theleaderlk 01

තමා බලයට පත් වූ පසු මනුෂ්‍යත්වයේ නාමයෙන් සියලු ජනතාව එක සේ රැක ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසී ය.

විපක්ෂ නායකවරයා මෙලෙස පැවසුවේ පසුගිය 16වන දින හෙට්ටිපොළ පැවති ජන රැලියක දී ය.

එහි දී රැස්ව සිටි පිරිස ඇමතු විපක්ෂ නායකවරයා...

 

දැනුමින් සන්නද්ධ තරුණ පරපුරක්

මම බලයට පත් වුනාට පස්සෙ: ශ්‍රී ලංකා නිදහස් පක්ෂ, ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ අනෙකුත් පක්ෂ මෙන්ම පක්ෂයක් නොමැති කණ්ඩායම්වල අයට වුව ද මනුෂ්‍යත්වයේ නාමයෙන් සලකනවා; ඒ වගේ ම ඒ සියලු ජනතාව රැක ගන්නවා. ආයෝජනය, නිෂ්පාදනය, පාරිභෝජනය, ඉතිරි කිරීම හා අපනයන යන වැඩසටහන් හරහා දුප්පත්කම තුරන් කිරිමට කටයුතු කරනවා. තමන්ගේම කියා ඉඩමක් නිවසක් නැති ජනතාව වෙනුවෙන් නිවාස අයිතිය හා ඉඩම් අයිතිය ලබා දෙන ගම් උදා සංකල්පය නැවත ක්‍රියාත්මක කිරීමට ද බලාපොරොත්තු වෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් ජාත්‍යන්තර තලයේ උසස් තරුණ සංවර්ධන මධයස්ථාන ආරම්භ කර තොරතුරු තාක්ෂණය පරිගණක විද්‍යාව ඉංග්‍රීසි හා විදේශ භාෂා ක්ෂේත්‍ර තුළින් තරුණයන් දැනුමින් සන්නද්ධ කරනවා.

 

දිස්ත්‍රික්ක 25ට ම කාර්යසාධක බළකායක්

රනිල් වික්‍රමසිංහ කරන්නේ ලංකාවේ ලූනු, බඩ ඉරිගු, අර්තාපල් නෙළන කාලෙදි ඒවා විදේශයෙන් ගෙන්වීමට කටයුතු කරන එක. ගොවියාත් රකින පාරිභෝගිකයාත් රකින මේ පාර්ශ්ව දෙක ම ආරක්ෂා වෙන වැඩපිළිවෙලකට සමගි ජන බලවේගය යොමු වෙනවා. ගොවියන්ට සහන මිලට පොහොර දෙන අතර ම ගොවියාට ධීවරයාට ත්‍රීරෝද හිමියන්ට පාසල් බස් රථ හිමියන්ට ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහනාධාරය ලබා දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. මේ ඉන්ධන සහනාධාරය ලබා දෙන්නේ කෝටිපතියන්ට නෙවෙයි; වැඩ කරන ජනතාවට කෝටි ප්‍රකෝටිපතියන්ට සහන ලබා දෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ඒ වගේ ම මෙරට පරිපාලන දිස්ත්‍රික් විසි පහ කේන්ද්‍ර කර ගෙන ජනාධිපති සංවර්ධන කාර්ය සාධන බලකායක් ඇති කරලා ඒ තුළින් සියලු‍ පරිපාලන දිස්ත්‍රික්වල සංවර්ධන කටයුතු සෘජුව අධීක්ෂණය කරනවා. ඒ වගේ ම ජනතාවට ජනාධිපතිවරයාට සම්බන්ධ වීමට වෙනම ම ඒකකයක් ඇති කරනවා. ජනාධිපතිවරයාත් ජනතාවත් අතර විධිමත් සම්බන්ධතාවක් ඇති කර ගෙන නගර සහ ගම් හදා නගර උදා කරන වැඩපිළිවෙළකට යොමු වෙනවා.’’

 

pe2024 2

worky sin

නවතම පුවත්