දැනට වසර 109කට පෙර මෙරට බ්‍රිතාන්‍ය පාලකයන් විසින් අසාධාරණ ලෙස මරණයට පත් කරනු ලැබූ කපිතාන් දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් ට වසර
110කට පමණ පසු ජනාධිපති සමාව ලබා දෙයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(ඌ)ව්‍යවස්ථාව ප්‍රකාරව පැවරී ඇති බලතල අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මෙම ජනාධිපති සමාව ප්‍රකාශයට පත් කළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (12)නිකුත් කෙරිණි.
එවකට ලංකාවේ ආණ්ඩුකාරවරයා වූ රොබර්ට් චාමර්ස් විසින් 1915 ජුනි 25 දින නිකුත් කළ ප්‍රකාශයක් මගින් පත් කරනු ලැබූ යුධ අධිකරණයකින් සිදුකළ අසාධාරණ නඩු විභාගයකින් පසු 1915 ජූලි 07 දින එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් නීති විරෝධී ලෙස මරණයට පත් කළේය.
දියුණුගේ එඩ්වර්ඩ් හෙන්රි පේද්‍රිස් ට මරණින් පසු ජනාධිපති පිරිනමන බව මෙම ගැසට් නිවේදනයෙන් ප්‍රකාශයට පත්කර තිබේ.
1888 අගෝස්තු 16 දින ගාල්ලේදී උපත ලැබූ හෙන්රි පේද්‍රිස් බ්‍රිතාන්‍ය පාලන සමයේ ලංකාවේ විසූ ප්රමුඛ පෙළේ සමාජ ක්‍රියාකාරිකයකු මෙන්ම ලංකා ආරක්ෂක හමුදාවේ සහ කොළඹ නගරාරක්ෂක බළකායේ සේවය කළ කපිතාන් නිලයක් හෙබවූ හමුදා නිලධාරියකුද විය.
බ්‍රිතාන්‍ය නිලධාරීන් විසින් 1915 ජාතිවාදී කලබල ඇති කිරීමට පෙළඹවීම වෙනුවෙන් චෝදනා එල්ල කර ඔහු ඝාතනය කර තිබුණි. මෙම චෝදනා පසුව අසත්‍ය බව ඔප්පු විය.
ජනාධිපති පත්කළ කමිටුවක නිර්දේශයක්
ශ්‍රී ලංකාවේ යටත්විජිත පාලන අධිකාරිය විසින් රජයට එරෙහිව කැරලි කෝලහල සහ රාජද්‍රෝහී ක්‍රියා සිදුකළ බව පවසමින් මරණ දඬුවමට ලක් කරන ලද ශ්‍රීමත් එඩ්වඩ් හෙන්රි පේද්‍රිස්ගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවකට අනුව ත්‍රිපුද්ගල මඩුල්ලක් පත්කිරීමට පියවර ගෙන තිබිණ.
හෙන්රි පේද්‍රිස් තරුණයාට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් කළ යෝජනාව සහ ඒ වෙනුවෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් මහාචාර්ය රෝහිත් දිසානායක මෙසේ අදහස් පලකර තිබිණ.
"ඉංග්‍රීසි යටත්විජිත සමයේ දී තමන්ගේ වැසියන් ඝාතනය කිරීම හා රටේ ශ්‍රමය සූරාකෑමට එරෙහිව ඉන්දීය පාර්ලිමේන්තුව තුළ විශාල හඬක් නගලා ඔවුන් වන්දි ඉල්ලන තැනටම ආවා."
"මේ පේද්‍රිස්ගේ මරණ දඬුවම වැරදි කියලා ඒ දවස්වල ඒ ගැන කරුණු හොයා බලපු නිලධාරින් කියලා තියෙනවා. ඒ නිසා අලුත් විමර්ශනයක් කරලා පේද්‍රිස් තරුණයාගේ නිවැරදිභාවය ඔප්පු කිරීම වගේම ඔහුට අලවපු දේශද්‍රෝහී කියන ලේබලය ගලවන්න ඕන." මහාචාර්යවරයා BBC සිංහල සේවයට පවසා තිබිණ.
හැමෝම කතාවෙන හෙන්රි පේද්‍රිස් කියන්නේ කවුද?