theleaderlk 01

මෙරටෙහි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් සිටින බවත්, ඔවුන්ට ලෝකයේ රටවල ඉතා හොඳ ඉල්ලුමක් ඇති බැවිනුත් බුද්ධි ගලනය

ඇති නොකර බුද්ධිය රඳවා ගත හැකි ක්‍රම ගැන සිතිය යුතු බව විපක්ෂ නායකවරයා පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ වෘත්තීයවේදීන් සමග කොළඹ දී පැවැති සම්මන්ත්‍රණයක දී ය.

එම සම්මන්ත්‍රණයේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

නිදහස් සෞඛ්‍ය සේවය නිදහස් ද...?

සමගි ජන බලවේග රජයක් තුළින් ලබා ගන්නා වරම හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ  නිදහස් සෞඛ්‍ය, නිදහස් අධ්‍යාපනය ඇතුළු පුරවැසියන් තුළ තිබිය යුතු අනෙකුත් ආර්ථික , සමාජීය අනෙකුත් අයිතිවාසිකම් සත්‍ය වශයෙන් මුලික අයිතියක් කරන බවත් ප්‍රතිපත්ති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීමත්, අධීක්ෂණය කර අඩුපාඩු සොයා බැලීම වැනි ප්‍රතිපත්ති චක්‍රය නිවැරදිව ක්‍රියාත්මක වනවාද යන ගැටලුවක් ඇති බවත් ප්‍රතිපත්ති සම්පාදනය දත්ත කේන්ද්‍රීය සාක්ෂි කේන්ද්‍රීය විද්‍යාත්මකව ගන්නවා වෙනුවට හදීසියේම සිදුවන දෙයක් ලෙස ක්‍රියාත්මක බවත් මේ ක්‍රමයෙන් බැහැරව දියුණු සමාජයක් ලෙස කටයුතු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

නිදහස් සෞඛ්‍ය සුරකිනවා මෙන්ම නිදහස් සෞඛ්‍ය යන නාමය යටතේ විවිධ අවස්ථාවල නිදහස් සෞඛ්‍ය ලැබුනාද කියා විශ්ලේෂණය කළ යුතු බවත් මේ වන විට නිදහස් සෞඛ්‍යක් තිබුණත් එය නිදහස් ද කියා ගැටලුවක් ඇති බවත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අර්බුධයක් ඇති නිසා ඒවා ද හදුනා ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.


සෞඛ්‍ය ක්ෂේත්‍රය සවිබල ගැන්විය යුතුයි

සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළව සංචාරක කර්මාන්තය සම්බන්ධ කර ගෙන මෙන්ම නව තාක්ෂණය සමග නූතනවාදී කළ යුතු බවත් ව්‍යවසායකයන් දිරි ගැන්වීම සෞඛය පද්ධතිය සම්පත්වලින් සවිබල ගැන්වීම හා හදිසි තත්ත්වයට මුහුණ දියයුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

කොරෝනා සමයේ එවැනි හදිසි තත්ත්ව ඇති බවත් 1800 ගනන්වල පනතක් හරහා එහිදි කටයුතු කළ බවත් එම නිසා යුගයට ඔබින ලෙස සකස් කළ යුතු බවත් මහජනතාවට වගවෙන වගකියන සෞඛ්‍ය ක්ෂේත්‍රයක් ඇති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.


කුසලතාව මත වැටුප

මෙහි දී ජාතික වැටුප් ප්‍රතිපත්තිය කුසලතාව මත ලබා දීම හොද දෙයක් වුවත් විවිධ පාර්ශ්වයන්ගේ එකගතාව ලබා ගෙන ප්‍රතිපත්තියක් ලෙස ඉදිරියට යා යුතු බවත් දූෂණය අල්ලස කරා යන හිඩස නැති කළ යුතු බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.


විනිවිදභාවයෙන් යුත් රාජ්‍ය පාලනයක්

අවංකව විනිවිදභාවයෙන් යුක්තව දූෂණය නවත්වන ඩිජිටල් ක්‍රමවේද ඇති කළ යුතු බවත් රාජ්‍ය පාලනය තුළ අවංකවම තිබිය යුතු බවත් බලයක් තිබුනත් නැතත් එය ක්‍රියාත්මක විය යුතු බවත් කතාව වගේම ක්‍රියවෙන්ද එය ඔප්පු කළ යුතු බවත් තමා ද මේ දූෂණ විරෝධී වැඩපිළිවෙළ ස්ථාපිත කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය

pe2024 2

worky sin

නවතම පුවත්