theleaderlk 01

ස්වාධින අපේක්ෂකයකු ලෙස මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්තිමය

වැඩපිළිවෙල සම්බන්ධයෙන් නිවසින් නිවසට ගොස් ජනතාව දැනුවත් කිරීමේ ජාතික වැඩසටහන හෙට (07) උදසන සිට දිපව්‍යප්තව ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. 

දිවයින පුරා දිස්ත්‍රික්ක විසිදෙකෙහි ආසන 160, ඡන්ද පොල කාර්යාල 13268 නියෝජනය වන පරිදි සංවිධානය කරනු ලබන ජාතික කැන්වසින් ව්‍යාපාරය සැප්තැම්බර් 07 වන දින උදෑසන 8.00ට සුබ මොහොතින් ආරම්භ කරන බව 'ජාතික මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය' දැනුම්දී සිටියි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පලකරනු ලබන සියලු දේශපාලන පක්ෂ හා සංවිධාන මෙම වැඩසටනට එක්වීමට නියමිතව ඇත. 

ජනාධිපති අපේක්ෂක මාධ්‍ය ඒකකය විසින් සියළුම මාධ්‍ය නාලිකා හරහාද සියළුම සමාජ මාධ්‍ය ජාලා හරහාද ඒ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමට කටයුතු යොදා ඇතැයි ජාතික මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය පවසයි.



pe2024 2

worky sin

නවතම පුවත්