theleaderlk 01

බංකොලොත් රට ගොඩනැගීම සඳහා රනිල් වික්‍රමසිංහ අනුර කුමාර කූට සන්ධානයට අවස්ථාව ලබා දෙනවා ද සමගි ජන බලවේගයට ලබා දෙනවා ද යන්න ජනතාව

තීරණය කළ යුතු යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (12) කළුතර පැවති ජන හමුවක් අමතමිනි.

එම ජන රැලියේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා.

‘‘බංකොලොත් රට ගොඩගැනීමේ දී රනිල් වික්‍රමසිංහ අනුර කුමාර කූඨ සන්ධානයට අවස්ථාව ලබා දෙනවා ද විපක්ෂයේ සිටම රට ගොඩනගන්න කටයුතු කළ සමගි ජන බලවේගයට ලබා දෙනවාද කියා ජනතාව තීරණය කළ යුතුයි.  ගම් නියම්ගම් සිසාරා නව වැඩපිළිවෙළක් නව දර්ශනයක් හරහා පොදුජන යුගයක් බිහි කරනවා ද කියා තීන්දුව ජනතාව සතුයි.

සමගි ජන බලවේග රජයක් තුළ සැම පාසලක්ම සුහුරු පාසල් කරනවා. ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කර තරුණ පරපුර වෙනුවෙන් නිපුණතා සංවර්ධනය සිදු කරනවා. ඒ තුළින් විරැකියාවෙන් පෙළෙන තරුණයන්ට නව දැනුමක් ලබා දෙනවා. රණසිංහ ප්‍රේමදාස මහතා ඇගලුම් කම්හල් 200 තුළින් නිර්මාණය කළ මහා කර්මාන්ත විප්ලවයේ  ඊළග පියවර ලෙස අපනයන කේන්ද්‍රය දැනුම කේන්ද්‍රීය ආර්ථිකය නිර්මාණය කර ජනතාව සවිබල ගන්වනවා.

ඉඩමක් නොමැති ජනතාවට ඉඩමක් සහ නිවසක් ලබා දී නිවාස සිහිනය සැබැ කර කෘෂිකර්මාන්තය සහ ධීවර කර්මාන්තය සුහුරු කරනවා. ඒ වගේ ම ඉන්ධන සහනාධාරයක් ද ලබා දෙනවා.’’


pe2024 2

worky sin

නවතම පුවත්