theleaderlk 01

මේ වසරේ ජනවාරි පළමුවෙනිදා සිට සැප්තැම්බර් 15 දක්වා කාලය තුළ සුරා බදු දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 15200 (බිලියන 152)

වාර්තාගත ආදායමක් ලබා ගෙන තිබේ.

වසර 2023 ජනවාරි පළවෙනිදා සිට සැප්තැම්බර් මස 15 වෙනිදා දක්වා කාලය තුළ එම දෙපාර්තමේන්තුව අය කරගෙන තිබු ආදායම රුපියල් කෝටි 12200  (රුපියල් බිලියන 122) කි.

 පසුගිය වසරේ එම කාලයට වඩා  මේ වසරේ මුල් මාස නවය හමාර තුළ ආදායම වැඩිවීමේ වර්ධනය සියයට 25  බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ .ගුණසිරි ප්‍රකාශ කළේය.

 වසර 2023 තම දෙපාර්තමේන්තුව රුපියල් කෝටි17900 ( බිලියන 179) ආදායමක් ලබාගෙන ඇත.

මේ වසරේ තම දෙපාර්තමේන්තුව රුපියල් කෝටි 232000 (බිලියන 232) ආදායමක් ලබාගැනීම ඉලක්ක කොට ඇතැයි සුරාබදු කොමසාරිස් ජනරාල් සඳහන් කළේය.

සුරාබදු දෙපාර්තමේන්තුව නිලධාරී සහ සේවක පුරප්පාඩු රාශියක් පවතිද්දිත් මේ අන්දමට ආදායම් ලබා ගැනීම වැඩි වීම කෙරෙහි තම දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන්ට  ස්තූතිවන්ත වන බවද ඔහු කිවේය.

(ජේ . මුණසිංහ)

pe2024 2

worky sin

නවතම පුවත්