සිය සලකුණ ඉදිරියෙන් කතිරයක් සලකුණු කිරීම පමණක් ප්‍රමාණවත් බවත් පළමු දෙවැනි මනාප සලකුණු කිරීම වැදගත් නොවන බවත් ජාතික ජන
බලවේගය සිය පාක්ෂිකයන්ට දැනුම් දෙන බව ජාතික ජන බලවේගයේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පවසයි.
සෙසු ප්‍රධාන අපේක්ෂකයන් වෙන් වෙන්ව තරග කළත් එකම කුලකයකට එකම පවුලකට අයත් පිරිසක් බැවින් අවසන් මොහොතේ දී ඔවුන් අනෙකාට දෙවැනි තෙවැනි මනාප පළ කරන ලෙස ඉල්ලා සිටිය හැකි බවත් නලින්ද ජයතිස්ස කියා සිටියි.
රනිල් වික්‍රමසිංහගේ පාර්ශ්වය සජිත්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම් හෝ සජිත් ප්‍රේමදාසගේ පාර්ශ්වය රනිල්ට දෙවැනි මනාපය යෝජනා කරන්නේ නම්, එයින් පෙනී යන්නේ රට විනාශ කළ මේ සියලු දෙනාම එකම කණ්ඩායමක් බව යැයි ද ඔහු වැඩිදුරටත් පවසයි.
වෛද්‍ය නලින්ද ජයතිස්ස එම කාරණා සඳහන් කර ඇත්තේ, 'දේශය' පුවත්පත සිදු කළ විමසීමක දී ය.
දෙවන මනාපය නොවරදවාම සජිත් වෙත ලබාදෙන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රිණී රෝහිණී කවිරත්න, ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ හිතවතුන් ගෙන් හා පොහොට්ටු හිතවතුන්ගෙන් දැනටමත් ඉල්ලීමක් කර ඇත.
රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය එවැනි ඉල්ලීමක් කර ඇත්තේ, සැප්තැම්බර් 03 දා විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමිනි.
සබැඳි පුවත් :
දෙවන මනාපය සජිත්ට දෙන්න - රෝහිනී ගෙන් රනිල්ගේ හිතවතුන්ට ආයාචනයක්
රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය එවැනි ඉල්ලීමක් කර ඇත්තේ, සැප්තැම්බර් 03 දා විශේෂ පුවත්පත් නිවේදනයක් නිකුත් කරමිනි.
සබැඳි පුවත් :
දෙවන මනාපය සජිත්ට දෙන්න - රෝහිනී ගෙන් රනිල්ගේ හිතවතුන්ට ආයාචනයක්