එජාප නායකයා උත්සාහ දරමින් සිටින්නේ ජේවීපී කාරයකු ජනාධිපති කරන්නැයි පාර්ලිමේන්තු එස්. එම්. මරික්කාර් පැවසී ය.
හෙතෙම මෙලෙස පැවසුවේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
එහි දී වැඩි දුරටත් අහස් දැක්වූ එස්. එම්. මරික්කාර්...
අපි කවදත් ජවිපෙට කඩේ ගියේ නෑ
‘‘පසුගිය සමයේ පැවති සියලු මතවාද අමතක කර සජිත් ප්‍රේමදාස මහතාගේ විජයග්‍රහණය වෙනුවෙන් එක් වන්න. වසර තිහකට පස්සෙ එජාප ප්රතිපත්තීන් දරණ, ‘ඔරිජිනල් යූඇන්පී කාරයෙකු’ ජනාධිපති ලෙස පත්වෙන බව අපිට විශ්වාසයි. නමුත් එජාප නායකයා උත්සාහ දරමින් සිටින්නේ ජේවීපී කාරයෙකු ජනාධිපති කරන්න. ඒ නිසා මෙරට ඉතිරිව සිටින දෙලක්ෂ පනස්දහසකට ආසන්න එජාප සාමාජිකයන් අපි සමග එක්වන්න. එජාප සාමාජිකයන් කවදාවත් ජවිපෙට කඩේ නොගිය පිරිසක්. ඩීඑස්, ඩඩ්ලි, ජේආර්, ප්‍රේමදාස ආදී එජාපයේ යෝධයන්ගේ සැබෑ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ ශක්තිය පවතින්නේ සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ සජබය සතුවයි.
දුප්පතුන්ට වාසි හිමි කර දෙනවා
ශ්‍රී ලංකාවේ තැළෙන පෑගෙන දුප්පත් පීඩිත පන්තිය, ජනතාවාදී පාලනයක් බලාපොරොත්තුවෙන් සජිත් ප්‍රේමදාස මහතා වටා එක්රොක් වෙමින් සිටිනවා. පෙර මැතිවරණවලදී තම පක්ෂය පරාජයට පත්වූ ආසන හා දිස්ත්‍රික්කවල ජනතාව, සජිත් ප්‍රේමදාස මහතා සහ සජබ වෙත මෙවර අසාමාන්‍ය ලෙස ඉහළ ආකර්ෂණයක් පෙන්නුම් කරමින් සිටිනවා. එම ජනතාව ආර්ථික සංවර්ධනයක් හා රටේ වෙනසක් බලාපොරොත්තුවෙන් පසුවන මොහොතක වික්‍රමසිංහ මහතා විවිධ කඩාකප්පල්කාරී ක්‍රියාවන්හි නිරත වනවා. ඒ නිසා එම ක්‍රියා, කතා හෝ ප්‍රචාරවල ගොදුරක් බවට පත් නොවී නොපසුබටව නිවැරදි තීරණය ගන්න වුවමනා ම වෙලාව මේකයි. වික්‍රමසිංහ මහතා විසින් ගෙනයමින් සිටින මහජනයා පෙළන, මිරිකන, පීඩාකාරී බදු ප්‍රතිපත්තිය වෙනස් කර සමාජ වෙළෙඳ ආර්ථික ක්‍රමය තුළින් ධනවතුන්ගෙන් බදු අය කරගෙන දුප්පතුන්ට වාසි හිමි කර දෙන වැඩපිළිවෙළකට සජබ අවතීර්ණ වීමට නියමිතයි. එමෙන්ම ආදායම් උත්පාදනය, ණය ගෙවීමේ හැකියාව වර්ධනය කිරීමත් සමග ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද ජනතාව විසින් තෝරා පත් කරගත් පාලනයක අදහසට කන් දෙනවා. ඒක ස්ථිරයි.’’