theleaderlk 01

වඩා යහපත් ජීවිතයක් උදෙසා චීන සහ ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවන් සහ බලාපොරොත්තු වෙනුවෙන් මධ්‍ය සරත් උත්සවය (Mid-Autumn Festival) අපගේ හදවත් එකට සමීප කරනු ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං පැවසුවේ ය.

චීන තානාපතිවරයා මේ බව පවසා සිටියේ කතානායක මහින්ද යාපා අබේවර්ධන ගේ ප්‍රධානත්වයෙන් ගෝල්ෆේස් හෝටලයේ දී ඊයේ (16) පැවති මධ්‍ය සරත් උත්සවය හෙවත් සඳකෙත් උත්සව සැමරුමට (Mid-Autumn Festival) එක්වෙමිනි.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා,

"ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය ආරම්භ කර වසර 10ක් සපිරෙන මේ මොහොතේ අපගේ සංස්කෘතිය සහ ශ්‍රී ලාංකීක ජනතාව සම්බන්ධ කරන පාලමක් ලෙස අප දෙරටේ සංස්කෘතික සහ සංචාරක වෙනස්කම් සඳහා චීන සංස්කෘතික මධ්‍යස්ථානය ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කර ඇත."


දෙරටේ සංස්කෘතික හුවමාරුව ප්‍රවර්ධනය කිරීම සඳහා චීන සංස්කෘතික මධ්‍යස්ථානයට වඩාත් විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වන පරිදි, සෑම අයුරකින්ම සහයෝගය ලබා දීමට බලපොරෙත්තු වන බවද ඔහු මෙහිද අවධාරණ කර සිටියේය. 

දීප්තිමත් සඳක් අහසට නැඟී සිටින බැවින්, මම ඔබ සැමට ප්‍රීතිමත් සරත් සෘතුවේ උත්සවයක් ප්‍රර්ථනා කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

china5
මධ්‍ය සරත් උත්සවය - Mid-Autumn Festival

 

චීන ජාතිකයින් යනු සංස්කෘතිය සමහ ඉතාම සමීප සම්බන්ධතාවයක් පවත්වා ගෙන යන ජන කොටසකි. ඔවුන් විසින් උත්සවාකර්ෂයෙන් සමරන සාම්ප්‍රදායික උත්සව අතර මධ්‍ය සරත් උත්සවය ප්‍රධාන තැනක් ගනී. මෙම උත්සවය චීන බසින් 中秋节(Zhōngqiū jié)ලෙසත්, ඉංග්‍රීසි බසින් Mid Autumn Festival ලෙසත්, සිංහල බසින් සද උත්සවය හෙවත් සදකෙත් උත්සවය ලෙසත් හැදින්වේ. චීන ජාතිකයින්ගේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව ඔවුන් මෙය සමරන්නේ අටවැනි මාසයේ, පහලොස් වන දිනයේ දීය. චීනයට සරත් කාලය උදාවීම ඔවුන්ගේ චන්ද්‍ර මාස ක්‍රමයට අනුව 7 – 8 – 9 යන මාස කිහිපයේ දී ය. මෙම කාල සීමාවේ මැද මාසය අටවෙනි මාසයයි. පහළොස් වන දිනය යනු මාසයේ මැද දිනයයි. ඒ අනුව සරත් කාලයේ මැද මාසයේ මැද දිනයේ දී ය. මෙම කාරණාව හේතු කොට ගනිමින් මෙම උත්සවය මධ්‍ය සරත් උත්සවය ලෙස හදුන්වනු ලබයි.

 

china4

 

මධ්‍ය සරත් සෘතු උත්සවය වසන්ත උත්සවයෙන් පසු චීන ජනතාවගේ දෙවැනි ප්‍රධානම සාම්ප්‍රදායික උත්සවයයි. චීන ජනතාව ඔවුන්ගේ අළුත් අවුරුද්ද සැමරිමෙන් පසුව වඩා උත්කර්ෂවත්ව සමරන උත්සවය සරත් සෘතු උත්සවය බවටයි සඳහන් වන්නේ. සරත් සතුවේ ප්‍රධාන තේමාව වී ඇත්තේ පවුලේ සමාජිකයන්ගේ එකමුතුභාවයයි.

 

china 240917
මධ්‍ය සරත් උත්සවය සඳහාම වූ සුවිශේෂි සිරිත් විරිත් රාශියක් චීන ජනතාව තුළ පවතින අතර ඒ තුළ Mooncake ආහාරයට ගැනිම ප්‍රධානත්වයක් උසුලයි. Mooncake ආහාරයට ගැනීම, සඳ බැලීම මෙන්ම පහන් කූඩු එල්ලීම යනාදී සිරිත් මධ්‍ය සරත් උත්සවයට අයත්වෙයි. 

Mooncake යනු වටුකුරු හැඩයකින් යුක්ත ඉතාමත් රසවත් කේක් විශේෂයකි. Mooncake කේක් තුලින් චීන ජනතාව පරිපුර්ණත්වය සහ සතුට නිරූපණය කෙරෙන බවට සඳහන් වේ. එසේම සඳ බැලිම සහා සඳ උදෙසා පුද පූජා පැවැත්වීමත් මෙහිදි චීන ජනතාවගේ සිරිතකි.

 

china3

 

වටකුරු හැඩයකින් යුත් සඳ චීන ජනතාවගේ මනස සහ ඔවුන්ගේ පවුල් එකට එක් වීම නිරුපණය කෙරෙන අතර මේ ආකාරයට සිරිත් විරිත් රාශියක් මෙම මධ්‍ය සරත් සෘතු  උත්සවයේදී සැමරීම් සිදුකරයි.

 

අන්තර්ජාලය ඇසුරෙනි  

 

china6

china 2

china11

china12

china13

 

 

 

pe2024 2

worky sin

නවතම පුවත්