theleaderlk 01

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත බැවින් ශ්‍රී ලංකාවට යන්නේ නම් කල්පනාකාරීව කටයුතු කරන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියි.

එම දෙපාර්තමේන්තුව නිකුත්කර ඇති සංචාරක උපදේශයෙන් එරට වැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව රැස්වන ස්ථානවලට යෑමෙන් වළකින ලෙසයි.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ සැප්තැම්බර් 21 වනදා ජනාධිපතිවරණය ට පෙර, ඒ අතරතුර සහ පසුව උද්ඝෝෂණ ඇතිවීමට ඉඩ ඇති බවයි.

සාමකාමී ජනතා එකතුවීම් පවා පෙර දැනුම්දීමකින් තොරව කලහකාරී විය හැකි බවද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

Sri Lanka Travel Advisory

 

'ලාංකීය ජනතාව තෝරා පත්කර ගන්නා ජනපතිට සහය දීමට සූදානම්' - අමෙරිකා තානාපතිනි 

මේ අතර එක්ස් පණිවුඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති ජූලි චංග් පවසන්නේ, ලාංකීය ජනතාව තෝරා පත් කරගන්නා ජනාධිපතිවරයා සමග සමීපව කටයුතු කිරීමට ඇමරිකාව අපේක්ෂා කරන බවයි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ හැකි වැදගත්ම කාර්යය බව ද ඇය පවසයි.

PHOTO 2024 09 16 10 28 06

pe2024 2

worky sin

නවතම පුවත්