theleaderlk 01

ඉදිරි මහ මැතිවරණය මෙම වසරේ නොවැම්බර් මස අවසන් සතියේ පැවැත්වීමට ඉඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය ඇතුළු ප්‍රධාන පක්ෂ ගණනාවක් විසින් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ තමන් ජනපතිවරණයෙන් ජය ගතහොත් වහා පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වන බවය.

සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණය පවත්වා නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු එම සතියේම මැතිසබය විසුරුවා හැරියහොත් දින 66 ක් තුළ මහ මැතිවරණය පැවැත්විය හැකි බව මෙයට පෙර මැතිවරණ කොමිසම ප්‍රකාශ කර තිබිණි. 

ඒ අනුව ජනපතිවරණය හමාර වූ පසු මැතිසබය විසුරුවා හැරියහොත් නොවැම්බර් මස අවසන් සතියේ මහ මැතිවරණය පැවැත්වීමට බොහෝ දුරට ඉඩකඩ ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග පවසයි.

(deshaya.lk)

pe2024 2

worky sin

නවතම පුවත්