theleaderlk 01

ජනතා විමුක්ති පෙරමුණේ අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුවේ යැයි කියන පුද්ගලයෙක්, ඔවුන්ගේ ටී ෂර්ටයකින් සැරසී “බලයට ආවම අපි බලාගන්නම්.

සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුදෙනාට පහර දෙනවා" යැයි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

ජාතික ජන බලවේගයට සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයක් පැවැත්වූ දේශපාලන රැස්වීමක් අවසානයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.

ජාතික ජන බලවේගයේ 'මාලිමාව' ලාංඡනය සහිත ටී ෂර්ට් ඇඳ ‘‘අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. අපි බලයට ආවම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා’’ යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශකර, එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදා හැරීම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමක් බව පාර්ලිමන්තු මන්ත්‍රිවරයා සඳහන් කළේය.

මෙවැනි ප්‍රකාශ තුළින් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා රට ලේ විලක් බවට පත්වීමේ අවදානමක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.

(aruna.lk - සාලිය කුමාර ගුණසේකර)

 

pe2024 2

worky sin

නවතම පුවත්