ජනාධිපතිවරණය පැවැත්වීමටත් පෙර සමගි ජන බලවේගයේ අගමැති සටනක් ආරම්භ වී ඇතැයි ස.ජ.බ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම අගමැති පොරය සඳහා දැනට නම් දෙකක් කරළියට පැමිණ ඇත. ඒ, ස.ජ.බ මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර ගේ නම සහ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල ගේ නමයි.
මෙම දෙදෙනාගේම නම් විවිධ මන්ත්‍රීන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට පටන්ගෙන තිබේ. එයින් සෑහෙන මන්ත්‍රීන් පිරිසක් මහ ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර සජිත් ජය ගතහොත් අගමැති ධුරයට පත්විය යුතු බව පවසති. තවත් මන්ත්‍රීන් කිහිප දෙනෙක් කිරිඇල්ල ට සහාය පළ කරති.
ඒ අතර මේ දෙදෙනා අතර අනවශ්‍ය තරගයක් හටගතහොත් මෙම තනතුර වෙනත් බාහිර ජ්‍යෙෂ්ඨයකුට ලැබීමට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.
(deshaya.lk)