theleaderlk 01

මෙරටේ දමිළ මුස්ලිම් තාරුණ්‍යයට හොඳ හෙට දවසක් නිර්මාණය කර දීමට තමන්ට හැකි යැයි නාමල් රාජපක්ෂ පැවසී ය.


හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (10) මඩකළපුව නගරයේ පැවති ජන රැලිය අමතමිනි.

ඒ අවස්ථාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ...

තමන්ගෙ පළාතෙන් ම නායකයින් තෝරන්න

‘‘හැම දේශපාලඥයෙක් ම දමිළ මුස්ලිම් ජනතාවට ලබාදෙන ව්‍යවස්ථාවල් හදන දේශපාලනික පොරොන්දු ලබා දෙන්න මට බෑ. ඒ වෙනුවට මේ රටේ දමිළ මුස්ලිම් තරුණයටත් හොඳ හෙට දවසන් හදලා දෙන්න මට පුළුවන්; ඒ සඳහා අපිට උවමනාවක් තියෙනවා. ඡන්දෙ කාලෙට ජාතීන් අතර බෙදීම් වැඩිවෙනවා. ඇතැම් දේශපාලඥයන් ජාතීන් විදියටත්, ආගම් විදියටත්, පක්ෂ විදියටත් බෙදීම් ඇති කරමින් දේශපාලනය කරාට මම බෙදීමෙන් දේශපාලනය කරන දේශපාලඥයෙක් නෙවෙයි. අද, නැගෙනහිරට මඩකළපුවට කොළඹින් ගෙනත් දමන දේශපාලඥයන් වෙනුවට තමන්ගෙ පළාතෙන් දේශපාලන නායකයන් බිහිකරගැනීමට ජනතාවට පෙළ ගැසිය යුතුයි. ඒ වෙනුවෙන් මම උදවු කරන්නම්.

සිංහල දමිළ භාෂා දෙක ම ආරක්ෂා කරනවා

මත්තලින් අධිවේගී මාර්ගය මඩකළපුවට ගේන්න අපට සැලැස්මක් තිබුණා. යහපාලන ආණ්ඩුව ඒක නැවැත්තුවා. අපි හදන ආණ්ඩුවක් තුළ මත්තල අධිවේගී මාර්ගය මඩකළපුවට එනකම් හදනවා. විශේෂයෙන් මත්තල ගුවන් තොටුපළ එක්ක බද්ධ කරමින් සංචාරක කර්මාන්තය මඩකළපුවට, අරුගම්බේවලට, ඒවගේම ත්‍රිකුණාමලයට පාසිකුඩාවලට සංවර්ධනය වෙනවා.

දමිළ සංස්කෘතිය මම ආරක්ෂා කරන්න ඕනි. ඉස්ලාම් සංස්කෘතියත් මම ආරක්ෂා කරන්න ඕන. බෞද්ධ සංස්කෘතියෙන් හැදිච්ච රටක් විදියට අනිත් සංස්කෘතීන් ආරක්ෂා කරන්න අපට වගකීමක් තියෙනවා.

ඉංග්‍රීසි භාෂාව පොදු භාෂාව විදියට අපොස සාපෙළ ඉඳන් මේ රටේ දරුවන්ට කියලා දෙන්න ඕන. අනිවාර්යයෙන්ම දමිළ භාෂාව දමිළ දරුවට උගන්වන්න ඕන. සිංහල භාෂාව ආරක්ෂා කරනවා වගේම මම මේ රටේ දමිළ භාෂාවත් ආරක්ෂා කරනවා.

අපි අමාරු කාලයක් පහුකරගෙන ආවා. එදා ජාතින් අතර බෙදීමක් ඇතිවුණා. ඡන්දෙ කාලෙට ඒ බෙදීම වැඩිවෙනවා.ඔය සමහර දේශපාලඥයො දේශපාලනය කරන්නෙ බෙදලා. ජාතීන් විදියට බෙදනවා. ආගම් විදියට බෙදනවා. පක්ෂය අතරත් බෙදනවා. මම බෙදීමෙන් දේශපාලන කරන කෙනෙක් නෙමෙයි. මම කරන්න පුළුවන් දේ පුළුවන් කියනවා. කරන්න බැරි දේ බැහැයි කියනවා. ලබන විසි එක්වැනිදාට පොහොට්ටුව ජයග්‍රහණය කරවලා මේ රට දියුණු රටක් කරාගෙන යන ගමනට ඔබේ යුතුකම ඉටුකරන්න කියන ඉල්ලීම මම කරනවා.’’

(නිපුන )

pe2024 2

worky sin

නවතම පුවත්