theleaderlk 01

වත්මන් ජනාධිපතිවරයා සහ අනුර කුමාර දිසානායක අතර අමුතුම ආකාරයේ සන්ධානයකට එළඹ ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අනාවරණය කරයි.


විපක්ෂ නායකවරයා මෙම අනාවරණය කළේ ඊයේ (10) පුත්තලමේ පැවති ජන රැලියක් අමතමිනි.

එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...

මගේ එක ම අරමුණ

‘‘වත්මන් ජනාධිපතිවරයා ආර්ථිකය සංකෝචනය කරන ජනතාවගේ හිස මත බරපටවන ජනතා පීඩනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා සේම ඔහුත් අනුර කුමාර දිසානායක සමග අමුතු සන්ධානයකට එළැඹී තිබෙනවා. ඒ සන්ධානය තමයි මාව පරාජය කරලා අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කරවීම. ඒ නිසා ජනාධිපතිවරයා මැතිවරණ පරාජය වන බවට පිළිඅරගෙන ඉවරයි. රනිල් සහ අනුර හොදම දේශපාලන ඩීල් එකක් ගහල තියෙනවා. ඒ අය ඩීල් ගැහුවට මට ගැටලුවක් නෑ. මගේ ඩීල් එක තියෙන්නෙ ලක්ෂ දෙසිය විස්සක ජනතාව එක්ක යි. මේ ජනතාව වැටිල තියෙන තැනින් ගොඩ ගැනීම තමයි මගේ එක ම අරමුණ. ඒ වගේ ම ජනාධිපතිවරයාට පුරුදු එයාගේ පැළැන්තියේ හා පන්තියේ අයට සලකීම නේ. උග්‍ර පොහොසතුන් ඔහුගේ පන්තියේ අය යි. අයි එම් එෆ් වැඩපිළිවෙළ යටතේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරනයේ දී වැඩ කරන ජනතාව මත බරපටවලා සුපිරි පොහොසතුන් රැකගත්තේ ඒ නිසා නේ.

සමාජවාදී ඩීල්කාරයා

මහලොකුවට සමාජවාදය ගැන කතා කරන අනුර කුමාර රනිල් වික්‍රමසිංහ එක්ක ඩීල් දානවා. මේ අය ඩීල් දාන්නේ රට ගොඩගන්න නෙවෙයි; ඒ අයට ගොඩ යන්න. අපි දන්නවා ගිය වතාවේ හැට නම ලක්ෂයක් ඡන්ද දීලා වැඩ වරද්දා ගත්ත බව. ඒ නිසා නැවත වරක් බොරු සෝබනවලට රැවටෙන්න එපා. අද වන විට රනිල්  අනුර එකට එකතු වෙලා ජනතාව ඇන්දවීමට කුමන්ත්‍රණ කරනවා; රටට එකක් පෙන්වා යටින් ඒ දෙන්නා ඩීල් දානවා. ඒ දෙන්නා අගමැතිකම් ජනාධිපතිකම් බෙදාගෙන ද කියලත් සැකයක් තියෙනවා.

දැවැන්ත අධ්‍යාපන විප්ලවයක්

රජයේ සංඛ්‍යා ලේඛන අනුව ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ කර්මාන්ත දෙලක්ෂ හැට දහසක් වැහිලා. ඒ නිසා මේ ජනතාව බේරාගත යුතු යි. ඊට අමතරව නව ව්‍යවසායකයන් මිලියනයක් බිහි කල යුතුයි. ඊට අමතරව දැවැන්ත අධ්‍යාපන විප්ලවයක් රට පුරාම සිදු කරනවා. සජිත් ප්‍රේමදාස කියන්නෙ මුදලට තනතුරුවලට වරදානවලට අලෙවි වන කෙනෙක් නෙවෙයි. ලක්ෂ දෙසිය විස්සක් ජනතාවගේ විශ්වාසය දිනා ගෙන, ආත්මගරුත්වය රැකගෙන කටයුතු කරන කෙනෙක්.’’

pe2024 2

worky sin

නවතම පුවත්