රනිල් අනුර දීගය සහ සජිත් ප්‍රේමදාස බෙදුම් රේඛාව හඳුනා ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (10) කුලියාපිටියේ පැවති ජන රැලියක් අමතමිනි.
එහි දි වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
‘‘මේ වන විට රටේ ජනතාවට පැහැදිලි තීන්දුවක් තියෙනවා රනිල් වික්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක ජෝඩුවට කතිරය ගහනව ද එහෙම නැත්නම් රට ගොඩනගන සමගි ජන බලවේගය දිනවන කියල. මේ බෙදුම් රේඛාව හඳුනා ගන්නා කියල මම ඉල්ලා සිටිනවා.
මේ රටේ ජනතාව අන්ත ප්‍රපාතයට වැටී ජන ජීවිත කඩා වැටී කර්මාන්තශාලා වැසී රැකියා බිහි නොවන යුගයක් ඇති වෙලා. ළමා හා මාතෘ මන්දපෝෂණය වැඩිවන මේ යුගයේ ජන ජීවිත ශක්තිමත් කරන සංවර්ධන යුගය ක්‍රියාත්මක කරන්න සමගි ජන බලවේගය සුදානම්.’’
තරුණ පරපුර වෙනුවෙන් නව ව්‍යවසාය අවස්ථා මිලියනයක් ද දුගී දුප්පත්කම තුරන් කිරීමේ අරමුණින් මාස 24ක් තුළ මසකට රු.20000 බැගින් ආධාර ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.