ලෝකයේ විවිධ රටවල විවිධ පාලකයෝ තම විරුද්ධවාදීන් (බහුතරයක් දේශපාලනමය වශයෙන්) හට විවිධාකාරයේ තාඩන පීඩන එල්ල කිරීමේ
සිට ඔවුන් අතුරුදන් කිරීම දක්වා වූ ක්රියාමාර්ගවලට (මෙය අතුරුදන් කිරීම යැයි හැඳින්වුව ද එය ඝාතනයට ලක් කිරීමකි.
එය ‘අතුරුදන් කිරීම’ ලෙස අර්ථ ගන්වන්නේ අදාළ පුද්ගලයාගේ හෝ කණ්ඩායමේ මළ සිරුරු හෝ සොයාගැනීමට නොහැකි බැවිනි.) පෙළඹෙති.
මෙවන් රාජ්ය පාලකයන් අතුරෙන් ප්රමුඛස්ථානයක් ඉසිලුවේ සහ දැනුදු උසුලන්නේ හිට්ලර් නම් ඒකාධිපති පාලකයා ය. එතැනින් ඇරඹෙන ලයිස්තුව කාම්බෝජයේ (පසුව කම්පුචියාව) පාලනය කළ පෙල්පොට්, උගන්ඩාවේ ඉඩි අමින්, ඉතාලියේ මුසලෝනි, චිලි දේශයේ පිනෝචේ යනාදි ලෙස හැඳින්විය හැකි ය.
නමුදු මේ ඉදිරිපත් කරන්නට සුදානම් වන්නේ ඒ කිසිදු රටක නොව ශ්රී ලංකාවේ (විශේෂයෙන් ම උතුරු නැගෙනහිර) පුද්ගලයන් අතුරුදන් කිරිම පිළිබඳ වාර්තාවකි. මෙම වාර්තාවට අනුව නම් මේ වන විට රටක ජනගහනයෙන් පිරිසක් අතුරුදන් කළ රටවල් අතුරෙන් ලංකාව දෙවන ස්ථානය හිමි කරගෙන තිබේ.
මතු පළවන විඩියෝවෙන් ඉදිරිපත් කෙරෙන්නේ එලෙස අතුරුදන් වුවන්ගෙන් අල්ප පිරිසකගේ කතාව ය.