ඇතිවී තිබෙන කොරෝනා වෛරසය දේශපාලනීකරණය නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ අධ්‍යක්ෂක ජනරාල් ආචාර්ය ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස් (Tedros Adhanom Ghebreyesus) ඉල්ලා සිටියි.
ඔහු මෙම ප්‍රකාශය කළේ ලෝක සෞඛ්‍ය සංවිධානය චීනයට බර සංවිධානයක් බවට ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදු කළ ප්‍රකාශයට අනතුරුවය.
"සියළු දේශපාලන පක්ෂ වල අරමුණ විය යුත්තේ සිය ජනතාව ආරක්ෂා කිරීම බවත්, කොරෝනා වෛරසය පාවිච්චි කර දේශපාලන ලකුණු ලබා ගැනීමට අවශ්‍ය නැති බවත්" ආචාර්ය ගෙබ්‍රියස් ප්‍රකාශ කරයි.
"කොරෝනා වෛරසය පාවිච්චි කර දේශපාලන වාසි ගන්නවාට වඩා, තමන් පිළිබඳ ජනතාවට ඔප්පු කිරීමට ඕනෑ තරම් මාර්ග තිබෙනවා. වෛරසය දේශපාලනය සදහා පාවිච්චි කළ යුතු දෙයක් නොවෙයි. එය ගින්න සමග සෙල්ලම් කරනවා වගේ වැඩක්. එහෙම කළොත් අපි ඉදිරියේ මෘතදේහයන් ගොඩ ගැහේවි. දෙවියනේ, අපිට ලෝකේ පුරාම මිනිස්සු 60,000 ක් නැති වෙලා තියෙනවා. ඒ හැම කෙනාම ඉතා වටින ජීවිතයක්. තව මදිද?" යනුවෙන් ද ආචාර්ය ගෙබ්‍රියස් ප්‍රශ්න කරයි.
සබැඳි පුවත් :
ඇමෙරිකානු ජනාධිපතිගෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයට බරපතල චෝදනාවක්!