එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනකු ඉදිරිපත් වුව ද මේ වන විට ඔවුන් අතුරෙන් අවධානය යොමුව තිබෙන්නේ
සිවු දෙනකු කෙරෙහි පමණි.
ඒ, ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ අපේක්ෂක නාමල් රාජපක්ෂ, සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක කෙරෙහි ය.
මේ අතුරෙන් ද තිදෙනෙකු පාදක කරගනිමින් වෙරිටේ රිසර්ච් ආයතනය ඒ ඒ අපේක්ෂකයින්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂා ත්‍රිත්වයෙන් ම ඇති ඩිජිටල් මෙවලමක් වෙත පිවිසීමට අවකාශ සලසා ඇත.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන එම ආයතනය පවසන්නේ ඔවුන් ඉදිරිපත් කරන මෙම ඩිජිටෙල් මෙවලම භාවිතයෙන් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ස්වාධින අපේක්ෂක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගය අපේක්ෂක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජන බලවේගය අනුර කුමාර දිසානායක යන අපේක්ෂකයින්ගේ පොරොන්දු එයට ඇතුළත් කර ඇති බවයි.
මෙම සියලු විස්තර දැනගැනිම සදහා අදාළ ආයතනය ඉ ලින්කුවක් සහ QR කේතයක් ද සඳහන් කර ඇත.
මතු දැක්වෙන්නේ එම මාධ්‍ය නිවේදනය යි.
(සටහන - ජයසිරි අලවත්ත)
වැඩි විස්තර සදහා පහත සබැදිය භාවිතා කරන්න. දක්වා ඇති QR හරහා ද, සම්බන්ධවීමට පිළිවන.
https://manthri.lk/en/presidential-election-manifesto-2024