ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් වන පරිදි ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බව
පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (15) බණ්ඩාරගම නගරයේ පැවති සර්වජන බලය පක්ෂයේ ජන රැලියක් අමතමිනි.
එහි දී තව දුරටත් අදහස් දක්වමින් උදය ගම්මන්පිල පැවසුවේ, 2015 දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන බව අනුර කුමාර දිසානායක සිය මැතිවරණ ප්‍රකාශනයේ 230 පිටුවේ සදහන් කර ඇති අතර මෙරට ඔරුමිත්තනාඩුවක් ලෙස හඳුන්වන, බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කර ශ්‍රී ලංකාව නිරාගමික රාජ්‍යයක් කිරීමේ වැඩ පිළිවෙල අන්තර්ගත වන්නේ 2015 මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය තුල බව යි.
උදය ගම්මන්පිල කළ සම්පූර්ණ අදහස් දැක්වීම මතු දැක්වේ.
සජිත්ගෙ දේශපාලන පියාණෝ රනිල්
පුංචි කාලයේ අපි තාච්චි පනිනවා කියලා ක්‍රීඩාවක් කරා. ඒකේ තමන්ගේ පැත්ත කියලා නෑ. ඒ පැත්තෙන් මේ පැත්තටත් පනිනවා. මේ පැත්තෙන් ඒ පැත්තටත් පනිනවා. දැන් ඔන්න දේශපාලනේ තාච්චි පැනීමක් පටන් අරන්. තලතා සජිත්ගෙ පැත්තෙන් රනිල්ගෙ පැත්තට පනිනවා. ගීතා රනිල්ගෙ පැත්තෙන් සජිත්ගෙ පැත්තට පනිනවා. රනිල් ෂෝක් කිව්ව ගීතා දැන් ඒ කටින්ම සජිත් ෂෝක් කියනවා. සජිත් ෂෝක් කිව්ව තලතා ඒ කටින්ම දැන් රනිල් ෂෝක් කියනවා.
බුරුතු පිටින් දෙපැත්තට පනින්නේ ඇයි? ලැජ්ජාවක් හිරිකිතයක් නැත්තේ ඇයි? ලැජ්ජාවක් ඇති වෙන්න නම් දෙපැත්ත අතර වෙනසක් තිබෙන්න ඕනි. දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි. යූඑන්පී ප්‍රතිපත්ති ම තමයි සජබ ප්‍රතිපත්තිය. සජබේ උදවිය රනිල් අත් හැරියේ රනිල්ගේ ප්‍රතිපත්ති නරකයි කියලා නොවේ. රනිල්ට දිනන්න බෑ කියලා. සජිත්ගෙ දේශපාලන පියාණෝ ජනපති ප්‍රේමදාස නොවේ. රනිල් වික්‍රමසිංහ. රනිල් සජිත් දෙන්නාගේම ප්‍රතිපත්ති එකයි.
තුන ම එක වල්ලෙ පොල්
සජිත් රනිල් විතරද? අනුරත් එකයි. එක වල්ලෙ පොල්. මොනවා වුණත් රනිල් මැතිතුමා දුරකතනයෙන් කතා කරන විධියට ම වේදිකාවේත් මගේ ආදරණීය මිත්‍රයා අනුර කියලා අමතනවා. අයියෝ එතකොට අනුර ලැජ්ජාවෙන් ඇඹරෙනවා. සාගලවත් එහෙම ඇඹරෙන් නැ. එහෙම ඇඹරෙන්න දෙයක් නෑ. මිත්‍රයෝ තමයි. එක ප්‍රතිපත්තිය දෙකට බෙදා ගෙන ජීවත් වෙන එක තමයි දෙන්නාම කරන්නේ.
ප්‍රතිපත්ති ප්‍රකාශ තුන බැලුවොත් තුනම එකයි. එකක් දම් පාටයි. එකක් කොල සහ කහ පාටයි. අනිත් එක දේදුනු වර්ණ. ඔච්චරයි වෙනස. ඔය තුනම දේශීය නිෂ්පාදන නොවේ. ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා ඉන්දියානු තානාපති කාර්යාලයේ නිෂ්පාදනය කරලා සිංහලට පරිවර්තනය කරපු බඩු. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශන ඉංග්‍රීසියෙන් හදලා සිංහලට පරිවර්තනය කරද්දී හරි සිංහල වචන හොයාගන්න බැරිවුණා ම ඉංග්‍රීසියෙන් ම දමලා ඇරලා තියෙනවා. පාට වෙනස් වුණාට වචන වෙනස් වුණාට ප්‍රතිපත්තිය එකයි. ආර්ථික ප්‍රතිපත්තිය මූල්‍ය අරමුදලේ වැල් පාලමේ එල්ලිලා ඉන්න එක මිස දේශීය නිෂ්පාදන ආර්ථිකයක් හදන එක නොවේ. රට බංකොලොත් වුණු ඒ ක්‍රමයම ඉදිරියටත් කරනවා කියන එකයි තුන් දෙනාම කියන්නේ.
පොලිස් බලතලත් දෙනවලු
බලය බෙදීම ගැන තුනම කියන්නේ එකයි. දහතුන්වන සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරනවාලු. ඉන්දියාව බලහත්කාරයෙන් පටවලා අපේ ව්‍යවස්ථාවට දැම්මත් පොලිස් බලතල දෙන්න ජනාධිපතිවරු අටදෙනෙක් ම කටයුතු කරේ නෑ. මමයි ගෙනාවේ මම ම දෙනවා කියලා ජේආර්ට දෙන්න තිබ්බේ නැද්ද? අවුරුද්දකට වැඩි කාලයක් සාම කතා කරපු ප්‍රේමදාසට ඕක දෙන්න තිබ්බේ නැද්ද? උතුරෙන් වැඩිම ඡන්ද ප්‍රතිශතයක් ගත්තු චන්ද්‍රිකාට ඕක දෙන්න තිබ්බෙ නැද්ද? ඔය කවුරුවත් පොලිස් බලතල පලාත් සභාවලට දුන්නේ නැත්තේ ඒක කරොත් රට ම ලේ විලක් වෙන බව දන්න නිසා; රට දෙපළු වෙලා දෙමළ ඊළම හැදෙන බව දන්න නිසා. නමුත් උතුරේ ඡන්ද කුට්ටියට කෙළ හලමින් රටට කෙළ වුණත් රජ පුටුවේ මළත් සැපයි කියලා හිතන නිසා තමයි රනිල් සජිත් අනුර තුන්දෙනා එක හඬින් අපි පොලිස් බලතල උතුරට දෙනවා කියලා කියන්නේ.
පිරිබාහරන්ටත් වඩා හපන් අනුර කුමාර
ප්‍රතිපත්ති ප්‍රකාශ හදන කොට රට පෙඩරල් කරනවා කියලා රනිල් සජිත් දෙන්න ම කොළේ වහල ගහල තියෙන්නේ. එයාලා ඒ ගැන සෘජුව කියන් නෑ. ඒ දෙන්නාම අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කියලා විතරයි කියලා තියෙන්නේ. නමුත් අනුර කුමාරගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ මොකද කියන්නේ? දෙසිය තිස්වන පිටුව බලන්න. දෙදහස් පහළවේ දී ගෙන ආ නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමය ඉදිරියට ගෙන යනු ලැබේ කියලා ලියලා තිබෙනවා. රනිල් - සජිත් ජෝඩුව එකට ඉන්න කාලයේ ගෙනාපු මේ රටේ දේශප්‍රේමි බලවේග පරාජය කරපු ව්‍යවස්ථාව. රනිල් - සජිත් දෙන්නවත් කියන් නෑ අපේ පරණ ප්‍රතිපත්තිය ගේනව කියලා. පැත්තෙන් හිටපු අනුර තමයි කියන්නේ.
ඕක තමයි රට පෙඩරල් කරන රටේ නමත් ඔරුමිත්තනාඩු කරන ව්‍යවස්ථාව. ඕකේ තමයි බුදු දහමට ලබා දෙන ප්‍රමුඛස්ථානය ඉවත් කරනවා කියලා තිබෙන්නේ. ඕකේ තමයි ලංකාව නිරාගමික රාජ්‍යයක් කරනවා කියලා තිබෙන්නේ. පිරිබාහරන් හැදුවේ රට දෙකකට කඩන්න. අනුර කුමරුගේ උත්සාහය රට නවයකට කඩන්න. දැන් බැලින්නම් අනුර කුමරු පිරිබාහරන්ටත් වඩා හපන් බෙදුම්වාදියෙක්නෙ. අපිව සිංහල දෙමළ කියලා බෙදුවා මදිවාට අපි බස්නාහිර උඹ දකුණේ අරූ ඌවේ කියලා අපි පළාත්වලටත් බෙදන්නයි අනුරගේ කල්පනාව.
මතක තියා ගන්න. ඔය ප්‍රතිපත්ති ප්‍රකාශ කියවන්නේ නැතිව රැල්ලට ගිහිල්ලා කතිරේ ගැහුව්වාට පස්සේ බලයට පත් වෙන අය කියන්නේ අපට ජනවරමක් තිබෙනවා. අපි කරන දේට විරුද්ධ වෙන්න කාටවත්ම බෑ කියලා. ඒනිසා මෙවර මැතිවරණයේ දි අපේ මිනී වළ අපිම කපා ගැනීමක් කරගන්න එපා කියන එක අපි සිහිපත් කරන්න ඕනේ.
දිලිත් විතරක් වුණ පොරොන්දුව
දිලිත් ඡන්ද කුට්ටි ගන්න දොළපිදේනි දෙනවා වෙනුවට රට ගොඩ ගන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තියෙනවා. දිලිත්ගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය බලන්න. නිර්මාණශීලි තාරුණ්‍යයෙන් ලෝක යම වැඩ ගන්න කොට අපේ රටේ තරුණයෝ පාසලට විශ්වවිද්‍යාලයට නාකි වෙනවා. අවුරුදු පහ පිරිලා පාසලට ඇවිත් අවුරුදු දහතුනක් පාසල් යනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලයේත් අුරුදු පහක් හිටියා ම රස්සාවක් හොයා ගන්න කොට ම කෙස් පැහෙන්නත් පටන් අරන්. ජීවිතයට පටන් ගන්නත් කලින් ජීවිතය ඉවර වෙලා.
පාසල් අධ්‍යාපනය වසර එකොළහකට අඩු කරන්න පොරොන්දු වෙලා තිබෙන්නේ දිලිත් විතරයි. මේ මැතිවරණයට රට ගොඩ ගන්නේ කොහොමද කවදාද කියලා වැඩපිළිවෙළක් ඉදිරිපත් කරලා තිබෙන්නේ දිලිත් ජයවීර මැතිතුමා විතරයි. අනිත් අය උපායමාර්ගික වැඩපිළිවෙළක් කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නෑ. ඒ අය දන්නේ කට රවුම් කරලා බොරු කියන්න විතරයි. බොරු කියලා ඡන්ද දිනන්න පුළුවන්. ඒත් රට හදන්න බෑ.
දිලිත්ටත් පුළුවන්
දිලිත් ඒහි පස්සිකෝ කියලා එව බලව කියලා පෙන්නන්න දෙයක් කරලා තිබෙනවා. මොකද දිලිත් කියන්නේ කයිකාරයෙක් නොවේ වැඩකාරයෙක්. වැඩක් කරලා පෙන්නපු කෙනෙක්. රක්ෂණ නියෝජිතයෙක් විධියට පටන් අරන් පුංචි තැනින් පටන් අරන් සමාගම් පනස් තුනක් හදපු ව්‍යවසාය ලෝකයේ දැවැන්තයෙක්. කඩා වැටුණු සමාගම් මිල දී අරන් ගොඩ දාපු කෙනෙක්. ට්‍රයි ඇඩ් සමාගම පටන් අරන් වසර දහයෙන් අංක එක. ටීවී දෙරණ එෆ්එම් දෙරණ අංක එකට ගෙනාවා. ඒ අත්දැකීම නිසා තමයි ‘මට මේ රට ගොඩ දාන්න පුළුවන්’ කියලා විශ්වාසයෙන් කියන්නේ. දිලිත් කියන්නේ වැඩක් කරපු මනුස්සයෙක්. වැඩක් කරන මනුස්සයෙක්. අලුතින් හිතන මනුස්සයෙක්. රට වෙනස් කරන්න පුළුවන් වෙනස් මනුස්සයෙක්. ඒ නිසා සතුටු දැයක් හදන්න දිලිත්ට රට බාර දෙන්න කියන ඉල්ලීම මම කරනවා.’’