හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නායකත්වයෙන් සංවිධානය වූ "දිවිදෙන රණවිරු" සංවිධානයේ "දිනන කඳවුර'' ජාතික සමුළුව පෙරේදා
(සැප් 10) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වුණි.
ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් පැවති එම සම්මේළනයට විශ්‍රාමික යුද, ගුවන්, නාවික, පොලිස්, සිවිල් ආරක්ෂක සාමාජිකයින් පන් දහසකට අධික පිරිසක් සහභාගී වී සිටින බව වාර්තාවේ.
එහිදී යුද්ධයෙන් මියගිය හමුදා සෙබළෙකුගේ දියණියක් සිදුකළ කතාව සියලු දෙනාගේ අවධානයට ලක්ව තිබිණ.
පහත දැක්වෙන්නේ ඇය විසින් සිදුකළ සම්පූර්ණ කතාවයි.
දිවිදුන් රණවිරුවෙකුගේ දියණිය සෙව්මිනි උරේෂාගේ කතාව
මම මේ වගේ සභාවක් මැද ජීවිතේ කතාකරන පළමු අවස්ථාව. ඒ අවස්ථාව ලබා දීපු හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මැතිතුමාට මම ස්තූති වන්ත වෙනවා. ඒ වගේම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හිඟුරක්ගොඩ වගේ ගමක ඉඳලා මට මේ අවස්ථාවට යා යුතුයි කියලා මගේ හිතට විශ්වාසය ඇති කළ තව කෙනෙක් ඉන්නවා. ඒ තමයි මගේ රටේ ඊලඟ යුගයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා . තවත් කෙනෙක් මට මේ අවස්ථාවට යන්න කියලා බල කළා. ඒ තමයි අවුරුදු දෙකයි, මාස නවයෙදි මට යුද්ධයෙන් අහිමි වුණු මගේ තාත්තා. එයා මෙතන ඉන්න නැන්දලා, මාමලා වගේම කොහේ හරි තැනක ඉඳන් මගේ කතාව අහගෙන ඇති.
යුද්ධයෙන් රටට අහිමි වුණු ගොඩක් දේවල් තියෙනවා. ඒ වගේම මට, මගේ අම්මට, මගේ නංගිට තාත්තා කෙනෙක් නැතිවුනා. යුද්ධය ගැන මට ලොකු මතකයක් නෑ. නමුත් යුද්ධයෙන් මගේ තාත්තා නැතිවීමේ වේදනාව මට මතකයි. ඒ නිසා ඒ වේදනාත්මක අතීතය කියන්න මම වැඩි කැමත්තක් නෑ. ඒත් කියයුතු දේවල් කීපයක් තියෙනවා. ඒ වේදනාවත් එක්ක ගැටගැහුනු අපේ ජීවිතය ගැන මට කියන්න ඕන. මොකොද යුද්ධයෙන් මියගිය දහස් ගනන් තාත්තලාගේ දුවලා තව දහස් ගානක් ඇති. ඒ අතරින් මට මේ අවස්ථාව ලැබුනෙ කුමක් හෝ හේතුවකට කියලා මට හිතෙනවා. ඒ නිසා ඒ හැම දරුවෙකුගෙම නියෝජනය මා සිදු කළ යුතු වෙනවා.
ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමනි.
මම ඔබ ඉදිරියේ කරන්නේ යුද්ධයෙන් තාත්තලා අහිමි වුණු සෑම දරුවෙකුගේම කතාවයි.
මගේ තාත්තා යුද්ධයෙන් මිය යද්දී තාත්තගෙ නිසල දේහයවත් අපිට බලන්න තිබුනෙ නෑ. ඒයා අපේ පුංචි ගෙදරට ගෙනාවෙ සීල් කරපු පෙට්ටියක. ඒ පෙට්ටිය උඩින් ජාතික කොඩිය තිබුනා. යුද්ධ හමුදාවෙ ගරු ගාම්භීර නලා හඬ ආචාර වෙඩි මුර මැද්දෙ තාත්තා විරුවෙක් විදිහට මිහිදන් උනා. එයා මට අදටත් වීරයෙක්.
එහෙම මිහිදන් වුණු දහසක් තාත්තලාගෙ දරුවන්ගෙ පරම්පරාව ගැන දැන් බලන්නෙ කවුද ? ඒ පරම්පරාවෙ අවශ්‍යතා ගැන බලන්නෙ කවුද ? සජිත් ප්‍රේමදාස මැතිතුමාගෙන් මම ඉල්ලා සිටින්නෙ ඔබ අපේ රටේ නායකත්වය දරන යුගය තුළ ඒ දිවිදුන් රණවිරුවන්ගෙ දරුවන්ගෙ පරම්පරාව ගැන සොයා බලන්න කියා.
ගරු මැතිතුමණි.
මම ඉස්කෝලෙ ගියේ හිඟුරග්ගොඩ ආනන්ද බාළිකාවට. මම උසස් පෙළ කරේ කලා අංශයෙන්. B සාමාර්ථ දෙකක් සහ C සාමාර්ථයක් සමග උසස් පෙළ සමත් උනත් යුද්ධයෙන් මියගිය මගේ තාත්තගෙ විශ්‍රාම වැටුපෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන්න අපිට හැකියාවක් තිබුනෙ නෑ. මගේ නංගි අම්මගෙ කුසේ ඉදිද්දි තමයි තත්තා නැති උනේ. දැන් එයා මගේම පාසලේ උසස් පෙළ කරනවා. එයාගෙ අධ්‍යාපනය වෙනුවෙන් මගේ අධ්‍යාපනය මම නවත්තලා ගමේ හාඩ්වෙයාර් එකක රැකියාවට ගියා. දැන් මටත් සුළු වැටුපක් ලැබෙනවා. තාත්තගෙ වැටුපෙනුත්, මගේ වැටුපෙනුත් නංගිටත් උගන්වලා අම්මත් එක්ක අපි ජීවත් වෙනවා. මේක මගේ කතාව උනාට මේක අපි හැමෝගෙම කතාව.
ඒ කතාව වෙනුවෙන් සජිත් ප්‍රේමදාස වැනි අපේ මිනිස්සුන්ගෙ නායකයා අලුත් වැඩපිළිවෙළක් ආරම්භ කරයි කියලා මම විශ්වාස කරනවා.
ඒ වෙනුවෙන් හිටපු යුද්ධ හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක මැතිතුමා වගේ අය නායකත්වය දෙයි කියලත් මම විශ්වාස කරනවා.
යුද්ධයෙන් පීඩාවට පත් අපි වගේ දරුවන් වගේම උතුරු නැගෙනහිර දමිළ දරුවන් ගැනත් මානුෂීයව බලන්න ඔබ තුමාට වගකීමක් තියෙනවා.
" සජිත් යුගය " කියන්නෙ එවැනි ස්වර්ණ සාධාරණ යුගයක් වෙන බව මම නියෝජනය කරන පරම්පරාව විශ්වාස කරනවා.
යුද්ධයෙන් තාත්තලා අහිමිවුණු අපේ පරම්පරාවෙ අධ්‍යාපනය , රැකියාව, විවාහය මේ සෑම දෙයක්ම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් සහ දිවිදෙන රණවිරු සංවිධානයේ මැදිහත්වීමෙන් ඉටු වෙනු බව මට විශ්වාසයි. ඒ වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊලඟ ජනාධිපති විදියට අපි පිළිගන්නෙ ඒ අරමුණෙන්...
ස්තූතියි !