සමගි ජන බලවේගය පක්ෂයේ මාතර තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල රැස්වීම් කිහිපයකට සහභාගීවී කතා පැවැත්වූ ජනාධිපති අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමසිරි මානගේ ට මැතිවරණ කොමිෂන් සභාවේ ප්‍රධානීන් අවවාද කර ඇත.
මින් ඉදිරියට එවැනි කටයුතු වල නොයෙදෙන ලෙසටද ඔහුට දැනුම් දුන්නේ යැයි කොමිසමේ නිලධාරියෙක් පැවසීය.
ජනපති අපේක්ෂකයකු වෙනත් අපේක්ෂකයෙකුගේ රැස්වීමකට සහභාගිවීම මැතිවරණ නීතියට ගැනෙන වරදක් නොවූවත් ආචාර ධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනාවක් මතු කළ හැකි බවද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අප පසුගියදා කළ විමසුමකදී පේමසිරි මානගේ පැවසුවේ, ජනතාවගෙන් ඉදිරිපත්වූ ඉල්ලීම් සැලකිල්ලට ගෙන තමා එම රැස්වීම්වලට සහභාගිවූ බවයි.
ජනතාවට පණිවිඩයක් ලබාදීමට තමා ඒ ස්ථාන පාවිච්චි කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ප්‍රේමසිරි මානගේ 2004-2010 අතර කාලයේදී ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළේය.
(මුලාශ්‍රය - lankadeepa.lk