 සම්මත කරගන්නා ලද 30/1 නමින් ප්‍රකට සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් නගා සිටුවීම සඳහා වන යෝජනාවේ දැක්වෙන පොරොන්දු ඉටුකිරීමේ වගකීමෙන් ඉවත් වන බව බලයෙන් පහ කෙරුනු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ විදේශ ඇමැති, වර්තමාන අගමැති දිනේෂ් ගුණවර්ධන 2021 දී මානව හිමිකම් මණ්ඩල සැසිවාරයේදී දැනුම් දුන්නේය.