රනිල් සහ අනුර දේශපාලන ජෝඩුව කෙතරම් ඩීල් දාගත්ත ද තමන්ගේ ඩීල් එක තිබෙන්නේ රටේ ජනතාව සෞභාග්‍ය සම්පන්න කිරීම උදෙසා ජනතාව සමග බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.
හෙතෙම එලෙස පැවසුවේ ඊයේ (14) බණ්ඩාරවෙල පැවති ජන රැළියක් අමතමිනි.
එහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායක...
‘‘අනුර කුමාර සහ රනිල් වික්‍රමසිංහ සන්ධානයට රට බාර දෙනවාද එසේ නොමැති නම් රට ගොඩනගන රට දිනවන පොදුජන යුගයක් වෙනුවෙන් සමගි ජන බලවේගය ජයග්‍රහණය කරවනවා ද කියන තීන්දුව තියෙන්නේ ජනතාව අතේ. අද රනිල් සහ අනුර ලොකු ඩීල් එකක් දමා තියෙනවා. ඒ සජිත් ප්‍රේමදාස පරදවන ඩීල් එක. රනිල් සහ අනුර දේශපාලන ජෝඩුව ඕනෑ තරම් ඩීල් දා ගත්තත් මගේ ඩීල් එක තියෙන්නෙ ජනතාව සමග; ඒ රටේ ජනතාව සෞභාග්‍ය සම්පන්න කරන්නයි.
පෙර පාසල් අධ්‍යාපනය නොමිලේ
අපේ රටේ පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ ලබා දෙන නිදහස් නිවහල් අධ්‍යාපනය ශක්තිමත් කරනවා. මේ යටතේ පෙරපාසල් ගුරුවරියන් සහයක ගුරුවරියන් රැකගෙන ඔවුන්ට වේතනයක් ලබා දී නොමිලේ අධ්‍යාපනය පෙර පාසලේ සිට ආරම්භ කරනවා.
ගොවියා රජ කරවනවා
වතු ප්‍රජාවගේ සහ රැකියා විරහිත තරුණ ප්‍රජාවට වගා නොකළ ඉඩම් ලබා දි කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගන්වනවා. තේ වගාව ඇතුළු අනෙකුත් ගොවිතැන්වල නියැළෙන ජනතාව වෙනුවෙන් කිලෝ පනහක පොහොර මිටිය රුපියල් පන්දහසටත් වගාවේ අස්වැන්නට ස්ථාවර මිලකුත් ලබා දෙනවා. ශීතාගාර පහසුකම් සහ හරිතාගාර පහසුකම් තුළ ඔවුන් සුහුරු කෘෂිකර්මාන්තයට යොමු කරවනවා.
පාසල් දරුවන්ට නිල ඇදුම සහ දිවා ආහාරය නොමිලේ
මව්වරුන් හා ළදරුවන් වෙනුවෙන් ජාතික පෝෂණ ව්‍යාපෘතියක් ආරම්භ කර, පාසල් දරුවන් වෙනුවෙන් දිවා ආහාරය හා නිල ඇදුම ද නොමිලේ ලබා දෙනවා.