ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඉදිරි වසර තුනක කාලයක් පුරා අඛණ්ඩව කටයුතු කිරීමට සිදු වී තිබෙන බවත්, එම කාලය තුළ දී
ආර්ථිකය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග එකඟතාවන් මත සංශෝධනය කළ හැකි බව ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආර්ථික ප්‍රතිපත්ති විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය ප්‍රේමචන්ද්‍ර අතුකෝරල විසින් පෙන්වා දී තිබේ.
අද (12දා) උදෑසන ‘සිරස’ රූපවාහිනියේ ‘පැතිකඩ’ වැඩසටහනට සහභාගී වූ මහාචාර්යවරයා මෙහි දී කරුණු දක්වමින්, ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය මේ වන විට ඩොලර් බිලියන 55ක් වන බව ද, ඉදිරි වසර තුන තුළ ක්‍රියාත්මක කිරීමට වර්තමාන ආණ්ඩුව ගිවිසගෙන තිබෙන ක්‍රියාමාර්ග ඒ ආකාරයෙන්ම දියත් කළහොත්, එය ඩොලර් බිලියන 62ක් දක්වා ඉහළ යන බව ද පෙන්වා දුන්නේ ය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ආදායම් වැඩි කර ගැනීමට පමණක් කොන්දේසි ඉදිරිපත් නොකරන බවත්, රජයේ අනවශ්‍ය වියදම් කපාහැර අය-වැය පරතරය අඩු කර පෙන්වීම ඔවුන් සාධනීය ලෙස භාර ගන්නා බවත් මහාචාර්යවරයා විසින් වැඩි දුරටත් පැවසිය.
උද්ධමන අනුපතිකය අඩු වී තිබුණ ද, අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා මිල කොවිඩ් වසංගතය ඇති වීමට පෙර පැවැති මිල ගණන්වලට වඩා සියයට 85කින් වැඩි වී තිබෙන බව ද, වර්තමානයේ රුපියලක සැබෑ වටිනාකම ශත 15ක් බව ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.
(lankatruth.com)