theleaderlk 01

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් තුළ මේ මාතෘ භූමියට ගැළපෙන ප්‍රතිපත්ති මෙන් ම මේ මහ පොළොව නැවත වැඩබිමක් බවට පත් කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසී ය.

හෙතෙම එලෙස පැවසුවේ පසුගිය 09වන දින මාතලේ, විල්ගමුව නගරයේ දී පැවැති ජනහමුවට එක්වෙමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ...

දේශීයත්වය මත පදනම් වූ ආර්ථිකයක්

‘‘අපි දේශපාලන පක්ෂයක් විදිහට වැඩ කරපු බලවේගයක්. ලග්ගල ආසනය ගත්තත් විල්ගමුව නගරය ගත්තත් එදා මහින්ද රාජපක්ෂ මහතා ග්‍රාමීය ආර්ථික සංවර්ධනය කේන්ද්‍ර කරගෙන රට ගොඩනගන්න හදපු වැඩපිළිවෙළත් එක්ක මේ ගම්මාන සංවර්ධනය කරන්න පටන් ගත්තා. අද නගර බවට පත්වෙලා තිබෙනවා. එදා දුෂ්කර ගම්මාන ලෙස හැඳින්වූ මේ ප්‍රදේශ අද මහා දැවැන්ත සංවර්ධන ප්‍රදේශ බවට පත්ව තිබෙනවා. ඒ වගේම අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන්න නම් දේශීයත්වය මත පදනම් කරගෙන දේශීය ගොවියා, කම්කරුවා, ධීවරයා ආරක්ෂා කරන්න ඕන. අපිට ආවේණික අපිට ගැළපෙන අපේ ගම්මානවල තිබෙන පාරම්පරික ක්‍රමවේදයන්, වගාවන්, කර්මාන්ත ආරක්ෂා කරන්න අවශ්‍ය වැඩපිළිවෙළ අපි ක්‍රියාත්මක කරනවා. ඒ අනුව අපි හදන ආණ්ඩුවක් තුළ මේ මාතෘ භූමියට ගැළපෙන ප්‍රතිපත්ති වගේම මේ මහ පොළොව නැවත වැඩබිමක් බවට පත් කරනවා.

විසඳුම් අපි ළඟ තියෙනවා

මේ මහවැලි කලාපවල ගැටලු තිබෙනවා. කලාපවල දෙමාපියන්ට ප්‍රශ්න තිබෙනවා. ඉඩම්වල නිරවුල්භාවය පිළිබඳ ප්‍රශ්න තිබෙනවා. දරුවන් පාසල්වලට ඇතුළත් කරගන්න ප්‍රශ්න තිබෙනවා. මේ වනවිට අපි ඒවා හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම ඒවට විසඳුම් අප ළඟ තිබෙනවා. මේ රටේ මහවැලි කලාපවල තිබෙන ප්‍රශ්න විසඳන්න රාජ්‍ය මැදිහත්වීම අපි ලබාදෙන්න සූදානම්. හැමදාම අපි කරන්නේ ඇමැතිවරයෙක් පත්කර ගැනීමට පසුව ඒ ප්‍රශ්න විසඳනවා වෙනුවට නිලධාරීකරණයට යටවෙලා වෙනත් විකල්පවලට යෝජනා හදන එකයි. මහවැලි කලාපවල ජනතාවගේ ගැටලු විසඳීමට අවශ්‍යය නීතිරීති එම ව්‍යාපෘති තුළ ම තිබෙනවා. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීම සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගන්නත් අපි කටයුතු කරනවා. ඒ වගේම මේ ප්‍රදේශවල බොහෝ තරුණ පිරිසක් පතල් කර්මාන්තය මැණික් කර්මාන්තයේ නියැළෙනවා. බොහෝ වෙලාවට අපි දකින්නේ ගමේ අයට වඩා පිටින් ඇවිල්ලා ඒ ක්‍රියාමාර්ග කරන එකයි.

අපේ, ප්‍රායෝගික වැඩපිළිවෙල

ගමේ තරුණ තරුණියන්ට එහි ප්‍රතිලාභ ලබාගන්න වැඩපිළිවෙලක් අපි හදන ආණ්ඩුව තුළ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරනවා වගේම මේ මහ පොළොවේ වැවෙන හැම බෝගයක්ම අපි වගා කළයුතු වෙනවා. මහපොළොවේ වගා කළ හැකි හැම බෝගයක්ම වගා කරනවා වගේම ආහාර සුරක්ෂිතතාවය, බලශක්ති සුරක්ෂිතතාවය තහවුරු කරන්න දේශපාලන වේදිකාවේ පොරොන්දුවලින් එහාට ගිය ප්‍රායෝගික වැඩපිළිවෙලක් සමග අපි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටිනවා. ඒ පාඩම අපි මහින්ද චින්තනයෙන් ඉගෙනගෙන තිබෙනවා. ඒ වගේම මේ රටේ දරුවන්ගේ සහ දෙමාපියන්ගේ අනාගතය පිළිබඳව මම මගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබෙනවා.මේ රටේ හැමදාම සේවා වසමකම ව්‍යවසායකයින් ප්‍රවර්ධනය කරන්න සංවර්ධන නිලධාරීන් බලගැන්විය යුතු වෙනවා.

ආසනයට ආවේණික කර්මාන්තයක්

ග්‍රාමීය බැංකු හරහා එම ව්‍යවසාකයන්ට අවශ්‍ය මූල්‍ය ප්‍රාග්ධනය ලබාදිය යුතු වෙනවා. මධ්‍යම ආණ්ඩුව මැදිහත් වෙලා ග්‍රාමී බැංකුවලට අවශ්‍ය මූල්‍ය සහාය ලබා දෙන්නත් අප මැදිහත් වෙනවා. වගේම හැම ආසනයකම එම ආසනයට ආවේණික කර්මාන්තයක් නොමැතිනම් එම කර්මාන්ත ගෙන ඒමට අවශ්‍ය වැඩ පිළිවෙල ක්‍රියාත්මක කරනවා. දේශීය හා විදේශීය ආයෝජකයන් හරහා එම කර්මාන්ත ගෙන ඒමට අවශ්‍ය සැලසුම් සකස් කර තිබෙනවා. එළඹෙන ජනාධිපතිවරණයේ දී ජනාධිපතිවරයා පත් කිරීමේ වගකීම ඔබ බාරගන්න. මේ මැතිවරණය ජයග්‍රහණය කිරීමේ වගකීම ඔබ භාරගන්න. ඔබ මේ මැතිවරණය ජයග්‍රහණය භාරගන්නවා නම් අනාගතයේදී මේ රට දියුණු රටක් බවට පරිවර්තනය කිරීමේ වගකීම නාමල් රාජපක්ෂ භාරගන්නවා.

රනිල්ට උදවු නොකරන හේතුව

 458478503 1067792601383143 6496338388550256435 n

ඉත්තෑකන්දේ සද්ධාතිස්ස නාහිමි

 

‘‘රටේ අනාගතය තීන්දු කරන ජනාධිපතිවරණයක් අභියස අද අපි ඉන්නවා. රනිල් වික්‍රයමසිංහ මහතාට උදව් නොකරන්නේ ඇයි කියා ඇතැමුන් මගෙන් අහනවා. සෝමාවතිය, නාගදීපය, සේරුවිල යන්න පාරවල් හදලා නිදහස් කරදුන්න, මගේ රටේ තරුණ තරුණියන් පෙට්ටියෙන් එන යුගය නතර කළ සහ මගේ භූමියට ආඩම්බරයක් ගෙනත් දුන්න මහින්ද රාජපක්ෂ මහතා දාලා යන්නේ නැහැ. අපේ මවුබිමට ආදරේ ඕනෑම කෙනෙක් මහින්ද රාජපක්ෂට ආදරෙයි. අපිට උතුරට යන්න නොහැකි වුණා. තමන්ගේ දරුවන්ට අනතුරක් නොවන්න මවුපියන්ලා එදා බෝධි පූජා පැවැත්වූවා. බස් එකේ අම්මයි තාත්තායි එකට ගියේ නැති රටක් මේක. මේ රටේ පැවැති යුද්ධය ඉවර කරන්න පුළුවන් වුණේ මහින්ද රාජපක්ෂ මහතාටයි. ජනතා විමුක්ති පෙරමුණත් මේ රටට විශාල විනාශයක් කළා. මිනිස් ඝාතන කළා. රටේ සම්පත් විනාශ කළා. මිනිසුන්ට විවිධ හිංසන කළා. රට අඳුරට ඇද දැම්මා. ඕනෑම ආයතනයක් කඩා වැටෙන්න ජනතා විමුක්ති පෙරමුණේ දෙන්නයි ඕන. නමුත් ඔවුන් විකුණන්න එපා කියා කියනවා. රට බංකලොත් කරන්නෙත් ඔවුන්මයි. විකුණන්න එපා කියන්නෙත් ඔවුන්මයි.

සිල් ගත් අනුර

ආබාධිත සෙබළු, විශ්‍රාමික සෙබළු ජනතා විමුක්ති පෙරමුණ වෙනුවෙන් හිටගෙන ඉන්නවා. ඔවුන් යහපාලන ආණ්ඩුව කාලයේ කොටුව දුම්රිය ස්ථානය අසල විරෝධතාවල සිටින අවස්ථාවල නායකත්වය දුන්නේ මම. එදා ජනාධිපති ලේකම් කාර්යාලට ගොස් ලිපියක් අරන් දුන්නේත් මම. මම මාස එකහමාරක් හිරේ ගියා. නමුත් ජනතා විමුක්ති පෙරමුණ කළේ එක ලියුම් කෑල්ලට විශාල විනාශයන් සිදුකරන එකයි. නමුත් දැන් රණවිරුවන් ඉස්සර කරගෙන යනවා. දැන් සඟසමුළු පවත්වමින් අනුර කුමාර දිසානායක සිල් ගන්නවා. මේ රට නිරාගමික තැනක් කරනවා ජනතා විමුක්ති පෙරමුණ ආවොත්. ඒ අනුව මේ රට ඉදිරියට ගෙනයන්න එළඹෙන විසි එක්වන දා නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපති කරන්න අපි සියලු දෙනාම එක්වෙමු. මේ ජනතාව අංවකව රට වෙනුවෙන් තීන්දු ගන්නවා.’’

 

මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

nr malate56

pe2024 2

worky sin

නවතම පුවත්