රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දයක් දීමට එක්සත් ජාතික පක්ෂයේ හෝ පොහොට්ටුවේ අය සිතා සිටියා නම් එය නාස්ති නොකර
සමගි ජන බලවේගයට ලබා දෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ ඊයේ (06) අද ඇහැලියගොඩ පැවැති ජන රැළිය අමතමිනි.
නයි මුගටි දැන් එකතුයි
‘‘නයි මුගටි එකතුව අද වන විට රටේ ලක්ෂ දෙසිය විස්සක ජනතාව ඉදිරියේ සිදු වී තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපති සහ අනුර කුමාර දේශපාලන දීගයක යනවා. මේ පාර්ශ්ව දෙක ම එකට එකතු වූ අශුද්ධ සන්ධානයක් නිර්මාණය කර මාව පරද්දන්න එකට එකතු වෙලා. ජනාධිපති අපේක්ෂකයකු වෙනුවෙන් රු. මිලියන දෙසීයක් වැය වෙනවා. මේ දෙන්නට කතා කරලා ජනාධිපතිකම් අගමැතිකම් බෙදා ගත්තනම් ඒ වියදමෙන් මිලියන දෙසීයක් අඩුවෙනවා. මේ තරම් කල් ඒ අය කරේ රඟපැම සහ රැවටිල්ල. මේ දෙන්න ම ඩීල්; ඩීල් එක අනුව තැපැල් ඡන්දයට කලින් අනුර කුමාරට රාජ්‍ය මාධ්‍ය හරහා කතා කරන්න ඉඩ දුන්නා.
අපේ රටේ ඉතිහාසයේ ජනාධිපතිවරණයට තරග කරන අයකු පරදිනවා කියා ප්‍රකාශ කළ මුල්ම අවස්ථාව තමයි මේ ජනාධිපතිවරණය. වත්මන් ජනාධිපති පරාජය වන බවට ඔහුම ප්‍රකාශ කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් ඡන්දයක් ගහන්න එක්සත් ජාතික පක්ෂයේ හෝ පොහොට්ටුවේ අය හිතුවා නම් එය නාස්ති නොකර සමගි ජන බලවේගයට ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා.
ගෝඨා 40,000කගෙ රැකියා අහිමි කරා
රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉතිහාසය පුරා අතරමං කිරීම සහ පාවාදීම සිදු කරලා තියෙනවා. දෙදහස් දහනමයෙ තමාව පරාද කරන්න ගෝඨාභය එක්කත් ඩීල් ගැහුවා. මම පැරදුණු නිසා මගේ සාමාජිකයන් හතළිස් දහසකගේ රැකියා අහිමි කරලා, උසස්වීම් අහිමි කරලා පළි ගත්තා. ඒ දේවල් කරපු රනිල් අනුප්‍රාප්තික ජනාධිපතිවරයා වෙලාවත් එසේ පළි ගැනීමට ලක්වු හතළිස් දහස ගැන හිතුවෙ නෑ. ඒකෙන් කියවෙන්නෙ මොකක් ද? ඔහු: ජන දුක, ජනතා අපේක්ෂා, බලාපොරොත්තු ගැන කිසිම තැකීමක් නොකරණ බවයි.
දේශපාලන පළිගැනීම්වලට ලක්ව අන්ත අසරණ වුණ ඒ හතළිස් දහසේ වගකීම මම බාර ගන්නවා. යුඇන්පී ජනාධිපතිවරයාට ඒක කරන්න බැරි වුණාට මම එය බාර ගන්නවා.
අනුර දකින හීන
අද ක්‍රියාත්මක: ජඩ, මජර, ජනතාව රවට්ටවන, අන්දවන, පහත් දේශපාලන ක්‍රමය අපි නැති කර දැමිය යුතුයි. ක්රමයේ වෙනස කියන්නෙ ඒකයි. අද වන විට එනවා යනවා කියා කටකතා කිව්වත් සමගි ජන බලවේගයේ ගමනේ කිසිම මහජන නියෝජිතයෙක් මුදල් ගෙවා ගත්තේ හා තියාගත්තේ නෑ.මේ රටට ඇති එකම විකල්පය රනිල් අනුර දේශපාලන දීගය නෙවෙයි; ජන දුක හඳුනන ජනතා හදගැස්ම හඳුනන ජනතාවාදී සමගි ජන බලවේගය හා සන්ධානය යි.
අනුර කුමාර දිසානායක අපේක්ෂකතුමා උතුරට ගිහින් කියනවලු එයා දකුණෙන් දිනල කියල. ඒක එයා දකින හීනයක්. අනුර රනිල් එක්ක දේශපාලන වශයෙන් දිග කද්දි සමගි ජන බලවේගය ගිවිසුම් ගත වන්නේ පොදුජනතාව සමග යි. මට හොර ඩීල් නෑ. මගේ එකම වගකීම දුකට පත් ජනතාව මුදවා ගැනීම යි.’’