තමන් කළ වෙනස මේ රටේ මිනිස්සු ජීවත් කරවීම සහ අනාගතය පිළිබඳව බලාපොරොත්තුවක් දීමත්, පාර්ලිමේන්තුවේ සිටි පිරිස අතුරෙන්
බාගයක් පමණ මේ රට කරගෙන යැමට නොහැකි යැයි මගහැර ගිය මොහොතේ ඉතිරි පිරිසගේ සහය ගෙන රට ඉදිරියට රැගෙන ගිය බවත් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසී ය.
ජනාධිපතිවරයා මෙලෙස පැවසුවේ අශේන් සේනාරත්න සමග කළ Tik Tok සාකච්ඡාවක දී ය.
එම සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පවසා සිටියේ, තමන් සාම්ප්‍රදායික දේශපාලන රටාව බිඳ දමා ජාත්‍යන්තරයේ ද සහයෝගය ලබාගනිමින් ජනතාවට සහනයක් ලබා දුන් බවයි.
මෙම සාකච්ඡාවේ දී වසර හැත්තෑහයක ශාපය යනු කුමක්දැයි අශේන් විමසා සිටි අවස්ථාවේ ජනාධිපතිවරයා ඊට දීර්ඝ පිළිතුරක් සැපයී ය.