විදේශ රැකියා ක්ෂේත්රය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාසාත්මක ප්‍රකාශ නිකුත් කර ඇතයි කියමින්, පාහියන්ගල ආනන්ද සාගර හිමියන්ට එරෙහිව හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර නීතිමය පියවර ගෙන තිබේ.
ඒ අනුව පළමු පියවර ලෙස අසත්‍ය, පදනම් විරහිත ප්‍රකාශ නිකුත් කළ ආනන්ද සාගර හිමියන්ට එරෙහිව රුපියල් මිලියන 500ක වන්දියක් ඉල්ලා මනූෂ නානායක්කාර සිය නීතිඥයන් මඟින් ආනන්දසාගර හිමියන් වෙත එන්තරවාසියක් යොමු කර ඇත.
මනූෂ නානායක්කාර සිය නීතිඥයන් මඟින් මෙම එන්තරවාසිය යවා ඇත්තේ ඊයේ (04) දිනයේදීය.
හිටපු අමාත්‍යවරයාගේ ඥාතියකුට අයත් විදේශ රැකියා ඒජන්සියකින් විදේශ රැකියා සඳහා පුද්ගලයන් යොමු කර ඇති බවටත් ඒ මඟින් කෝටි ගණනින් මුදල් උපයා ඇති බවට ආනන්දසාගර හිමියන් කර ඇති ප්‍රකාශවල කිසිදු පදනමක් නැති බව ද මනූෂ නානායක්කාර සිය නීතිඥයන් මඟින් යොමු කරන ලද එන්තරවාසියේ දැක්වේ.
මනූෂ නානායක්කාර ගේ නම අවස්ථා කිහිපයකදීම සඳහන් කරමින් චේතනාන්විතව අපහාස කිරීමේ අරමුණින් ආනන්දසාගර හිමියන් විසින් ප්‍රකාශ නිකුත් කර තිබෙන බව ද එන්තරවාසියේ සඳහන් වේ.
මෙසේ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් අපහාස කිරීමට කටයුතු කිරීමට එරෙහිව රුපියල් මිලියන පන්සියයක වන්දිය දින 14ක් ඇතුළත ගෙවා අවසන් කරන ලෙසත් එසේ නොවන්නේ නම් අධිකරණයේ නඩු පවරා වන්දි මුදල, ඊට අදාළ අලාභ සහ නඩු ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන බවත් මනූෂ නානායක්කාර සිය නීතිඥයන් මඟින් යොමු කළ එන්තරවාසියේ වැඩිදුරටත් සඳහන් වේ.