සජබ ජනාධිපති ධුර අපේක්ෂක, සජිත් ප්‍රේමදාස ගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු
මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිනී විජේරත්න දඹුල්ලේ පැවති සමගී ජන බලවේගයේ රැළියේ වේදිකාවට නැගීම ප්‍රතික්ෂේප කළාය.
ලක්ෂ්මන් වසන්ත පෙරේරා රැස්වීම අවට ඔහුගේ ඡායාරූපයක් සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් ජනතාව අතර ඔහුගේ නම සහිත හිස් වැසුම් බෙදා දී තිබුණි.
ඔහු ද එම වේදිකාවේ අසුන්ගෙන සිටීම නිසාවෙන් ඊට උරන වූ කවිරත්න මන්ත්‍රීවරිය, ලක්ෂ්මන් වසන්ත පෙරේරා හිටපු රාජ්‍ය අමාත්‍යවරයා වේදිකාවෙන් බැස පිටව යන තුරු වේදිකාවට ගොඩ නොවන බව පවසා වේදිකාවෙන් පිටත බොහෝ වේලාවක් රැඳී සිටියාය.
ඇයගේ පාක්ෂිකයන්ද ඇය සමඟින් එම ස්ථානවල රැඳී සිටිනු දැකගැනීමට හැකි විය.
පසුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණීමටත් පෙර වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස පිටව ගොස් තිබිණි.
ඒ අනුව ඇය සජිත් ප්‍රේමදාස සමග වේදිකාවට නැග ඉදිරිපෙළ අසුනේ වාඩිවී සිටිනු දැකගැනීමට හැකි විය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉදිරිපස තබාගෙන ඇය දැඩි ප්‍රකාශයක් කරමින් කියා සිටියේ සජිත් ප්‍රේමදාස නායකතුමා එතනෝල් කාරයන්ට මත්පැන් අලෙවිකරුවන්ට තැබෑරුම් හිමියන්ට තම වේදිකාවේ ඉඩක් නැති බව ප්‍රකාශ කොට තිබුණු බවයි.
එහෙත් එක හරක් පැටියෙක් ළඟට ගෙන කිරි කාලයට ගොම බින්දුවක් නොදමන්නැයි ඇය විපක්ෂ නායකවරයා ගෙන් ඉල්ලා සිටියාය.
පසුවේදිකාවෙන් බැස පිටව යන අවස්ථාවේදී ලක්ෂමන් වසන්ත පෙරේරා නිසා වේදිකාව වර්ජනය කළේ දැයි මාධ්‍යවේදීන් රෝහිනී විජේරත්න ගෙන් විමසීමේදී ඇය කියා සිටියේ එසේ සිදු කරන්නට වූයේ සුදුසු නැති පුද්ගලයන් සමග එකට සිටීම සුදුසු නැති නිසා බවය. බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත්තේ නුසුදුසු පුද්ගලයන් සමඟ වාසය නොකරන ලෙසය ඒ අනුව තමන් ද එසේ කළ බව ඇය සඳහන් කළාය.