theleaderlk 01

දෙමළ විමුක්තිය වෙනුවෙන් අහිංසාවාදී අරගලයක යෙදී ජීවිතය පරිත්‍යාග කිරීම නිසා ත්‍යාගී තිලීපන් ලෙසින් ගෞරවයට පාත්‍ර වන

එල්.ටී.ටී.ඊ සංවිධානයේ ලුතිතන් කර්නල් රාසයියා පාර්තිපන් අනුස්මරණ සතිය උතුරේ ආරම්භ වී තිබේ.

මාරාන්තික උපවාසයක යෙදී සිටියදී මිය ගිය තිලීපන්  සැමරීම සඳහා  නල්ලුර් කන්දසාමි කෝවිල අසල ඉදිකර තිබු  2010 දී රජයේ ආරක්ෂක අංශ විසින් කඩා බිඳ දමන ලද තිලීපන්ගේ ස්මාරකය ඉදිරිපිට දී ඔහුගේ  37 වැනි මරණ සංවත්සරය මහත් ජන සහභාගිත්වයකින් යුතු පුෂ්පදීප උපහාරයකින් සැප්තැම්බර් 15  වැනි ඉරිදා පැවැත්වුණු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

දේශපාලකයන්ගේ සහභාගීත්වයෙන් තොරව පැවැති අනුස්මරණය උත්සවය සටනේදී මියගිය රොෂාන් නමින් ප්‍රකට දෙමළ සටන්කාමියකුගේ මාතාව වන රත්නසිංහම් පොත්කොඩියාල් විසින්  උදෑසන 9.45 ට   පහන් දල්වමින් ආරම්භ කර තිබුනේ තිස් හත් වසරකට පෙර තිලීපන් උපවාසය ආරම්භ වේලාව සිහිපත් කරමිනි.

පසුගිය කාලය පුරාම දකුණේ අරගලකරුවන් පෙළීමට යොදාගත් ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට එරෙහිව 37 වසරකට ඉහතදී දිලීපන් සටන් වැදී තිබුණි.

සිංහල හමුදා කඳවුරු දෙමළ පළාත් වලින් ඉවත් කර ගැනීම, දෙමළ ජනතාවගේ පළාත්වල තාවකාලික දෙමළ ආණ්ඩුවක් පිහිටුවන තෙක් පුනරුත්ථාපන වැඩ තාවකාලිකව අත්හිටුවීම, දෙමළ ජනතාවට අයිති ගම් පළාත්වල සිංහලයන් පදිංචි කරවීම කරගෙන යාම නැවැත්වීම, දෙමළ පළාත්වල සිංහල පොලිස් ස්ථාන පිහිටුවීම නතර කිරීම සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ පොලිස් ආරක්ෂක මූලස්ථාන වල සිටින දේශපාලන රැඳවුම්කරුවන් වහා නිදහස් කිරීම ආදී ඉල්ලිම් ඉදිරිපත් කරමින් 1987 සැප්තැම්බර් 15 වනදා තීලිපන් උපවාසයක් ආරම්භ කළේය.

යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට උපවාසයක යෙදී සිටියදී තිලීපන් මිය ගියේ 1987 සැප්තැම්බර් 26 වෙනිදා ය.

set45345

pe2024 2

worky sin

නවතම පුවත්