theleaderlk 01

ජනතාවගේ දුක ගිනි නිවා දැමීමට ඉදිරිපත් වී එය සාර්ථකව ඉටු කළ එක ම නායකයා වත්මන් ජනාධිපති බව රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිණී තලතා

අතුකෝරළ  ප්‍රකාශ කළා ය.

තමන් මෙවර ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දැක්වීමට තීන්දු කළේ ද එම නිසා බව තලතා අතුකෝරළ පැවසුවා ය.

ඇය එලෙස පැවසුවේ ඊයේ (08) වැලිමඩ පැවති ‘පුළුවන් ශ්‍රී ලංකා’ ජන රැලිය අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ තලතා අතුකෝරළ,

මට අද සතුටු දවසක්

  ‘‘හැට නම ලක්ෂයගේ ජනවරමකින් බලයට පත් වුණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ජනතාව අතරමං කර රටින් පැනල ගියපු අවස්ථාවෙ අසරණ වුණ ජනතාවගේ පිහිටට සිටි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විතරයි. එතුමා ජනතාවගේ දුක ගිනි නිවා දැමීමට ඉදිරිපත් වී එය සාර්ථකව ඉටු කරපු නිසා මෙවර ජනාධිපතිවරණයේ දී එතුමාගේ ජයග්‍රහණය සඳහා සහාය මම තීරණය කරා.

මට අද දේශපාලන ජීවිතේ ඉතා වැදගත් දවසක්. ඒ වගේම ඉතාම සතුටු දවසක්.  මම දිගු කලක් මේ තීරණය ගැනීමට කල්පනා කරමින් සිටියා. මම හෘද සාක්ෂියට එකඟව තීරණය ගන්න කෙනෙක්. මම වසර විස්සක් පාර්ලිමේන්තුවේ සිටියා. ඉන් වසර දාසයක් රනිල් වික්‍රමසිංහ නායකතුමාගේ යටතේ හිටියා. වසර හතරක් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ හිටියා. මට මේ නායකයින් දෙදෙනාගේ ම දුර්වලකම්, හැකියාවන්, කුසලතා දක්ෂතා ගැන කතා කරන්න පුළුවන්. ඒත් මේ ඒකට අවස්ථාව නෙවෙයි.

රනිල් වික්‍රමසිංහ මැතිතුමා අද ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. මම එතුමාගේ ජයග්‍රහණයට සහාය දැක්වීමට තීරණය කරා.  මම මේ තීරණය ගත්තේ බොහොම හොඳට කල්පනා කරලා.

රට ස්ථාවර කරන කටයුතු කළා

මීට අවුරුදු දෙකකට පෙර අපේ රටේ ජනතාව හිටියේ දුක් ගොඩක. එදා හිටපු ජනාධිපතිතුමා රට අතහැර ගියා.  ජනතාව අතරමං වුණා. ඒ අවස්ථාවේ ජනතාවට කෑම බීම, බෙහෙත්, ඉන්ධන, විදුලිය, ජලය කිසි දෙයක් නැහැ. දරුවට කිරි ටිකක් නෑ. ඒ හැම දෙයක් ම ලබාගන්න පෝලිම් තිබ්බා; සමහර වෙලාවට පෝලිම්වල ඉඳලත් ගන්නත් බඩු තිබුණෙ නැහැ. ඒ අවස්ථාවේ ජනාධිපති ආර්ථික වශයෙන් රට ස්ථාවර කරන කටයුතු කරා; අමාරු තීරණ ගත්තා; ඒ නිසා අපිට යම්  සහනයක් ලැබුණා.

එතුමා නොහිටින්න අද අපේ රටේ මොන තත්ත්වයක් තිබේද හිතාගන්නත් බැහැ. එතුමා එදා තනි මන්ත්‍රීවරයා වශයෙන් ඉදිරිපත් වෙලා මේ ගැටලුවලට විසඳුම් ගෙනාවා. ඒ කළ දේට ගරු කිරීමක් ලෙසයි මම මේ ජනාධිපතිවරණයේ දී එතුමාට ජයග්‍රහණය කරවීමට සහයෝගය දෙන්න මම ඉදිරිපත් වුණේ.’’


pe2024 2

worky sin

නවතම පුවත්