theleaderlk 01

අනුර කුමාර දිසානායක විවාදයකට කළ අභියෝගය බාරගැනීමට තමා සුදනම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.  

ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවසන් කිරීමට මත්තෙන් එම එම විවාදය කිරීමට සූදානම් බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියේ ඊයේ (16) පස්වරුවේ වැල්ලවායේ පැවති “රනිල්ට පුළුවන්” විජයග්‍රාහී ජන රැලිය අමතමිනි.

'' හිටපු කෘෂිකර්ම ඇමති අනුර කුමාර මට විවාදයකට කථා කළා. මම ඒ සඳහා සූදානම් බව පැවසුවා. නමුත් මම තවම බලාගෙන ඉන්නවා. නමුත් තවමත් ආරාධනයක් නැහැ. අද වුවද මම ඊට සූදානම්. ඇයි ඔවුන්ට වාද කරන්න බැරි. ඒ ඔවුන්ට වැඩපිළිවෙළක් නැති නිසා ''

අසීරුවෙන් රට ලබාගත් ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමින් ඉදිරියට යාමට නම් සැප්තැම්බර් 21 වනදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන ලෙස තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ එහිදී පැවසීය.

 

            

 රනිල් වික්‍රමසිංහ තමාගෙන් ප්‍රශ්න කළ සියලු කරුණු සඳහා පිළිතුරු ලබාදීමට තමන් සූදානම් බවත්, ඒ සඳහා විවෘත සංවාදයක් පැවැත්වීමට තමන් යෝජනා කරන බවත් මාලිමාවේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පසුගිය 09 දා ආණමඩුවේ පැවති ජන හමුවකදී පැවසුවේ යි.


ඔහු එහිදී මෙසේද පැවසිය.

"රනිල් වික්‍රමසිංහ දැන් එක එක ඒවා කියන්න පටන් අරන් තියනවා. මම දැක්කා හැම තැනම කියනවා අනුර මගේ යාළුවා, මා මිත්‍ර අනුර. ඔය එන්නේ මොකටද දන්නවාද ෂේප් වෙන්න. ඒවාට අහු වෙන්නේ නෑ අපි. එයා ආපහු කියනවා එයා මොනවාද ප්‍රශ්න වගයක් අහලා මට උත්තර දෙන්න කියලා.

හිටිවන කවි මඩුව වගේ වේදිකාවෙන් වේදිකාවට බැරෑරුම් ප්‍රශ්නවලට උත්තර දෙන්න බෑ ඒ නිසා රනිල් වික්‍රමසිංහ ඉතා හොඳ විවෘත සංවාදයක් කරමු. අපි සූදානම් ඔයාගේ හැම ප්‍රශ්නයකටම එකින් එක උත්තර දෙන්න විතරක් නෙමෙයි ඔයාව ප්‍රශ්න කරන්නත්.

එයා වැලිමඩ අහනවා මම ආණමඩුවේ උත්තර දෙනවා එහෙම වැඩක් තියනවාද? අපි එක තැන වාඩි වෙලා ඔයා අහන්න මම කියන්නම් මම අහන්නම් ඔයා කියන්න අන්න එහෙම විවාදයක් කරමු."

pe2024 2

worky sin