සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස දෙරණ 360 වැඩ සටහන සඳහා සහභාගි වන බව සඳහන් පූර්ව ප්රචාරක විඩියෝවක් අදාළ නාලිකාව විසින්
පසුගිය දින කිහිපය තුළ විකාශනය කරන ලදී.
නමුත් එම වැඩ සටහනට සජිත් ප්‍රේමදාස සහභාගි නොවන බව කල් තියා ම දැනුම් දී ඇති බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ලෙකම් ඒරානන්ද හෙට්ටිආරච්චි සඳහන් කරයි.
හෙතෙම එම කරුණු අනාවරණය කළේ ඊයේ නිකුත් කළ මාධ්‍ය නිවේදනයකිනි.
''නොඑන බව කලින් ම දැන්වූවා'' - ඒරානන්ද හෙට්ටි ආරච්චි
දෙරණ නාලිකාවේ අධ්යක්ෂ යුවරාජ් අතුකෝරල වෙත යැවූ ලිපියකින් මේ පිළිබඳව දන්වා ඇති බව එහි සදහන් වේ.
මතු දැක්වෙන්නේ සමගි ජන බලවේගයේ මාධ්‍ය ලෙකම් ඒරානන්ද හෙට්ටිආරච්චි විසින් දෙරණ නාලිකාවේ අධ්යක්ෂ යුවරාජ් අතුකෝරල වෙත යවන ලද ලිපිය යි.
''නැහැ අපිට එසේ දැන්වූයේ නැහැ'' - යුවරාජ් අතුකෝරල
මෙම ලිපියට අදාළ පිළිතුරු ලිපියක් ද දෙරණ නාලිකාවේ අධ්යක්ෂ යුවරාජ් අතුකෝරල විසින් ඒරානන්ද එහෙට්ටිආරච්චි වෙත යවනු ලැබ ඇත.
එම ලිපියේ සඳහන්වන පරිදි ඒරානන්ද එහෙට්ටිආරච්චි සජිත් ප්‍රේමදාස වෙත දුරකතන ඇමතුමක් දුන් විට සජිත් ප්‍රේමදාස එම ආරාධනය පිළිගෙන ඇත; පිළිගෙන එය සජිත්ගේ දින පොතෙහි ද සටහන් කරගත් බවට සජිත් නිමේෂ් නමැති පුද්ගලයකු යුවරාජ් අතුකෝරල වෙත දැනුම් දී ඇත.
අනතුරුව කිහිප වතාවක් ම යුවරාජ් අතුකෝරල සජිත් ප්‍රේමදාස ඇමතු කිසිම අවස්ථාවක අදාළ වැඩසටහනට සජිත් ප්‍රේමදාස සම්බන්ධ නොවන බවක් පවසා නැත.
මේ සමග දෙරණ නාලිකාවේ අධ්යක්ෂ යුවරාජ් අතුකෝරල විසින් ඒරානන්ද එහෙට්ටිආරච්චි වෙත යවන ලද ලිපිය ද අමුණන්නේ පාඨකයන්ගේ දැනගැනිම පිණිස ය.