theleaderlk 01

ව්‍යාපාරික පෙළැන්තිය පමණක් පොහොසත් නොනොකර ජනතාව පොහොසත් කරන ආණ්ඩුවක් නිර්මාණය කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක නාමල් රාජපක්ෂ පැවසී ය.

හෙතෙම මෙලෙස පැවසුවේ පෙරේදා (සැප් 10) දින හිරියාල ආසනයේ ජනහමුව අමතමිනි. 

පාර්ලිමේන්තු මන්ත්‍රී සුමිත් උඩුකුබුරගේ නිවස අසල පැවති ජන හමුවක් අමතමින් වැඩිදුරටත් අදහස් පළකළ නාමල් රාජපක්ෂ...

බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වන පරිසරයක්

‘‘අද ඉතාම සාර්ථක ආසන බලමණ්ඩලයක් පැවැත්වෙනවා. අපි ආසනයෙන් ආසනයට යනවා. අපි ලංකාවේ හැම ආසනයකටම ගොස් අපේ පාක්ෂිකයන් මුණ ගැසෙනවා. අපිටත් බස් දාලා මහා රැස්වීම් කරන්න පුළුවන්. ඊට වඩා අපිට වගකීමක් සහ යුතුකමක් තිබෙනවා. බස් දාලා මහා රැස්වීම් කරනවා වෙනුවට ඊට පෙර ගමට පැමිණ ඔබ හමුවෙනවා. ගම කේන්ද්‍ර කරගත් මේ රටේ මහජනතාව විසින් ගොඩනගපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වටා විශාල පිරිසක් ඉන්නවා. එදා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති අපේ රටට නොගැළපෙන නිසා බණ්ඩාරනායක, ඩී.ඒ රාජපක්ෂ මහත්වරු පංච මහා බලවේගය කේන්ද්‍ර කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනැගුවා. ඒ හා සමානව යහපාලන ආණ්ඩුව සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය සන්ධාන ගතවුණාම මහින්ද රාජපක්ෂ මහතා සහ පංචමහා බලවේගය, රණවිරුවන් සහ රටවිරුවන් ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගොඩනැගුවා.  

අපිට වගකීමක් තිබෙනවා අපේ සංස්කෘතිය ආරක්ෂා කරන්න. අපේකම ආරක්ෂා කරන්න අපිට වගකීමක් තිබෙනවා. ඒ වගේම අපිට යුතුකමක් තිබෙනවා අපිව විශ්වාස කළ පාක්ෂිකයන් ආරක්ෂා කරන්න. ඇතැම් දේශපාලනඥයෝ හිතාගෙන ඉන්නවා තමන් ඉන්නේ ජනතාව නිසා කියලා. අපි ඒ අයට මතක් කරදෙනවා, දේශපාලඥයොත් නායකයොත් බිහිවෙන්නේ ජනතාව නිසා කියන එක අමතක කරන්න එපා. අද බොහෝ අයට ඒක අමතක වෙලා තිබෙනවා. අපි දේශපාලන වේදිකාවේ එකිනෙකාගේ වැරැදි පෙන්වා දීලා ඵලක් නැහැ. අපි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. අනෙකාගේ චරිතය ඝාතනය කරනවා වෙනුවට අපි මේ රටේ අනාගත දරු පරම්පරාව ගොඩනගන්නේ කොහොමද කියා කල්පනා කරනවා. අපි විශ්වාස කරන බෞද්ධ දර්ශනයට අනුව ජීවත් වන පරිසරයක් තුළ අනෙකුත් සංස්කෘතීන් ආරක්ෂා කරන්නේ කොහොමද. අම්මා, තාත්තා දරුවන් උස් මහත් කරන්නේ හොඳ පුරවැසියෙක් බවට පත්කරන්නයි. ඔවුන්ට රැකියාවක් ලබාගන්න.

පොහොර නොමිලේ

දරුවා රස්සාවක් කරන්නේ සතුටින් ජීවත් වෙන්නයි. හොඳ ආදායමක් උත්පාදනය කරන්නයි. ඒ වැඩපිළිවෙළ කුමක්ද. අද බොහෝ දෙනෙක් සිතනවා දේශපාලනය කියන්නේ එකිනෙකාට මඩ ගහගන්න එකයි කියලා. නෑ අපේ පරම්පරාවේ දේශපාලනය ඊට වඩා වෙනස්. ගොවියාට හොඳ ආදායමක් උත්පාදනය කර දෙන්න ඕන. මේ මාතෘ භූමිය තුළ වවන්න පුළුවන් හැම බිම් අඟලක ම අපි වවන්න ඕන. මහින්ද රාජපක්ෂ මහත්තයා කළා වගේ පොහොර ටික අපි නොමිලේ දෙන්නම්. ඒ වැඩපිළිවෙළ අපි සකස් කර දෙනවා. පිටින් ගෙනල්ලා කන්න දෙනවා වෙනුවට අපේ රටේ වවලා ගොවියාට එහි ආදායම යන විදියටත් පාරිභෝගිකයා ආරක්ෂා වන විදියටත් අපි පරිසරය හදලා දෙන්නම්. අඩු භූමි ප්‍රමාණයකින් වැඩි අස්වැන්නක් ගන්න පුළුවන් තාක්ෂණය අපි ගෙනත් දෙනවා. පාසල හැර යන දරුවාට, සාමාන්‍ය පෙළින් පසුව උසස් පෙළ ලියනවා නම් ලියන්න, උපාධියක් ගන්න පුළුවන් වගේම ඒ තරුණ තරුණියන්ට ගෞරවාන්විත ජීවිතයක් ගතකරන්න පුළුවන් කාර්මික විප්ලවයට යන්න පුළුවන්, තාක්ෂණික ක්ෂේත්‍රයට යන්න පුළුවන් නිපුණතාවය ප්‍රවර්ධනය කරන්න පුළුවන්, තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට යන්න පුළුවන් අධ්‍යාපනයේ ප්‍රතිව්‍යුහගත කිරීමක් අපි කරමු.

අධිවේගය දඹල්ලට

ඒ තුළ දෙමාපියන් අපේක්ෂා කරන දියුණු ලෝකයක් වගේම සතුටින් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක්, දියුණු සමාජයක් ගොඩනගන්න පුළුවන් වැඩපිළිවෙලක් අපිට තිබෙනවා. අපිට ඉලක්කයක් තිබෙනවා. ඊළඟ අවුරුදු දහය ඇතුළත අපි මේ රටේ තරුණ තරුණියන්ට අවම වශයෙන් රැකියා ලක්ෂ විස්සක් නිර්මාණය කළයුතු වෙනවා. එය දේශීය වශයෙන් හෝ විදේශීය වශයෙන් වෙන්න පුළුවන්. රැකියා උත්පාදනය කළයුතු වෙනවා. කර්මාන්ත ශාලාවක් නොමැති හැම ආසනයකම දේශීය විදේශීය ව්‍යවසායකයන් ගෙනවිත් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන්න අපි කටයුතු කරනවා. කුරුණෑගල තාක්ෂණ ගම්මානයක් පටන් ගත්තා. එය අතරමඟ නතර වුණා. අධිවේගී මාර්ගය මහනුවරට, දඹුල්ලට, මඩකලපුවට ගෙනයන්න සැලසුමක් තිබුණා. තොරතුරු තාක්ෂණය දියුණු කරන්න, ආයෝජකයන් ගේන්න වගේම විදේශ රටවල සිට පැමිණ මෙරට රැකියා කරන්න අපේක්ෂා කරන අයට කුරුණෑගල කේන්ද්‍රස්ථානයක් බවට පත්කරන්න අවශ්‍ය වුණා.’’

nr 87242

nr 456546

pe2024 2

worky sin

නවතම පුවත්