ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධ බහුජන සංවිධායක් රැස්වීමක් පවත්වන විට ජවිපෙ එයට ප්‍රහාර එල්ල කර ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය කළේ පසුගිය 13වන දින හබරාදුවේ පැවති ජන රැලියක් අමතමිනි.
එම රැලියේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා...
අපි ආර්ථිකය ප්‍රසාරණය කරනවා
‘‘මේ දිනවල ප්රචණ්ඩත්වයක් ක්‍රියාත්මක කරන්න හදනව කියල අනුර කුමාර දිසානායක සහ තවත් පිරිසක් කියමින් යනවා. සමගි ජන බලවේගය කිසිදු දිනක ප්රචණ්ඩත්වය ක්‍රියාත්මක කරනැහැ. අද ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය වහල තියෙන්නෙ ජනතා විමුක්ති පෙරමුණේ ප්රචණ්ඩත්වයසහහා ම්ලේච්ඡත්වය නිසා. ජනතා විමුක්ති පෙරමුණට විරුද්ධව බහුජන සංවිධායකින් රැස්විමක් පවත්වද්දි ඒක මැදට පැනලා ගුටිබැට දීල තියෙන්නෙ ජවිපෙ. කතිරය වෙනුවට: උණ්ඩය, බෝම්බය, බයිනේත්තුව භාවිත කරමින් ප්රචණ්ඩත්වය උපයෝගී කර ගෙන, භීෂණය වපුරලා එදා වගේ ම අදත් තුණ්ඩු කෑල්ලෙන් භීෂණය වපුරණ යුගයකට රට ගෙනියන්න අනුර කුමාර උත්සාහ කරනවා. රනිල් සහ අනුර එක්ව අටවන කිසිදු උගුලකට රටේ ජනතාව රැවටෙන්නේ නැති බව අපි දන්නවා.
දේශපාලන පොර පිටියේ ජනාධිපති අපේක්ෂකයෙක් විදියට වත්මන් ජනාධිපතිවරයා ඉන්නවා. ඔහු පරදිනවා කියල කියන එක කවදාවත් ම අහල නැහැ නෙ. ඒක පුදුමයට කරුණක් නෙ... ඒ නිසා අපි කියන්නෙ රනිල් වික්‍රමසිංහ ඉන්නේ රට දිනවන්නනෙවෙයි; අනුර කුමාර දිසානායකට ජැක් ගහන්න. ඔහු තමයි අනුරගේ සපෝටර්. ගියපාර ජනාධිපතිවරණයෙදිත් රනිල්ගේ උත්සාහය වුණේ මාව පරාජය කිරීම. මේ වතාවෙත් එයා ඒක කරනවා. රනිල් සහ අනුර කියන්නේ පාර්ශ්ව දෙකක් නෙවෙයි; එක දේශපාලන කල්ලියක්. මේ කල්ලියට අවශ්‍ය රට ගොඩගැනීම නෙවෙයි... ලක්ෂ දෙසිය විස්සක් වෙන ජනතාව මත බර පැටවීම යි.
බදු අඩු කරන්නන් කියලා සහන දෙන ජනාධිපති රනිල් වික්‍රමසිංහ ලක්ෂ දහයකගේ විදුලිය විසන්ධි කරලා. ලක්ෂ ගණනින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වැසී ගිහින්. යොවුන් පරපුරට රැකියා නෑ. මේකට ප්‍රධාන හේතුව ආර්ථිකය කුඩා කිරීම. සමගි ජන බලවේගයේ ප්‍රතිපත්ති යන්නේ ආර්ථිකය ප්‍රසාරණය කිරීම වෙනුවෙන්.
රටට වැඩ කළ එක ම විපක්ෂය
සමගි ජන බලවේගය විපක්ෂයේ සිටම සෞඛ්‍ය හා අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂී වැඩපිළිවෙළක් සිදු කර ඔප්පු කර තිබෙනවා. එම නිසා බලයට පත් වූ පසු වැඩ කරන්න පුළුවන් ආකාරය ගැන මම හොඳින් ම දන්නවා. හැත්තෑ හය වසරක ඉතිහාසය තුළ රටට වැඩක් කළ එකම විපක්ෂය සහ එකම විපක්ෂ නායකයා වන්නේ මම සහ සමගි ජන බලවේගය. ඒ නිසා මේ රටට මිනිමැරුම් සංස්කෘතිය, භීෂණය, ත්‍රස්තවාදය අවශ්‍ය නෑ. රටට අවශ්‍ය වෙන්නෙ ශිෂ්ටසම්පන්න ධර්මිෂ්ට සමාජයක්; සැමට සෞභාග්‍යයක් ලැබෙන රටක්. අපි එවන් රටකට මුල පිරිය යුතු යි.
මුළු රටම බංකොලොත් වී ඇති මොහොතක; රටේ සමස්ත ජනතාව අසහනයට පීඩනයට ලක්ව ඇති මොහොතක කෙටි කාලයක් තුළ අපේ රට ගොඩගන්නා බවට මම පොරොන්දු වෙනවා. ලක්ෂ දෙසිය විස්සකක් ජනතාව සුඛිත මුදිත කරවන ශක්තිමත් ජන ජීවිතය බිහි කරන්න නායකත්වය ලබා දෙන බවත් මම පොරොන්දු වෙනවා.’’