theleaderlk 01

වර්තමාන ආණ්ඩුව අසාධාරණ බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ පුත්තලම කඩයාමොට්ට හන්දියේ පැවති ජනරැළිය අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ...

අපි, පිටින් ගෙනවිත් කන්න දෙන්නෙ නෑ

‘‘මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරගත්තු දේශපාලන බලවේගයක් අපි ගොඩනඟා ගන්න ඕනෙ. අද කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයාට අමාරුයි. වර්තමානයේ තිබෙන නිෂ්පාදන පිරිවැය වැඩියි. විදුලි බිල, ප්‍රවාහනය යන සියලුම කාරණා එක්ක අසීමිත, අසාධාරණ බදු ප්‍රතිපත්තියක් වර්තමාන ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා. අපි අදත් විශ්වාස කරනවා මේ රටේ ජනතාවට දරාගත හැකි ක්‍රියාත්මක කරන්න ඕනේ කියන කාරණාව. රටේ ජනතාවට දරාගන්න බැරි බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරා කියලා රාජ්‍ය භාණ්ඩාගාරයට ආදායම් වැඩි වෙන්නෙත් නැහැ. රටේ ජනතාවට සාධාරණයක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අපි පැහැදිලිවම සාධාරණ බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. අපි දේශීය ව්‍යාපාරිකයා ශක්තිමත් කරනවා. 

අද සමහර දේශපාලඥයෝ හිතනවා පිටින් ගෙනල්ල කන්න දෙන එක ලාභයි කියලා. අපි විශ්වාස කරනවා නැහැ. මේ රටේ වගා කරන්න පුළුවන් හැම භෝගයක්ම අපි වගා කරන්න ඕනෙ. ඒ වගා කරන්න අවශ්‍ය පහසුකම් ටික අපි දෙන්න ඕනේ. අඩු භූමි ප්‍රමාණයෙන් වැඩි අස්වැන්නක් ලබාගන්න පුළුවන් තාක්ෂණය අපි දෙනවා. ඒ තුළ මේ රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කරන්න පුළුවන් හැම පියවරක්ම ගන්න අපි කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශයේ ක්‍රියාත්මක ධීවර කර්මාන්තය ද දියුණු කරන්න පියවර ගන්නවා. දරුවාගේ බුද්ධි මට්ටමට, නිපුණතාවයට ගැලපෙන රැකියාවක් ලබාගන්න තමයි තරුණයන් බලාපොරොත්තු වෙන්නේ. රැකියා ලබාගන්න තවදුරටත් දේශපාලන පක්ෂ හෝ දේශපාලනඥයන් පිටුපස යන්න මේ රටේ තරුණ පරම්පරාව සූදානම් නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා අපි හදන්නේ තරුණයන්ගේ ආණ්ඩුවක්. තරුණයන්ගේ ආණ්ඩුවක් තුළ නිපුණතාවයට, හැකියාවට, පුහුණුවට පළපුරුද්දට අභිමානයෙන් යුතුව රැකියාවක් කරන්න පුළුවන් පරිසරය මෙන්ම වපසරිය අපි නිර්මාණය කරනවා.

සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන ප්‍රායෝගික නෑ

කර්මාන්තපුර සඳහා ආයෝජකයෝ ගේන්න ඕනෙ. ආයෝජකයෝ ගේනකොට නිකං ආයෝජකයෝ ගෙනල්ලා හරියන්නෙ නැහැ. ඒවායේ තිබෙන කර්මාන්තවලට අවශ්‍ය පුහුණු ශ්‍රමය මේ ගම්වල දරුවන්ට අපි පුහුණු කරනවා. ඒ පුහුණු කිරීම තුළින් පමණයි කර්මාන්තශාලාවේ හෝ ආයතනයේ රැකියාවක් අපේ ගමේ දරුවට ලැබෙන්නේ. ඒ වැඩපිළිවෙළත් එක්කයි අපි ආණ්ඩුවක් පිහිටුවන්නේ. අද මැතිවරණවේදිකාව දිහා බැලුවම සමහර ප්‍රතිපත්ති ප්‍රකාශන කියන ඒවා ප්‍රායෝගික නැද්ද කියන ප්‍රශ්නය අපි හැමෝටම තියෙනවා. අද බොහෝ වෙලාවට සමාජ මාධ්‍ය දිහා බැලුවම කාන්තා හිංසනය, දරුවන්ට වෙන අපචාර, කාන්තාවන්ට වෙන අසාධාරණකම් නොයෙක් අය කතා වෙනවා. ඒ සඳහා අවශ්‍ය නීති රීති අපි සම්පාදනය කරන්න ඕනේ. ඒ වගේම තමයි ඒ දේවල් සඳහා පවතින නීති රීති ක්‍රියාත්මක වෙන්නත් ඕනෙ. මේ වගේම තමයි මේ බිදුණු සමාජයේ අපි ගොඩනගන්න ඕනේ. ඒ බිඳුණු සමාජය ගොඩනගන්න අවශ්‍ය දේශපාලනික නායකත්වයක් ලබා දෙන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. අපි මේ රටේ ආර්ථිකය හදනවා. ගමේ ආර්ථිකය හදනවා. පොඩි මනුස්සයාගේ ආර්ථිකය හදනවා. ඔබ වෙනුවෙන් මේ රටේ ආර්ථිකය ගොඩනගන්න ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම්. ඒ සඳහා සියලු දෙනාම පෙළ ගැසෙන්න.’’

මගේ ඡන්දය නාමල් රාජපක්ෂට - නීතීඥ චමරි පෙරේරා

 

WhatsApp Image 2024 09 06 at 10.18.03

නීතීඥ චමරි පෙරේරා

 

‘‘මේක රටේ තීරණාත්මක මැතිවරණයක් වෙනවා. දෙදහස් පහ වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය රාළා. හමුදාවට වැඩිම තරුණ තරුණියන් පිරිසක් එකතු වුණේ මේ වයඹ පළාතෙන්. යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා පියවර ගත්තා. ඒ නිසා එතුමාට සලකන්න ඕන. මහින්ද රාජපක්ෂ මහතා මේ රටට ණය නැහැ. යුද්ධය අවසන් කළ මහින්ද රාජපක්ෂ මහතා මේ රට සංවර්ධනය කරන්නත් කටයුතු කළා. දෙදහස් පහළව වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා පරජායට පත්වූ පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට ආවා. දෙදහස් දහනමය වසරේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගන්න සමත් වුණා. කෙසේ වුවත් පැවැති තත්ත්වය හේතුවෙන් දෙදහස් විසි දෙක වසරේ දී රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති වෙන්න අපේ දේශපාලන බලවේගය උදව් කළා. 

මේ වසරේ ජනාධිපතිවරණයක් පැවැත්වෙනවා. නාමල් රාජපක්ෂත් ඒ ජනාධිපතිවරණ සටනේ ඉන්නවා. අපි පළමුව බලන්නේ මාතෘභූමිය යි. මාතෘභූමිය වෙනුවෙන් පෙනී ඉන්න නාමල් රාජපක්ෂට මගේ ඡන්දය ලබාදෙනවා. නාමල් රාජපක්ෂ හැර අනෙකුත් අපේක්ෂකයන් සියලු දෙනා දහතුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කරනවා කියනවා. නමුත් එය ක්‍රියාත්මක නොකරන බවට නාමල් රාජපක්ෂ කෙළින් ම කියනවා. ඒ අනුව මේ ඡන්දය ඔහුට ලබාදෙනවා. මහින්ද මහත්තයා දකුණේ දී වගේම උතුරට ගිහිල්ලත් බය නැතිව කරන දේ කියනවා. කියන දේ කරනවා. අපි සැමට එක හා සමානව ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් අද රටේ තිබෙනවා. නාමල් රාජපක්ෂ මහතාත් ඒ පිළිබදව කතාකර තිබෙනවා. මේ රටේ විධායක ජනාධිපතිවරු පස්දෙනෙක් යටතේ යුද්ධ කළා. එදා අපේ ජීවිතවලට විශ්වාසයක් තිබුණේ නැහැ. නමුත් මහින්ද රාජපක්ෂ මහතා නිසා අපි අද විශ්වාසයෙන් කතා කරනවා. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාගේ කඳවුර ආරක්ෂා කරන්න ඕනෑම කැපකිරීමක් කරනවා.’’ 

 namal a982q3
 
 

pe2024 2

worky sin

නවතම පුවත්