වැඩසටහනට එක් වූ තරුණ පිරිස ඉන් අනතුරුව සමූහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු
ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන්ට කෘතිම බුද්ධිය (AI) යොදාගෙන නව නිර්මාණාත්මක සොයා ගැනීම් සිදුකිරීමට සහ ව්‍යසායකත්වය හැකියාවන් වැඩිදියුණු කිරීමට ඉගැන්වෙන සාර්ථක තෙදින වැඩමුළුවක් කොළඹදී පැවැත්විණ.
සිංගප්පූරු ජාතික විශ්ව විද්‍යාලයේ, National University of Singapore (NUS) මහාචාර්ය සුරංග නානායක්කාර විසින් සංකල්පයට අනුව මෙහෙයවන ලද මෙම වැඩමුළුව ඉකුත්දා කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්විණි.
නවෝත්පාදන, නිර්මාණශීලිත්වය ව්‍යවසායකත්වය- Innovation, Creativty and Entrepreneurship, (ICE) 2024 වැඩසටහනේ හයවන වාර්ෂික වැඩමුළුව මෙලෙස සාර්ථකව පැවැත් විය.
කෘතිම බුද්ධිය (AI) හරහා නවෝත්පාදනයන් ගෙන ඒමේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ගේ අප්‍රමාණ හැකියාවන් සහ විභවය මින් ප්‍රදර්ශනය කළ බව සංවිධායක මණ්ඩලය කියයි.
Meta, SHA පදනම සහ Hash 3 Three යන ආයතන සමඟ හවුල්කාරිත්වයෙන් පැවති මෙම තෙදින නේවාසික වැඩමුළුව සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් 215 දෙනෙකුගෙන් තෝරාගත් 32 දෙනෙකුගෙන් යුත් උපාධි අපේක්ෂකයින් පිරිසක් සහභාගී වුහ.
කෘතිම බුද්ධිය (AI) සහ පරිගණක විශේෂඥයින්ගේ සහ සාර්ථක ව්‍යවසායකයින්ගේ මගපෙන්වීම යටතේ ගැටළු හඳුනාගැනීමට සහ නිර්මාණශීලී, AI-බලගැන්වූ විසඳුම් නිර්මාණය කිරීමට මෙම වැඩසටහන සහභාගිවන්නන්ට අද්විතීය වේදිකාවක් සැපයීය.
ඇමරිකා එක්සත් ජනපදයේ ස්ටැන්ෆර්ඩ් වැනි විශ්ව විද්‍යාලයක සමාන අත්දැකීමක් සඳහා ඇමරිකානු ඩොලර් (USD) 14,000 ක් පමණ වැය වන බව ප්‍රකාශ කරමින් මහාචාර්ය නානායක්කාර වැඩසටහනේ සුවිශේෂී වටිනාකම මෙහිදී ඉස්මතු කළේය .
Foundation of Goodness ආයතනයේ නිර්මාතෘ කුෂිල් ගුණසේකර ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් අතර නව මානසිකත්වයක් සහ ආරම්භක සංස්කෘතියක් ඇති කිරීමේ වැඩසටහනේ වැදගත්කම අවධාරණය කළේය.
සිසු කණ්ඩායම් හය සංචාරක, ශිෂ්‍ය වෘත්තීය තීරණ, වැඩිහිටි පුරවැසියන්ගේ තනිකම සහ පෝෂණය නිරීක්ෂණය කිරීමේ අභියෝගයන්ට පිළියම් යොදමින් මූලාකෘති සහ ශක්තිමත් ව්‍යාපාර සැලසුම් සහිත විශිෂ්ට ව්‍යාපාරික අදහස් මෙහිදී ඉදිරිපත් කළහ.
(ජේ. මුණසිංහ)