ජාතික මට්ටමින් ක්රියාත්මක වන ශ්රී ලාංකිය මුස්ලිම් ප්රජාව නියෝජනය කරන ජාතික ශූරා සභාව නමැති සංවිධානයක් විසින් 2024
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වී සිටින සියලු අපේක්ෂකයන් වෙත කෙරෙන ඉල්ලීම් කිහිපයකින් යුත් නිවේදනයක් නිකුත් කර ඇත.
ඉල්ලීම් (අදහස්/ යෝජනා) 27ක් සහිත එම නිවේදනය මෙවර ජනාධිපතිවරණයෙන් ඉක්බිති බලයට පත්වන ඕනෑම ජනාධිපතිවරයෙක් සැලකිල්ලට ගත යුතු කරුණු 27කි. එය හුදෙක් එක් ජාතියක් හෝ එක් ආගමක් පාදක කරගනිමින් කළ ඉල්ලීම්/ යෝජනා ගොන්නක් නොවන බැවින් එම ඉල්ලිම්/ යෝජනාමාලාව මෙලෙස ඉදිරිපත් කරන්නට අපි අදහස් කළෙමු.
මතු දැක්වෙන්නේ පිටු අටකින් සමන්විත එම ඉල්ලිම්/ යෝජනා සමූහය යි.