රාජපක්ෂලා හොරු යැයි ඔප්පු කිරිම සඳහා වියදම් කරේ ද ජනතාවගේ බදු මුදල් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක
නාමල් රාජපක්ෂ පැවසී ය.
නාමල් රාජපක්ෂ එලෙස පැවසුවේ ඊයේ (10) මාතලේ නාවුල නගරයේ පැවති ජන රැලියේ දී ය.
එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
හැම නඩුවකින්ම නිදොස් කොට නිදහස්
‘‘අපේ රටේ දේශපාලනඥයෝ බොහෝ වෙලාවට සංවර්ධනේ දැක්කේ වැරදි ඇසකින්. එක පැත්තකින් ඒ අයට දැක්මක් තිබ්බේ නෑ රට හදන්න. ඒ අය කවදාවත් සිතුවේ නෑ මේ රටේ මාර්ග පද්ධතිය කාර්පට් වෙලා ගම සහ නගරය යා කරයි කියලා. ඒ අය බොහෝ වෙලාවට බැලුවේ මැතිවරණ වේදිකාවේ දි පොරොන්දු ගොන්නක් දීලා ඒ පොරොන්දු අලුත් කරගෙන ඊළඟ මැතිවරණයට යන්නයි. ඒ නිසාම තමයි අපි අවුරුදු තිහක් දැක්කේ මැතිවරණ වේදිකාවේ දූෂණය, භීෂණය, යුද්ධය ආදිය පෙරළා පෙරළා කියවීම.
දැන් යුද්ධය කියන කාරණය අවසන්. ඒ නිසා දැන් බොහෝ වෙලාවට හොරු අල්ලන්න තමයි ජනාධිපතිවරු එන්නේ. ඒ නිසා හොරු අල්ලන්න ගියාම පොලිසියට වෙනත් වැඩක් කරන්න වෙන්නේ නෑ. ජනාධිපතිවරු වෙන්නෙත් හොරු අල්ලන්න. යහපාලන ආණ්ඩුවෙත් එහෙම ම ආවා. කමිටුවකුත් දැම්මා. ඔය කියන හැමෝම ඒ කමිටුවට එකතුවෙලා හොරු අල්ලන්නත් ගියා. අපිට නඩු පිට නඩු දැම්මා. මම මේ මැතිවරණය ඇතුළෙත් උසාවි ගිහිල්ලා ආවෙ. නමුත් අපි ඒ හැම නඩුවකින්ම නිදොස් කොට නිදහස් වුණා විතරක් නෙවෙයි වර්තමාන ආණ්ඩුවේ ජනාධිපතිවරයා එවකට අගමැතිවරයා පැහැදිලිව පාර්ලිමේන්තුවේ දි ප්‍රකාශයක් කළා ලෝකෙ වටේ ගිහිල්ල රාජපක්ෂවරුන්ගේ ගිණුම් පිළිබඳව සොයා බැලුවා කියලා.
අයුතු ලෙස වත්කම් උපයා ගත්තා කියා කිසිම සාක්ෂියක් නෑ. ඒ නිසා එම නඩුවලින් නිදහස් වුණා. නමුත් ඒ සෑම පරීක්ෂණයකටම වියදම් කළේ මේ රටේ ජනතාවගෙන් ලබා ගන්නා බදු මුදල්. මේ රටේ සාමාන්‍ය ජනතාවගෙන් ආණ්ඩුවට ලැබෙන බදු මුදල්. සමහරවිට ගත්ත ණය වෙන්නත් පුළුවන්. මේවා තනිකරම දේශපාලන වේදිකාවේ ඇමති සටන් පාඨ.
පෙර පාසලේ හෙලිකොප්ටරය
ලැම්බෝගිනි හොයන්න අපේ ගෙවල්වලට ඇවිල්ල ලැට් වළවලුත් හාරලා බැලුවා. දැන් බැලුවම අපිට ම හිනා යනවා. මෙහෙම නායකයෝ ද රට පාලනය කරන්නේ කියලා. අපේ අම්මට පෙර පාසලක් තියෙනවා. ඒකෙ තියෙනවා මුහුදෙ දාපු හෙලිකොප්ටරයක්. ඒ ගැන පරීක්ෂණයක් කරන්නත් ආවා හෙලිකොප්ටරයක් තියෙනවා කියලා. එවැනි පිරිසක් තමයි මේ රටේ ආණ්ඩු කරන්න ඉල්ලන්නේ. අපිට වෛරය නෑ. අපිට ඊර්ෂ්‍යාව නෑ. අපිට පළිගන්න වුවමනාවක් නෑ. නමුත් අපිට වැඩ කරන්න ඕන. අපිට රට හදන්න ඕන.
අපි හැමදාම විශ්වාස කළ අපේ සංස්කෘතිය, අපේකම, දේශීයත්වය, ව්‍යවසායකයා, ව්‍යාපාරිකයා ආරක්ෂා කරන්න ඕන. අපි මැතිවරණ වේදිකාවට එන්නේ ප්‍රතිපත්තියක් එක්ක. පෞද්ගලික කාරණා මත නොවෙයි. පෞද්ගලිකත්වය මට දේශපාලනය කරනවා නම් එක්දහස් නමසිය අනූ හතරේ සිට කැබිනට් එකේ හිටිය හැම ඇමති කෙනෙක් ම වගේ වැඩ කරන්න තිබුණා.
අපි රට හදන පැත්තේ
හැම ආණ්ඩුවක ම, හැම ජනාධිපතිවරයෙක් යටතේ ම හිටපු ඇමැතිවරු ඉන්නවා. ඒ වගේ අපටත් තිබුණ දේශපාලනික වශයෙන් මාරුවෙන්න. අපි ප්‍රතිපත්තියක් එක්ක දේශපාලනය කරනවා. මහින්ද රාජපක්ෂ මහතා එදා මොන්ටි ගොපල්ලව මැතිතුමාලා එක්ක ගොඩනගපු දේශපාලන බලවේගය අපි දන්නවා. ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් තිබෙන්න ඕන. අපි පැහැදිලිව රට හදන පැත්තේ සිට ගනුදෙනු කරනවා. අපි අදටත් විශ්වාස කරනවා මේ රටේ දේශීය ව්‍යාපාර රකින්න ඕන. මාතලේ දිස්ත්‍රික්කයට එනකොට කුඩා කර්මාන්ත, සඳහා හොඳ මිලක් දෙන්න, ව්‍යාපාරිකයන්ට සහන දෙන්න අපි කටයුතු කරනවා.
අපේ රටේ නිෂ්පාදනය කරන්න පුළුවන් හැම බෝගයක් ම නිෂ්පාදනය කරනවා. දේශීය ව්‍යාපාරිකයා කම්කරුවා, ව්‍යාවසායකයා ආරක්ෂා කරන්න අපේ ආණ්ඩුවක් තුළ කටයුතු කරනවා. අපි ඒක කරනවා. ඒ අය කෙරෙහි විශ්වාසයක් තිබෙනවා. මේ රට ඩිජිටල්කරණය කිරීමේ වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. මේ රටේ තරුණ තරුණියන්ට විදෙස් ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය පෝලිම්වල නොසිට ඉතා ඉක්මනින් හදාගන්න පුළුවන් වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරනවා.
රැකියා ලක්ෂ විස්සක ඉලක්කය
සැබෑ පෝලිම ඉවත් කරනවා. වංචාව හා දූෂණය මැතිවරණ වේදිකාවෙන් ඉවත් කරනවා. තාක්ෂණය සහ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ සිට ටෙන්ඩර් පටිපාටිය දක්වා තරගකාරී ලංසු ක්‍රමයට තාක්ෂණයේ හඳුන්වාදී විනිවිදභාවය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා. අපි ගනුදෙනු කරන්නේ ලෝකයත් සමග. අපි ගනුදෙනු කරන්නේ මේ රටේ මහ පොළොවේ පය ගහලා ඉන්න දෙමව්පියන්ගේ දරුවන්ගේ ආර්ථිකය සුරක්ෂිත කරන්නයි. තොරතුරු තාක්ෂණ අංශය වෙන්න පුළුවන්. ආයෝජන හා නිෂ්පාදන අංශය වෙන්න පුළුවන්, සේවා අංශය වෙන්න පුළුවන්, විදේශ රැකියා අංශය වෙන්න පුළුවන් රැකියා ලක්ෂ විස්සක් ඊළඟ වර්ෂය දහය තුළ ඔබේ දරුවන් වෙනුවෙන් නිර්මාණය කිරීමේ අභියෝගය මම භාර ගන්නවා.
මම දන්නවා මේ රටේ තරුණයන්ගේ අවශ්‍යතාවය මොකක්ද කියලා. මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත කරන විදිය මම දන්නවා. ඒකීය බව ආරක්ෂා කරන මේ රට තුළ සියලු සංස්කෘතීන් ආරක්ෂා කරමින් මාතෘ භූමියේ ඒකීයත්වය රකිමින් අපේ දරුවා වෙනුවෙන් රාජ්‍ය සම්පත් සංවර්ධනය කොට අලුතින් රැකියා උත්පාදනය කරමින් දේශීය ආර්ථිකය ශක්තිමත් කරමින් දියුණු රටක් ඔබ වෙනුවෙන් ගොඩනගන අභියෝගය අපි භාරගන්නවා.’’
අපි ජාතිකවාදි කඳවුරේ - නාලක කෝට්ටේගොඩ
‘‘අද අපි රටක් ලෙස අභියෝගාත්මක අවස්ථාවට මුහුණ දෙමින් ඉන්නවා. අසාමාන්‍ය දේශපාලන වාතාවරණයක විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණ සිටිනවා. එදා මැයි මාසයේ නමවෙනිදා මගේ කාර්යාලය ගිනි තිබ්බා. නිවස විනාශ කළා. රට අර්බුදයට ඇද දැම්මා. ආණ්ඩුවේ නායකත්වය මාරු කරන්න කටයුතු කළා. නමුත් වසර කිහිපයක් යාමට පෙර විශාල පිරිසක් එක්කර ගන්න අපිට හැකියාව ලැබුණා. දෙදහස් විස්සෙ පාර්ලිමේන්තු මැතිවරණය අපි විශාල ජයග්‍රහණයක් ලබාගත්තා. එයින් පසුව මැතිවරණ පවත්වා නැහැ. නමුත් ඒ අවුරුදු හතර ඇතුළත වසංගත තත්ත්වයක් ආවා. ආර්ථික අර්බුදයක් ආවා. ඒවා දඩමීමා කරගෙන මේ රටේ දේශපාලනයේ වෙනස්කම් සිදුවුණා. ඒවා සියල්ල සිදුවුණේ කුමන්ත්රණවලින්.
අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන්නේ මේ රටේ ජාතිකවාදී කඳවුරයි. මේ රටේ දේශීයත්වය නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂයි. අනෙක් සියලු අපේක්ෂකයන් විදෙස් බලවේග සමඟ එක්ව සිටිනවා. ඡන්දයෙන් ගන්න නොහැකි අවස්ථාව විවිධ කුමන්ත්රණවලින් ලබාගන්න ඔවුන් උත්සාහ කළා. මේ රටේ අරගලයක් නිර්මාණය කළා. ඒවා කෘතීමව නිර්මාණය කළා. තෙල් ගබඩාවල දත්ත පද්ධතිය එදා සම්පූර්ණයෙන්ම මකා දමා තිබෙනවා. එදා පෝලිම් හදපු විදිය අපි දන්නවා. බලය අල්ලා ගැනීම සඳහා ඔවුන් මෙවැනි ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.
දැන් අපි අවදියෙන්
මේ රටේ ජාතිකත්වය මරන්න බැහැ. ජාතිකත්වය, දේශීයත්වය නියෝජනය කරන්නේ නාමල් රාජපක්ෂ. මගේ මහ ගෙදර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනවා. අම්මා සමග තරහා වෙලා ගෙදරින් ගිය අය යළිත් මහ ගෙදරට එනවා. මේ රටේ බෙදුම්වාදී යුද්ධය අවසන් කරන්න අපේ පක්ෂය පෙනී සිටියා. සංවර්ධනය කරන්න අපේ පක්ෂය පෙනී සිටියා. අපි යම්තාක් දුරට නිහඬව සිටියා. නමුත් දැන් අපේ පාක්ෂිකයන් අවදි වී තිබෙනවා. නමුත් අපිය බිය කරන්න උත්සාහ කරනවා. කිසිඳු අදහසක් ප්‍රකාශ නොකර ඉන්න සියයට හැට පහක් හැත්තෑවක් පමණ ඉන්නවා. ඒ පිරිස නිහඬව සිටින්නේ නාමල් රාජපක්ෂ මහතාට ඡන්දය දෙන්න. නාමල්ට ඇයි අපි ඡන්දය දෙන්නේ. මහින්ද රාජපක්ෂ මහතාගේ පුතා නිසා නොවෙයි. මෙවැනි තරුණ අපේක්ෂකයෙක් වෙනත් පක්ෂවල නැහැ. අරගලයෙන් ද ඉල්ලුවේ තරුණ අපේක්ෂකයෙක්. නාමල් රාජපක්ෂ හොඳ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කර තිබෙනවා. එවැනි වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශයක් වෙනත් අයෙකු ඉදිරිපත් කර නැහැ. දේශීයත්වයට ගරු කරමින් මේ රට බෙදන්න දෙන්නේ නැහැ කියා නාමල් රාජපක්ෂ කියනවා. නමුත් දහතුන ක්‍රියාත්මක කරන්නේ නැහැ කියා වෙනත් කිසිඳු අපේක්ෂකයෙකු ප්‍රකාශ කර නැහැ.’’
යුද්ධය අවසන් කරේ මහින්ද - ජානක තිස්සකුට්ටිආරච්චි
‘‘වියත් මගෙන් පැමිණි වියතුන් තමන්ගේ උගත්කම භාරදීලා බාර් ලයිසන්, රුපියල් ලක්ෂ දෙදහසට තුන්දහසට ට මහින්ද රාජපක්ෂ කඳවුර පාවාදීලා ගියා. ඒ වෙලාවේ මාතලේ දිස්ත්‍රික්කයේ ඉතිරිවුණු එකම කෙනා නාලක කෝට්ටේගොඩ මහතායි. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහණ දිසානායක සියලු දෙනා පැන ගියා. මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලයේ ඇමැතිකම් ලබාගෙන සංවර්ධනය කළා. නමුත් ඒවාට සල්ලි දුන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයා. නමුත් අවසානයේ අපිව දාලා ගියා. ඒ වලොවේ මාතලේ දිස්ත්‍රික්කයේ අභිමානය ආරක්ෂා කරගන්න නාලක කෝට්ටේගොඩ මහතා සමත් වුණා. ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ දහයකක් හිමිවුණා. එහෙම මුදල් අරගෙන අපේ කඳවුරෙන් වෙන්ව ගියා. මෙතන ඉන්න පිරිස සම්බන්ධයෙන් මම ආඩම්බර වෙනවා.
නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව අරගෙන තිබෙන ජවය අපිට පේනවා. විසිදෙවනදාට නියත වශයෙන්ම මේ රටේ ජනාධිපති බවට පත්වන්නේ නාමල් රාජපක්ෂ බව පැහැදිලි වෙනවා. අවසන් මැතිවරණයේ දී අපිට ඡන්ද ලක්ෂ හැටනමයක් තිබුණා. ඒ නිසා අපි බිය වියයුතු නැහැ. වැඩිපුරම වැඩ කරේ අපි නම් කිසිවෙකුට බිය වියයුතු නැහැ. ජේ.ආර් ජයවර්ධන අසූ තුනේකළු ජුලිය හදලා තිස් වසරක යුද බිය ඇති කරා. රණසිංහ ප්‍රේමදාසට ඒක නතර කරන්න නොහැකි වුණා. ගම්උදාව, ජනසවිය හැර රණසිංහ ප්‍රේමදාස කිසිවක් කරේ නැහැ. ඩී.බී විජේතුංගත් මේ රටට කිසිවක් කරේ නැහැ. නූතන විහාර මහාදේවිය කියලා ගෙනාව චන්ද්‍රිකා බණ්ඩාරනායකටත් යුද්ධය අවසන් කරන්න නොහැකි වුණා. නමුත් දෙදහස් පහේ දි බලයට ආව මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලුවේ යුද්ධය අවසන් කරන්න කියලයි. ඒ මහතා කිවුවා වගේ අවුරුදු තුනෙන් යුද්ධය අවසන් කළා. ඒ අනුව යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතා ඉතිහාසයට එක්වෙනවා. ඒ කඳවුර නියෝජනය කරන ජාතිය අපි.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය තවම තියෙනවා
මහින්ද රාජපක්ෂ මහතා මේ රට දැවැන්ත පරිවර්තනයකට ගෙනාවා. එතුමාගේ කඳවුරේ ඉන්න අපිට ලැජ්ජා නැද්ද කියලා කවුරු හරි අහනවා නම් ඒ අයට රටේ සත්‍යය පිළිබඳ අවබෝධයක් නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා රටට දැනෙන්න යමක් කළේ නැහැ. මිනී මරන්නේ නැතිව අභය දානය දෙන්න මහින්ද රාජපක්ෂ මහතා සමත්වුණා. මේ රටට අවස්ථා දෙකක දී අභය දානය දුන්නා. මෙවර ඡන්දයෙන් අපි දිනනවා. අනුර කුමාර දිසානායක කියන්නේ මේ රටේ නොම්මර එකේ මිනීමැරුවා. ඔවුන් භීෂණය වපුරනවා.
මාතලේ දිස්ත්‍රික්කයේ විශාල පිරිසක් දාලා යද්දී නාලක කෝට්ටේගොඩ මහතා මහින්ද මහත්තයාගේ කඳවුරේ ඉන්නවා. මේ අසීරු මොහොතේ විශාල පිරිසක් මේ ස්ථානයට සම්බන්ධ වී සිටිනවා. මේ වනවිට අපේ අය බියට පත්ව තිබෙනවා. ඒකට සාධාරණ හේතු තිබෙනවා. අපේ ජනාධිපතිවරයා පන්නා දමලා, අගමැතිවරයා ඉවත්කරන්න අරගලය සමත්වුණා. අපි මේ රට විනාශ කළ පක්ෂයක් නොවෙයි. මිනිස්සු මරලා, සොරකම් කරලා තිබෙන පක්ෂයක් නොවෙයි. දෙදහස් පහ වසරේ දී මහින්ද රාජපක්ෂ මහතා මේ රටේ ජනාධිපතිවරයා ලෙස පත්කර නොගත්තේ නම් අපේ රට වෙනත් දිශාවකට යනවා. අවුරුදු තිහක් පැවැති යුද්ධය අවසන් කරන්න මහින්ද රාජපක්ෂ මහතා හැර වෙනත් කිසිම නායකයෙකුට නොහැකි වුණා.
යුද සමයේ දී මේ රටේ තරුණ තරුණියන් විශාල පිරිසක් මියගියා. රාජ්‍ය සම්පත් විශාල ප්‍රමාණයක් විනාශ වුණා. මේ රටේ පැවැති යුද්ධය අවසන් කරන්න යම් යම් උත්සාහ දරන්න මේ රට පාලනය කළ නායකයන් උත්සාහ කරා. නමුත් යුද්ධය ඉවර කරන්න මහින්ද රාජපක්ෂ මහතා නායකත්වය ලබාදුන්නා. මීට වසර කිහිපයකට පෙරම අපේ රටේ පැවැති තත්ත්වය හොඳින් දන්නවා. අම්පාරේ සිදුවූ ඝාතන මගේ ඇස් දෙකින් දැක තිබෙනවා. එදා තමන්ගේ දරුවා පාසල් ගොස් ගෙදර එනකල් විශ්වාසයක් තිබුණේ නැහැ. අම්මයි තාත්තායි එක බස් රථයේ ගමන් ගියේ නැහැ. එදා යුද බිමට ගිය තමන්ගේ දරුවා යළි එනකල් දෙමාපියන් බලා සිටියා. එදා එළාර පරාජය කළ දුටුගැමුණුගෙන් පසුව යුද්ධය අවසන් කළ නූතන දුටුගැමුණු මහින්ද රාජපක්ෂ මහතා වෙනවා.
රට ණය වුණේ ජවිපෙ නිසා