theleaderlk 01

නාමල් රාජපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂත්වයෙන් ඉවත්කර එම පාර්ශ්වයේ සහායත් ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ට

ලබාදෙන ලෙස පූජ්‍ය දොඩම්පහල රාහුල හිමියන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගෙන් ඉල්ලා සිටියේය.

ඒ ඊයේ (16) කොළඹ පැවති සඟ සමුළුවකදීය.

ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් සඟ සමුළුවක් ඊයේ පස්වරුවේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේදී පැවැත්වුණි. 

එහිදී අදහද් දැක්වූ නාරාහේන්පිට අභයාරාමාධිපති කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි,

"මේ රට ගෙනියන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ කියන එක මම ඕනෑම තැනක කියනවා." යයි පැවසුහ. 

පූජ්‍ය දොඩම්පහල රාහුල හිමි,

"අනේ අපේ පුතානෝලා සර්ලා ඔබලා දෙන ඔය අනුග්‍රහය සමහරක් වෙලාවට අනියම් හෝ නියම් වශයෙන් හෝ වෙනපැත්තකට ඔය අර අදින්නේ රනිල් සර්ට විරුද්ධව යැවෙනවා නම් මේ රටේ සෑබෑ දහමට, ආරක්ෂාවට, භාෂාවට යැවෙනවා නම් ඔබතුමන්ලා දෙපාරක් තුන්පාරක් සිතත්තවා. මගේ රටේ 2009 විජයග්‍රාහී ජයග්‍රහණය අරන්දීලා අභය දීපු මහින්ද රාජපක්ෂ ශ්‍රීමතානනී ඔබගේ පිළිරූ හදලා මේ මිනිස්සු වදී මේ මොහොතේදී හරි පුත්‍රයා ගෙන්නලා කරුණාකර, කොල්ලෝ අයින්වෙයන් කියලා මේක ගෙනියන්න ඉඩ දෙන්න කියන්න. මේ ඡන්ද ටික එකට එකතු කරන්න. ඔබ සැබෑ නායකයෙක් නම් දේශප්‍රේමියෙක් නම් මේ රටට සැබෑ ආදරේ නම් මේ මොහොතේ ඒක කරලා.. කොල්ලො මේ වෙලාවේ අයින් වෙයන් කියන්නේ. නාමල් පුතේ ඔයාට නිසි අවස්ථාව ආවාහම එදාටත් රාහුල හමුදුරුවෝ එතන ඉන්නවා. ඔබ තව ගොඩ නැගෙන්න ඕනේ."

 

pe2024 2

worky sin

නවතම පුවත්