සමගි ජනබලවේගය සහ සමගි ජන සන්ධානය මොනම හේතුවක් නිසාවත් රට විනාශ කරණ කල්ලි එක්ක සහ ජරාජීරණ වූ පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල්
සමග එකතුවෙන්නේ නැති බැව් සමගි ජනබලවේගයේ ජනාධිපතිධුර අපේක්ෂක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස ඊයේ (04) පස්වරුවේ ගාල්ලේ දි පැවසිය.
ගාල්ල සමනළ ක්‍රිඩාංගනයේ පැවති සමගි ජන සන්ධානයේ ප්රචාරක රැළියක් අමතමින් විපක්ෂනායකවරයා මේ බව සදහන් කළේය.
එහිදී හෙතෙම මෙසේද කිවේය.
''අපිට පැහැදිලි වැඩපිළිවෙළක් හා දර්ශනයක් තියෙනවා. අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අඩංගු බොහෝ දේවල් කරන්න බැරි බව කියන ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව දැන් තරගයට එස්.එම්.එස් පණිවුඩ හරහා රටට පණිවුඩ දෙනවා. ඒ අයත් සමගි ජන බලවේගයේ අඩි පාරේ එනවලු. අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක ජනාධිපතිවරයා සහ ජ.වි.පේ එකට එකතුවෙලා බොරුකථා හදලා මුහුණු පොතේ දමලා මුදල් ගෙවලා සමාජමාධ්‍ය ජාල හරහා ප්‍රචාරය කරනවා අපි එකතුවෙනවා කියලා.
21 වැනිදා සමගි ජනබලවේගය ජයග්‍රහණය කරලා අපි එකතුවන්නේ මේ රටේ ලක්ෂ 220ක් වු පොදු ජනතාව සමගයි ජරාජිරණ වු පරාජිත අන්ත දුෂිත දේශපාලන හවුල් වලට යන්නේ නැහැ.''
(lankadeepa.lk - ජේ.කේ.එල්. චාමින්ද)