රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ අදහස වන්නේ අනුර කුමාර දිසානායක ජනාධිපති කරවීම බව විපක්ෂ නායකවරයා පැවසීය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (05) මිනුවන්ගොඩ පැවති ජන රැලියක් අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
කොළ අලි සහ රතු අලි ගිවිසුම ඇත්තක්
‘‘අද වන විට කොළ අලි පැටව් හා රතු අලි පැටව් එකට එකතු වෙලා. මේකෙන ගම්‍යමාන වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට දිනන්නට අවස්ථාවක්නැති බවයි. එම නිසා එක්සත් ජාතික පාක්ෂිකයන් කරුණාකර ඔබේ ඡන්දය නාස්ති නොකර මේ රට ගොඩනගන්න ඒ වරම සමගි ජන බලවේගයට හා සමගි ජන සන්ධානයට ලබා දෙන්න. ඒ වගේ ම කවුරු හරි ජනතා විමුක්ති පෙරමුණට හෝ අනුර කුමාර දිසානායකට කතිරය ගහනවා නම් එය හොරුන් ආරක්ෂා කරන ජනාධිපතිවරයා සමග එකට එකතු වී කටයුතු කරන කණ්ඩායමට ගහන කතිරයක් බවත් මතක තබාගන්න.
රාජ්‍ය මාධ්‍යවල පවා අනුර කුමාර දිසානායකට ලොකු අවකාශයක් ලබා දිම තුළින් රනිල් අනුර ගිවිසුම සත්‍යක් බව දැන් ඔප්පු වෙලා ඉවරයි. මේ දෙන්නා ම සමගි ජන බලවේගය මේ රට ගොඩ ගෙන සංවර්ධනය කරාවි, මේ රටේ ගෙවල් හදාවි, මේ රටේ නිෂ්පාදන කර්මාන්ත බිහි කරාවි කියල බය වෙලා. පාසල් දස දහස් අනූ හය ම සුහුරු පාසල් බවට පත් කරාවි කියල් බය වෙලා; ලක්ෂ දෙසිය විස්ස රජවෙන යුගය නිර්මාණය වෙනවාට රනිල් සහ අනුර බය වෙලා. ඒ නිසා රනිල් අනුර ගිවිසුම බොහොම පැහැදිලිව ක්‍රියාත්මක වන බව පැහැදිලියි. මේ රටේ ලක්ෂ දෙසිය විස්සක් ජනතාව අමනෝඥයෝ කියා ඔවුන් සිතා ගෙන ඇති. ඒ නිසා මේ කූඨ දේශපාලන කුමන්ත්රණවලට හසු නොවී මේ රට ගොඩනගන්න පුළුවන් විශිෂ්ඨ ජන වරම අපට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
මම ගන්නෙ ණය නෙවෙයි... ආධාර
බංකොලොත් රට ගොඩගන්න නම් ලොකු සංවර්ධනයක් කරන්න ඕන. ඒ සඳහා මුදල් සොයන්න ඕන. සමගි ජන බලවේගයේ අපි හැත්තෑ හය වසරක ඉතිහාසය වෙනස් කරලා මිලියන දාහක වැඩ රට වෙනුවෙන් ඉටු කරල තියෙනවා. සෞඛ්‍ය හා අධ්‍යාපනය ගොඩනගන්න කරල තියෙනවා. සමගි ජන බලවේගය රට වෙනුවෙන් වැඩක් කරද්දි අනුරයි රනිලුයි බය වෙලා. ඔවුන් හැමදාම කළේ රටට වැඩක් කරද්දි විහිළු සැපයීම විතරයි. මේ විහිළු නිසා අද රට බංකොලොත් වෙලා. ඒ නිසා වත්මන් රජයත් ජනතා විමුක්ති පෙරමුණත් කරන බොරු ප්රෝඩාවඅහු වෙන්න එපා. රනිල්ටවත් අනුරටවත් හීනෙකින්වත් හිතන්න බැරි ආධාර ප්‍රමාණයක් රටට ගෙන ඒමට මම කටයුතු කරනවා. අනික ඒවා ණය නෙවෙයි; ආධාර.
ඒ වගේ ම දුප්පත් ජනතාව සදාකාලික දුප්පත්කමින් මුදවලා, යැපුම් සංස්කෘතියෙන් මුදවලා දුප්පත්කමින් මුදවා ගැනීමට කටයුතු කරනවා. රට වැටිල තියෙන ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට කටයුතු කරනවා. ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත පවා අද කඩා විල තියෙන මොහොතක එම කර්මාන්තකරුවන්ට පවා ශක්තියක් ලබා දිය යුතුයි. ඊට අමතරව නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කරන්න සැලසුම් කර තිබෙනවා. ඒකෙන් වැඩි අවස්ථා තරුණයන්ට ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.
මම ගෙවල් හදන්නෙ දානපතියන්ගෙ සල්ලිවලින්
සමගි ජන බලවේගයට නැවත ගෙවල් හදන වැඩපිළිවෙළ ආරම්භ කරන්න රජයේ මුදල් අවශ්‍ය නෑ. මේ නිවාස ව්‍යාපෘති සඳහා ආධාර දෙන්න දානපතියන් ඉන්නවා. ඔවුන්ට ශක්තිමත් රටක් අවශ්‍ය යි. එවැනි රටක් ඇති නම් ඕනෑ තරම් සම්පත් මට ලබාගන්න පුළුවන්. නැහැ බැහැ බලමු කියන වචන මගේ ළඟ නැහැ. රට දියුණු කරන්න දෙදහස් හතලිස් අට වෙනතුරු බලා ඉන්න වුවමනා නෑ. එම නිසා රනිල් අනුර සන්ධානයට කතිරය ගසා ඡන්දය නාස්ති කරන්න එපා. රනිල් අනුර සන්ධානය මේ වන විට ප්රසිද්ධවෙලා ඉවරයි. ඒ නිසා ලක්ෂ දෙසිය විස්සකක් ජනතාව දිනවන්නට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවන්න කියල අපි ඉල්ලා සිටිනවා.’’