ජනාධිපතිවරණයක් කැඳවා තිබෙන මොහොතක රජය 1981 අංක 15 දරන පනත උල්ලංඝනය කරමින් සිටින බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්යක්ෂ නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයට අනුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 21,000.00 බවට පත් කරලමින් 2016 අංක 3 දරන ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සහ ඒ සඳහා රජයේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය උපයෝගී කරගෙන පුළුල් ප්‍රචාරයක් ලබාදීම මගින් යට කී පනත උල්ලංඝනය කර ඇත.
මතු දැක්වෙන්නේ ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය යි.
"රජය විසින් දිගින් දිගටම තමන් රාජ්‍ය බලය හෙබවීමේ (Incumbency Advantage) උපයෝගී කරගනිමින් ඡන්දදායකයන්ට සෘජුවම බලපෑමක් විය හැකි තීරණ මැතිවරණය ප්‍රකාශයට පත්කළ දා සිට ම ගන්නා ලද බව ඔබට ද නිරීක්ෂණය වන්නට ඇත. නිරීක්ෂණ සංවිධාන පැමිණිලි ,මාධ්‍ය නිවේදන නිකුත් කළ නමුත් ඒ පිළිබඳව රජය කිසිම අවධානයක් යොමු කොට නොමැති බව අද (2024/09/12) දිනයේ පෞද්ගලික අංශයේ සේවකයන්ගේ අවම වැටුප රුපියල් 21000 බවට පත් කරලමින් 2016 අංක 3 දරන ජාතික අවම වේතන පනත සංශෝධනය කිරීම සහ ඒ සඳහා රජයේ මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය උපයෝගී කරගෙන පුළුල් ප්‍රචාරයක් ලබාදීම මගින් පැහැදිලිවම පෙනී යයි.
රජයේ සේවක වැටුප් වැඩි කිරීම, විශ්‍රාමික වැටුප් වැඩි කිරීම, මහපොළ ශිෂ්‍ය ආධාර දීමනාව රුපියල් 7500 දක්වා වැඩි කිරීම, ගොවි ණය කපා හැරීම වැනි තීන්දු රජය විසින් ලබා ගන්නා ලද්දේ ඒවා ඉටු කිරීමට මූල්‍ය ප්‍රතිපාදන ඇද්ද යන්න පිළිබඳව පවා නිසි අවධානය යොමු නොකොට හුදෙක් ජනාධිපතිවරණයේ වාසි ලබා ගැනීම සඳහා ය. මෙම තත්ත්වය මත ජනාධිපතිවරණයේ දී සියලු අපේක්ෂකයන්ට සමබිමක් නිර්මාණය වීම සැක සහිතය. එබැවින් මැතිවරණ කොමිසම මගින් ජනාධිපතිවරණ සමයේ ඡන්දදායකයාට බලපෑ හැකි මෙවැනි රජයේ ක්‍රියාකාරකම් සදාචාර විරෝධී සහ 1981අංක 15 දරණ ජනාධිපතිවරණ පනත උල්ලංඝනය කරන සිදුවීම් බවට ප්‍රකාශයක් කිරීම කාලෝචිත බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මතය යි."
නීතිඥ රසාංග හරිශ්චන්ද්‍ර
විධායක අධ්යක්ෂ
මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය