රත්නපුර මුද්දුව ප්‍රදේශයෙන් හමුවූ කොවිඞ් 19 වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයාගේ 15 හැවිරිදි පුතුට සහ  62 වියේ පසුවන එම ව්‍යාපාරිකයාගේ මවටත් කොරෝනා ආසාදනය වී ඇතිබවට පීසීආර් යන්ත්‍ර  මගින් කළ රෝගීන්ගේ සෙම පටල පරීක්‍ෂණ මගින් තහවුරුව ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

මාර්තු මස මුල් භාගයේදී කොරෝනා රෝගය වැළඳුණ බවට තහවුරු වූ මැණික් ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳත් දියණියත් මේවනවිට කොළඹ අයිඞීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

එසේ පළමු වරට රත්නපුර මුද්දුව ප්‍රදේශයේදී කොවිඞ් 19 ආසාදිත රෝගීන් හමුවූ පසුව, ඔවුන්ගේ සමීප ඥාතීන් සහ සමීපව ඇසුරු කළ අය  71 දෙනෙකු නිවෙස්වලම නිරෝධානයට ලක් කිරීමට මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය අංශ ක්‍රියාත්මකව කටයුතු කර තිබුණි.

රත්නපුර මහ රොහලේ මේ මස 07 දින සිදුකළ පීසීආර් යන්ත්‍ර මගින් සිදුකළ සෙම පටල පරීක්‍ෂණයෙන් සහ අයිඞීඑච් රෝහල වෙත යොමුකළ සෙම පටල පරීක්‍ෂාවෙන් පසුව මෙසේ දෙවන වරට රත්නපුරයෙන් හමුවූ කොවිඞ් 19 වයිරස ආසාදිත රෝගීන් දෙදෙනා හඳුනාගත් බව රෝහල් බලධාරීන් පවසයි.

මෙම කොවිඞ් 19 ආසාදිතයින් දෙදෙනාම  කොළඹ අයිඞීඑච් රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා යොමු කිරීමට කටයුතු කරන බව රත්නපුර ශීක්‍ෂණ රොහල් බලධාරීන් පවසයි.

ගමනාගමනය තහනම් : ඇඳිරි නීතිය දිගටම 

රත්නපුර හා පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශ හරහා ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති බව පොලිසිය පවසයි. 

රත්නපුර සහ පැල්මඩුල්ල පොලිස් බල ප්‍රදේශවල ඇඳිරි නීතිය ඉවත් නොකිරීමට තීරණය කෙරුණේ රත්නපුර මුද්දූව ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයාගේ පවුලේ දෙදෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමගය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්