theleaderlk 01

සෑම බල ප්‍රදේශයක ම විහිදී තිබෙන කලා ආයතන ශක්තිමත් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ පසුගිය 8වන දින කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති සමගි හෙළ ජන සංස්කෘතික සමුළුව අමතමිනි.

මේ අවස්ථාවට: ශාන්තිකර්මවේදීන්, ජ්‍යොතිෂ්‍යවේදීන්, අංගම්පොර ශිල්පීන්, නර්තන ශිල්පීන්, විරිදු කණ්ඩායම් ආදී පාරම්පරික ජන සංස්කෘතික කලා කටයුතුවල නියුතු පාර්ශ්ව රැසක් එක්ව සිටියහ.


හෙළ ජන සංස්කෘතිය වෙනුවෙන් ජනාධිපති විශේෂ කාර්ය බලකායක්

හෙළ ජන සංස්කෘතික ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ ද වෙනම ම ඒකකයක් පිහිටුවා, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඇතුළු සියලුම රජයේ ආයතන ඒකාබද්ධ කර, හෙළ ජන සංස්කෘතිය වෙනුවෙන් ජනාධිපති විශේෂ කාර්ය බලකායක් ස්ථාපිත කරන බව ද විපක්ෂ නායකවරයා පැවසී ය.

මේ පාර්ශ්ව වෙනුවෙන් විධිමත් ලියාපදිංචියක් නිර්මාණය කර, අදාළ ක්ෂේත්‍රයේ සියලු දෙනාට හැඳුනුම්පතක් නියම කර, පාර්ලිමේන්තු අනපනත් හරහා නෛතික පිළිගැනීමක් සහ ගෞරවයක් මෙන් මඇගයීමක් ලබා දෙන්න කටයුතු කරන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.


විදේශ විනිමය ඉපයිය හැකි මාර්ගයක්


සංස්කෘතික කටයුතු ක්‍රියාත්මක කිරීමේ දී ප්‍රතිපාදන ගැටලු, ආම්පන්න ගැටලු යනාදිය පැවතුණ ද එම දැනුම නව පරපුර කරා ගෙන යන්නට නිසි වැඩපිළිවෙළක් නොමැති බැවින් ප්‍රාදේශීය ලේකම් මට්ටමින් ඒ සියල්ල විධිමත් කරන විට මේ ක්ෂේත්‍රයේ සිටින සියලුම කණ්ඩායම් විධිමත් ලෙස සංවිධානය කරඒ පිරිස වෙනුවෙන් නිල පිළිගැනීමක් මෙන් ම පැහැදිලි ඇගයීමක් ලබා දීමට කටයුතු කරන බව ද හෙතෙම පැවසී ය.

එමෙන් ම මේ ඉපැරණි සංස්කෘතික ක්‍රියාදාම සංචාරක ක්ෂේත්‍රයට බද්ද කිරීම හරහා අප රටට විශාල විදේශ විනිමයක් ඉපැයිය හැකි බවත් මේ පිළිබඳ මෙතෙක් රාජ්‍ය පාලනය කළ නායකයන්ගේ අවධානය යොමු නොවි ඇති බවත් අපේකමට සංස්කෘතියට සභ්‍යත්වයට වටිනාකමක් ලබා දෙන විශ්වාසනීය දේශපාලන බලවේගය සමගි ජන බලවේගය හා සමගි ජන සන්ධානය වන බැවින් මේ උරුමයට ලබා දිය යුතු නිසි ගෞරවය පිළිගැනීම ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසී ය.

pe2024 2

worky sin

නවතම පුවත්