කොරෝනා ආසනය වී ඇතැයි වෛද්‍ය පරීක්ෂණ වලින් තහවුරුව නැතත්, සැකකටයුතු ලෙස ස්වසන ආබාධ වලින් මියයන සියලු රෝගීන්ගේ දේහයන්,

කොරෝනා රෝගීන්ගේ දේහයන් සම්බන්ධයෙන් අනුගමනය කරනක්‍රියාමාර්ග අනුව ම ආදාහනය කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු පැවසිය.

කිසිඳු ආකාරයේ අවධානමක් ගැනීමට නොහැකි නිසා රජය එවැනි තීන්දුවකට එළඹ ඇතැයි ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

ඔහු එබව සඳහන් කළේ, සඳුදා රාත්‍රී හදිසියේම මියගොස් සිටි දෙහිවල පාමංකඩ ප්‍රදේශයේ තරුණයකු කොරෝන සැකකරුවකු ලෙස ඊයේ (07) රාත්‍රී ආදාහනය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් theleader.lk කල විමසීමේදීය.

එම තරුණයා මියයාමෙන් පසු ඔහු කොරෝනා ආසදිතයකු දැයි සොයා බැලීමට අදාල පරීක්ෂණය සිදු කර තිබු අතර එහි වාර්තාවට අනුව ඔහුට කොරෝනා ආසාදනය වී නැතැයි තහවුරුකර ඇත.

ඒ අනුව ඔහුගේ මරණය සම්බන්ධයෙන් සොයා බැලීමට ඊයේ දිනයේ සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයෙදී පෙනහළු වල කොරෝනා වෛරසය ආසදනයවීමේ ලක්ෂණ ඇතැයි සැකයක් මතුවීම නිසා දේහය ඥාතීන්ට බාර නොදී ආදාහනය කිරීමට පියවර ගෙන ඇතැයි පැවසේ.

එසේම, මියගිය රෝගියාගේ පවුලේ සාමාජිකයින් නිරෝධායනයට යොමු කර තිබේ.

අප වෙත වාර්තාව තොරතුරුවලට අනුව එසේ මියගොස් ඇත්තේ, 'ශ්‍රී ලංකා සමාජ ජාල මාධ්‍යවේදීන්ගේ සංගමයේ' කැඳවුම්කරු මාධ්‍යවේදී නුවන් නිරෝධ ගේ සොයුරාය. අසත්‍ය පුවතක් සිය FB පිටුවේ පලකිරීමේ චෝදනාව මත පසුගියදා රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ඔහු මේවනවිට රිමාන්ඩ් භාරයට පත්කර සිටියි.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්